රංජන් කස්තුරි
ග්ලයිෆොසේට් තහනම ඉක්මණින්ම ඉවත්කරන්නැයි ද එසේ කළ නොහැකි නම් විකල්පයක් සොයා ගන්නා තුරු හෝ තාවකාලිකව තහනම ඉවත්කරන්නැයි ද විද්‍යාඥයින් ඇතුළු විද්වතුන් පිරිසක් ලිපියක් යවමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ලොව රටවල් ගණනාවක්ම වල් නාශකයක් ලෙස ග්ලයිෆොසේට් භාවිතා කරන අතර එය පිරිවැය අඩු ඵලදායකත්වය වැඩි වල් නාශකයක් යැයි ඔවුහු ජනාධිපතිවරයාට යවා ඇති එම ලිපියෙහි සඳහන් කර ඇත.
විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර,ආචාර්ය සරත් අමරසිරි,මහාචාර්ය රෝහණ මනුජිත්,මහාචාර්ය චන්ද්‍රා ධර්මවර්ධන, ආචාර්ය ජිනසිරි ප්‍රනාන්දු සහ ආචාර්ය ලයනල් ගුණරත්න ඇතුළු විද්වතුන් 23 දෙනෙකු එම ලිපියට අත්සන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා විද්වතුන් කියනවා මේකට සුජාතභාවයක් දෙන්න. හැබැයි ග්ලයිපොසෙට් නිර්මාපකයන් වන මොන්සැන්ටො සමාගමේ වාර්ශික ග්ලයිපොසෙට් ලාභය ඩොලර් බිලියන පහය ඉක්මවනවලු. එහිදි ඔවුන්ගේ නිෂ්පාදනවලට සුජාතභාවය දෙන්න ලෝකේ කීර්තිමත් විද්‍යාඥයින් මුදලට අාත්මය පාව දී පසුව පාපොච්චාරනය කරපු අවස්ථා එමටයි. මා කියවලා තියනවා. ග්ලයිපොසෙට් අාවේ 1970 දී. එතකන් මේ ලෝකේ මිනිස්සු ජීවත් වුනේ නැද්ද. ගොවිතැන් කලේ නැද්ද. හැබැයි මෙයාලා නම් ග්ලයිපොසෙට් නිසා ජීවත් වෙන බව පේනවා. ඔවුන් ඉදිරිපත් කරනනවා ග්ලයිපොසෙට් භාවිතා කරන රටවල් ටිකක් හැබැයි නියම රටවල් ලංකාවටත් වඩා නැත්තටම නැතිවුන රටවල් ටිකක් තමා ඉදිරිපත් කරන්නේ. සමහර රටවල් මේක තහනම් කරලා තියෙන්නේ මේකේ අවුලක් තියන නිසානේ. නිෂ්පාදිත අැමරිකාවේ පවා.
මේ උදවිය ගොවිතැන් කරන අයද?
තහනම ඉවත් කීරීම වැරදියි. කලින් ලංකාවේම වාර්ථාවක් තමයි කිවුවේ ඔය වල් නාශකය නිසා වකුගඩු ලෙඩ හැදෙනවා කියලා. දැන් ඒක වෙනස් වෙලාද?
බොහෝ බටහිර රටවල් ග්ලයිෆොසේට් පිළිකාකාරක රසායනික ලැයිස්තු වලට ඇතුලත් කර ඇත.. අන්තර්ජාලය බලන්න
සෑහෙන අමාරුවෙන් වගේ ඉන්නේ ගොවීන්ට වඩා වෙලකට බැහැපු නැති අය. බහුජාතික සමාගම් නොදියුණු රටවල් පාලනය කරන ආකාරය හොඳට බලාගන්න.
කොච්චර උගත් වුනත් මේක නැවත ඉල්ලන්නේ එයාලට ඕනේ නිසානේ. ඔය සමහර උගතුන්ගේ තියෙන යටිකුට්ටු වැඩ අපිට තේරෙන්නේ පසුවට.
මිනිසුන් මැරුනත් රෝගින් වුනත් අපට මොකෝ අපේ බඩ කට පිරෙනවානම් කියන පිරිසක් තමයි මෙම ඉල්ලීම කරල ඇත්තෙ කියල මට හිතෙනවා. ගොවිතැන් කරන ප්‍රදේශයක සිටින මම දැකල තියෙනවා මේ රසායන හා රසායන පොහොර යෙදු කුඹුරුවල ජලය මතුපිට තෙල්වැනි දේ තිබෙනවා. ඒවා ජලයට මිශ්‍ර නොවෙනවා කියන්නෙ කොහොමද වල් නාශක ජලයට මිශ්‍ර වීමෙන් කදුකර පෙදෙස්වල නැතත් තැනිතලා පෙදෙස්වල ජලය අපිරිසිදු වෙනවා එහෙම නොවෙනවා කියන මෙතුමන්ලා ගැන හරි කණගාටුයි. මම හිතනවා මීඋණ ඇතිවෙන්නෙත් මේ වල්නාශක නිසා කියල.
නිත්‍යානුකුල තහනම බල පැවැත්වෙන්නේ 2015 සිට. මේ කියන විකල්පය 2015 වේ සිට හොයාගන්න බැරි වුනාද? මේගොල්ලෝ කතාකරන විකල්පය හොයාගන්න තව අවුරුදු කියක් ඉල්ලනවද? පාර්ලිමේන්තුවේ නුගත් අය හිටියට පොදු මහජනයා ඊට වඩා බුද්ධිමත්.
