IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගැබිණි මව්වරුන්ගේ වවුචරය ඩිජිටල් වෙයි

(ඩයනා උදයංගනී)

ගැබිණි මව්වරුන්ට පෝෂණ දීමනාවක් ලෙස මාසිකව ලබාදෙන රුපියල් 2000ක වවුචරය ඩිජිටල් වවුචරයක් ලෙස ජංගම දුරකථනය හරහා ලබාදීමේ ක‍්‍රමවේදයක් ඉදිරියේදී ආරම්භ කරන බව අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසයි.

ඒ අනුව ලියාපදිංචි ගැබිණි මව්වරුන්ට මාසිකව ඩිජිටල් වවුචරයක් ලෙස මෙම මුදල තමන්ගෙ ජංගම දුරකථනයට ලැබෙන අතර එය වෙළදසල් හිමියන්ට ඉදිරිපත් කර භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව පවතී.

එමෙන්ම වෙළදසල් හිමියන්ට ද තමන්ගේ ජංගම දුරකථනය හරහා වවුචරයට අදාළ මුදල තමාවෙත ලබා ගැනීමට හැකියාව ලැබෙන බව එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ගැබිණි මව්වරුන්ගේ පහසුව පිණිස ඕනෑම දුරකථන ජාලයක් හරහා මෙය ක‍්‍රියාත්මක කළ හැකි වන පරිදි සැලසුම්කර ඇතැයි ද එහි සදහන් වේ.මෙහි අත්හදාබැලීමේ වැඩසටහනක් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් තුළ තව නොබෝ දිනකින් ක‍්‍රියාත්මක කරවීමට නියමිතය.

රජයේ දින සියයේ වැඩසටහන යටතේ ගැබිණි මව්වරුන්ට පෝෂණ දීමනාවක් ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ වූ අතර, ඒ අනුව මාසිකව රුපියල් දෙදහසේ වාරික ලෙස රුපියල් 20,000ක් දක්වා පෝෂණ දීමනාවක් ලබාදීම මෙහිදී සිදු කෙරේ.

මෙතෙක් කල් ක‍්‍රියාත්මක වූයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබාගන්නා වවුචර පතක් වෙළදසැල් හිමියන්ට ලබා දී අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ ක‍්‍රමවේදයකි. 

අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සමග විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ප‍්‍රධානත්වයෙන් නව වැඩසටහන ක‍්‍රියාත්මක වේ.



අදහස් (1)

ගැබිණි මව්වරුන්ගේ වවුචරය ඩිජිටල් වෙයි

දිනේෂ් Tuesday, 11 July 2017 12:21 PM

රටේ ජනගහයට වඩා අපේ රටේ ජංගම දුරකථණප තිබුනට තවම ජංගම දුරකථණයක් නැති අහිංසක මිනිස්සු මොන තරම් මේ රටේ ඉන්නව? ඒ අයට ගන්න වැඩපිලවෙල මොකක්ද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site