IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘ගුරු හිගයට කඩිනම් විසඳුම් දෙන්න‘

(උපුල් තම්මිට)

උතුරු පළාතේ වැලිඔය අධ්‍යාපන කොට්ඨාසයේ  පාසල් හි පවතින ගුරු හිඟය හේතුවෙන් සිසුහු දුෂ්කරතා රැසකට මුහුණ දී ඇතැයි වාර්තා වේ. 

වැලිඔය අධ්‍යාපන කොට්ධාසයේ  පාසල් අටක් ඇති අතර මේ සදහා ගුරුවරුන් එකසිය හතළිස් හත්දෙනෙකුගේ හිගයක් පවතී.

ගුරු හිඟයට තාවකාලික පිළියමක් ලෙස උසස් පෙළ සමත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් විසි නවදෙනෙකුද,  කොන්ත්‍රාත් පදනම මත  ගුරුවරුන් හතළිස් තුන්දෙනෙකුද වැලිඔය පාසල් සඳහා අනියුක්ත කර ඇතත් වැලිඔය ජනපදයේ දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීමට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ගුරුවරුන් සහ සිසුහු පවසති.

මීට අමතරව දැනට පවත්වාගෙන යන පාසල් අට සදහා ශ්‍රේණිධාර විදුහල්පතිවරුන් අට දෙනෙකු අවශ්‍ය වී ඇතත් වැඩබලන විදුහල්පතිවරුන් වශයෙන් පස්දෙනෙකු කටයුතු කරන බවද  ඔවුහු පවසති.

මෙවැනි තත්ත්වයක් තිබියදී වැලිඔය වැනි අතිශය දුෂ්කර ගොවි ජනපදයක දු දරුවන්ගේ අනාගතය පිළිබඳව අවිනිෂ්චිත තත්වයක පවතින බව  සිසුන්ගේ මව්පියෝ  පවසති.

පසුගිය යුධ සමයේදී වැළිඔය ජනපදයේ සියලුම පරිපාළන කටයුතු අනුරාධපුර දිසිත්‍රික්කයෙන් සිදුවූ බව පෙන්වාදෙන ඔවුහු යුද සමයට වඩා වර්තමානයේ  අධ්‍යාපන කටයුතු පිරිහී ඇතැයි පවසති.  

උතුර- උතුරුමැද හා නැගෙනහිර පළාත් වලට මෙන්ම අනුරාධපුර,මුලතිව්,වවුනියාව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක මායිමේ වැලිඔය ජනපදය පිහිටීම හේතුවෙන් වැලි ඔයට කුඩම්මාගේ සැළකිලි ලැබෙන බවද කඩිනමින් මේ සඳහා විසඳුමක් ලබා දෙන ලෙස ඔවුහු අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. 



අදහස් (1)

‘ගුරු හිගයට කඩිනම් විසඳුම් දෙන්න‘

rocky Sunday, 11 March 2018 01:13 PM

දේශපාලු උත්තමයන්ට කීවොත් ඔය කාව කාව හරි පත් කරාවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site