වෛද්‍ය තිලක් ග්ලයිෆොසේට් වලිනුත් වෙදකම් කරනවද. ඔහුට මේ සදහා ඇති අමාරුව මොකක්ද. මේ ලිස්ට් එකේ ඉන්න විද්වතුන් කියන අය ගැන සොයා බලන්න. කෘෂිකාර්මික වකුගඩු රෝගයට විතරක් නෙමේ, වෙනත් රෝග සහ පිළිකා වලටත් ග්ලයිෆොසේට් හේතුවෙන බව අපේ රටේ වගේම වෙනත් රටවල දීර්ග කාලීන පර්යේෂණ වලින් සොයාගෙන තිබෙනවා. බොහෝ රටවල් මේවා තහනම් කර තිබෙනවා. බහුජාතික සමාගම් කෙසේ හෝ අපේ වගේ දුප්පත් රටවල මේවා අලෙවි කරගන්න උත්සහ කරනවා. ඒ සදහා ඔවුන් මුදල් වලට ඇතැම් වෛද්‍යවරුන් විද්වතුන් පවා යොදා ගනිමින් රට වල ජනතාව සහ රජයන් රවට ගන්නවා.
මේ වල් නාශකය ගැන කරුණු නොදැන විවිධ අදහස් දක්වන අය සිටී. කල් ඉකුත් වීමත් සමග මෙය නිපදවනු ලැබූ ඇමෙරිකානු මොන්සන්ටෝ සමාගමට එහි ඒකාධිකාරය නැතිව ගියා. ඉන්පසු චීනය මෙය මහා පරිමාණයෙන් නිපදවීමට පටන්ගත්තා. දැන් ලෝකයට ග්ලයිෆොසේට් සපයන ප්‍රධාන සැපයුම්කරු චීනයයි. තවද ඔවුන්ගේ නිෂ්පාදන වියදම අඩු බැවින් මොන්සන්ටෝ සමාගමට ඔවුන් සමග තරඟ කල නොහැක. එබැවින් මේ වන විට ඔවුන්ගේ ලාභය අන්තිමටම පහල වැටී ඇත. මේ සියලු දුෂ්ට ප්‍රචාර ඒ නිසයි. මොන්සන්ටෝ ඒකාධිකාරය තිබු අවධියේ ඔය කියන විද්‍යාඥයෝ සිටියේ කොහිද? ලෝකයේ මෙතෙක් නිපදවූ ඉතාමත් කාර්යක්ෂම වල් නාශකය මෙයයි. ඒ ගැන කිසිදු තර්කයක් නැත. එසේම මිනිසා ඇතුළු ක්‍ෂිරපායින්ට අඩුම විසක් ඇති රසායනිකයත් මෙයයි. මේ නිසා වකුගඩු රෝග හෝ වෙනත් ආබාධ ඇතිවන බවක් මෙතෙක් ඔප්පුවී නැත. ඇමෙරිකාවේ මෙය තහනම් කර නැත. වෙනත් දියුණු රටවලද තහනම්කර නැත. එසේ නම් මෙය තනිකරම බටහිර ජාතීන්ගේ චීන විරෝධී මාෆියාව නොවේද? ඔබම සිතා බලන්න.
අද මෙම මහා රසායනික විනාසය නිසා අද මුළු රටම නිදන්ගත අංගවිකල රෝගීන් එන්න එන්නම වැඩිවෙලා ඔය ඕව තහනම ඉවත් කරන්න කියන , අයගේ කාටවත් මේවා බලපාන්නේ නැහැ. අද භුතානය කිසිම වල්නාශක කෘෂි රසායනික පොහොරක් බාවිතා කිරීම සපුරා තහනම් මෙන්න ඉගෙන ගන්නවානම් පාඩම් පුරවාදර්ශ. ඔය අපරාදය කරන්න ඉඩ දෙන්නම එපා. ඕව කොහේ පාවිච්චි කලත් අන්තිමට සේදිලා යන්නේ මුහුදට මහා මුහුද යනු අපේ සියලු දෙනාගේම මහා සම්පතක්. හෙට උපදින දරුවන් අංග විකලයින් කර රට දියුණු කරන්නද හිතන් ඉන්නේ ?
විෂ නැත්නම් ඒ බව තහවුරු කරන්න
මෙතන අදහස් දාන කිසි කෙනෙක් ග්ලයිෆොසේට් පාවිච්චි කරන හෝ අවශ්‍යතාවයක් ඇති අය නෙමෙයි. ඒ අයට ග්ලයිෆොසේට් තිබුනත් එකයි නැති වුනත් එකයි. බොරුවට බයවෙලා අදහස් දානවා විතරයි. අවශ්‍ය කෙනෙක්ගෙන් කවදාකවත් අදහස් විමසනවා දැකල නෑ. ජීවිතේට වල් නාශකයක් පාවිච්චි නොකළ අය තමයි මෙතන අදහස් දාන්නේ. භූගත කඳන් තියෙන ඉලුක් වගේ ශාක මර්දනයට අපිට ග්ලයිෆොසේට් අවශ්‍යයි
සේනාධි ගැන දුකයි. ඉලුක් වැවිලා තිබේනම් බිම කොටලා මුල් ඉවත් කරන්න. නැවත කිසිදා පැලවෙන්නේ නැහැ. අත්දැකීම් ඇතිව කිව්වෙ