Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 04 වන සෙනසුරාදා
එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ආරම්භ කළ සහන ණය වැඩසටහන්, රාජ්‍ය ආයතනවල සමාජ වගකීම් වැඩසටහන් සහ ජනාධිපතිවරණයට ආසන්න දිනවල දුන් රැකියා 7,000ක් අත්හිටුවීමට නව ආණ්ඩුව පියවර ගෙන ඇත.
ඒ අනුව නව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා බැංකු, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ව්‍යවසායවලට මේ තීරණය චක්‍රලේඛ මගින් දැනුම් දී ඇත.
එම ව්‍යාපෘති අතර ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ රාජ්‍ය බැංකු හරහා ක්‍රියාත්මක කළ සහන ණය වැඩසටහන් 11 ක් ද අත්හිටුවා තිබෙන අතර ණය වැඩසටහන් අත්හිටුවා ඇති බවත් අයඳුම්පත් සලකා බැලීම හා ඉදිරි පියවර ගැනීම අත්හිටුවා ඇති බවත් රාජ්‍ය බැංකු සඳහන් කළේය.
ව්‍යාපෘති නිලධාරීන්, කළමනාකරණ සේවා කාර්යමණ්ඩල සහ සංවර්ධන නිලධාරී තනතුරුවලට නව පත්වීම් නොකරන ලෙස මහ භාණ්ඩාගාරය රජයේ ආයතනවලට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරණය හේතුවෙන් එම පත්වීම තාවකාලිකව අත්හිටුවා තිබිණි.
අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, සංස්ථා සභාපතිවරුන්ට සහ අදාළ නෛතික, බලයත් හා අධිකාරී මණ්ඩලවලට අදාළ චක්‍රලේඛ යවා තිබේ. නැවත දැනුම් දෙනතුරු නව පත්වීම් නොකරන ලෙසද උපදෙස් දී තිබේ.
මේ අනුව නව පත්වීම් 7,000කට ආසන්න සංඛ්‍යාවක් අත්හිටුවා ඇතැයි ද මහා භාණ්ඩාගාරයේ නිලධාරියෙක් පැවැසීය.
නැවත දැනුම් දෙනතුරු බඳවා ගැනීම් නොකරන ලෙස ද තවත් චක්‍රලේඛයකින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් දී තිබේ.
විභාග සහ සම්මුඛ පරීක්ෂණවලින් කළමනාකරණ සහායක තනතුරු සඳහා තෝරාගත් සියගණනකට මේ තත්ත්වය යටතේ කුමක්වේද යන්න ද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තාවේ.
ජේලර්, බන්ධනාගාර නියාමක/ නියාමකවරියන් සහ ආදී තනතුරුවලට කෙරුණු නව පත්වීම් 1,300ක් ද අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ජනාධිපතිවරණයට පෙර එම තනතුරුවල පුරප්පාඩු සඳහා අයඳුම්පත් කැඳවා තිබේ.
රාජ්‍ය ව්‍යවසායවල සමාජ වගකීම් ක්‍රියාකාරකම් අත්හිටුවන්නැයි තවත් චක්‍රලේඛයක් යවමින් මහ භාණ්ඩාගාරය උපදෙස් දී තිබේ. රජයේ සංවර්ධන අරමුණු ළඟා කරගැනීම සඳහා කිසිදු පැහැදිලි අරමුණක් නොමැතිව රාජ්‍ය ව්‍යවසාය අනුග්‍රහ, පරිත්‍යාග සහ දැන්වීම් ආදිය ඇතුළුව සමාජ වගකීම් ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කර ඇතැයි ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.
තවදුරටත් සමාජ වගකීම ක්‍රියාකාරකම් සිදුකළහොත් සහ උපදෙස් නොපිළිපදිමින් කටයුතු කළහොත් ප්‍රධාන ගිණුම්කරණ නිලධාරියා, කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන් සහ ප්‍රධාන විධායක නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බවත් එහි සඳහන් වේ.
රාජ්‍ය සේවකයන්ගේ සියලු විදෙස් සංචාර අත්හිටුවමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉකුත් දා චක්‍රලේඛයක් නිකුත් කළ අතර පරිපාලන ක්‍රියාපටිපාටි දැඩිව අනුගමනය කළ යුතු යැයි ඒවා පසුව සංශෝධනය කෙරුණි.
ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ට විදෙස් සංචාරවලට අදාළ සියලු ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් පසුව සහ අදාළ දෙපාර්තමේන්තුවල අනුමැතිය ලැබීමෙන් පසු ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු හෝ අධ්‍යාපන සංචාරවල නිරත විය හැක.
මේ අතර, පසුගිය ආණ්ඩුවේ ගම්පෙරළිය ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන වැඩසටහන් නැවත විමසා බලමින් සිටින බවද භාණ්ඩාගාර නිලධාරීහු සඳහන් කළහ. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව මෙම ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 48.81ක මුදලක් වෙන් කර තිබිණි.
සන්ඬේ ටයිම්ස් ඇසුරිනි
055
bw dayarathne Sunday, 24 November 2019 05:20 PM
ඔබට සතුටුයිද දැන්?
Reply : 530 667
Rasika Pradeep Monday, 25 November 2019 04:17 AM
ගොඩක් සතුටුයි මහත්තයෝ. ඔය ඔක්කොම ඡන්දය බලොරෝත්තුවෙන් කරපු දේශපාලන පත්වීම් මිසක් සාදාරණ ක්‍රියාපටිපටියකට පුරප්පාඩු පදනම් කරගෙන සුදුසුකම් මත කරපු පත්වීම් විය නොහැකි. මෙවැනි පත්වීම් රටට බරක්. රට ආපස්සට යන්න, රජය සේවය අකාර්යක්ෂම වෙන්න බලපාන මුලිකම හේතුව මේක. අතිරික්ත සහ නුසුදුසු සේවකයන් පත්කිරීම වහාම නවතාලිය යුතුයි. ඒ හින්ද මේ තීරණය ගැන ගොඩාක් සතුටුයි.
Reply : 295 272
Nishan Wednesday, 27 November 2019 10:25 PM
රස්සාවල් නැති කරන කොටස විතරද දැක්කේ? අර සහන පොලියට ණය දෙන වැඩසටහන් නවත්වන එක දැක්කේ නැතැයි? දේශීය ව්‍යවසායකත්වය දියුණු නෙවෙනවටත් ඉරිසියාද? ගිය ආණ්ඩුව ගත්ත 7000ක් එළියට දාලා මේ ආණ්ඩුවට කඩේ ගිය 7000කට ඒ රස්සා දෙයි. එළියට දාන්න හේතුව කියන්නේ මේක. එ්ත් ඇතුළට ගන්නේ හොරෙන් හේතුත් නැතුව...
0 0
Kumara Sunday, 24 November 2019 06:17 PM
අනිවාර්යයෙන් පන්දම් කාරයින්ගේ පන්‍දම නිමිය යුතුයි.. රට හදන අපේ ජනපති ගෝඨාබය මහතාට ජය වේවා!!! JVP අය දැන් රෙදි නැතිව එයි.
Reply : 1040 606
sugath Sunday, 24 November 2019 11:12 PM
ඔය වැඩේ මීට පෙර තිබු හැම ආණ්ඩුවක්ම කරපු දෙයක්. නමුත්, විශේෂයෙන්ම තරුණ තරුණියන්ට රැකියා දිය යුතුයි. පසුගිය ආණ්ඩුවේ පන්දම් කාරයින්ට දුන් රැකියා අත්හිටවා, මේ ආණ්ඩුවේ පන්දම් කාරයින්ට රැකියා දීමයි ඊළඟට සිදුවන්නේ.
Reply : 502 251
chandana Monday, 25 November 2019 03:12 AM
මේ ක්‍රමය දැන්වත් නැවතුණොත් හොඳයි. මහින්දලා මේවා තොගපිටින් කළේ... එහෙම තෙල් සංස්ථාවේ රස්සාව ගත්තු අය මගේ අහළ පහළ. රස්සාව ගත්තා විතරක් නොවේ රස්සාවට යන්නේ නැතිව දේශපාලනය කළේ 10-15 කාලේ. මෙවරත් බැහැලම වැඩකළා පොහොට්ටුවට. නමුත් යහපාලනය ඒවා නැවැත්වුවේ නැහැ. ඒක වරදක්.. දැන් මිනිස්සු කතා කරන්නේ 2010-2015 කිසිම වරදක් නොවුණු විදිහට. හොරුන්ට දඬුවම් දුන්නේ නැති නිසානේ ගෙදර යන්න වුණේ..
Reply : 188 486
sampath Wednesday, 27 November 2019 11:13 AM
මේ පත්වීම් දෙන්න... එ්ත් මේවට අභියාචනා හෝ විරෝධතා ඇත්නම් ඉදිරිපත් කිරීමට අනෙක් අයට කාලයක් ලබා දෙන්න. රාජ්‍ය සේවය දුවන්න පුරප්පාඩු පිරවිය යුතුයි. තරග විභාගවලින් ගෙනාපු අය නම් කමක් නැහැ.
Reply : 0 0