ආරියරත්න රණබාහු සහ ජයන්ත සමරකෝන්
කොළඹ මහ නගර සභාවට අයත් සියලු ක්‍රීඩා පිටි මැයි දින රැස්වීම් වලට හැර වෙනත් දේශපාලන රැස්වීම් සඳහා ලබා නොදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්.පි.එම් ඉක්මාල් මහතා පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙය වීමෙන් අනිද්දා (5) පැවැත්වීමට නියමිත ජන බල මෙහෙයුම සඳහා ක්‍රීඩා පිටි නොදීමට නගර සභාව කටයුතු කර ගෙන යන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරු නගන චෝදනාව සම්බන්ධයෙන් කළ විමසුමකදී පිළිතුරු දෙමින් ඒ මහතා එසේ පැවැසීය.
COMMENTS
මම රාජපක්ෂ වාදියෙක් නොවෙමි නමුත් පස්වෙනිදා උද්ගෝෂණය ගැන ආණ්ඩුවේ බය කොතරම්ද කියා වැටහේ.
මොකද මේ එක පාරටම මෙහෙම තීරණ ගන්නේ. යුඑන්පී එකට සුගතදාස පිටියත් නොදී ඉන්න තිබුනණේ.
මේ කරන වැඩ වලින් කවදාහරි ඔබලාත් දුක් විඳිනවා. කවද හරි වෙන ආණ්ඩුවක් අපුදාට මේ සියලුම නීති පාරාවළල්ලක් වගේ ඔබලාටත් එනවා. එදාට වෙන්නේ දැන් විපක්ෂේ වගේ පාරට වැටිලා දඟලන්ට තමා.
ඔව් ඔව් ඒක හොදයි මොකද මහින්ද මහතාගේ දේශපාලන රැස්වීම් වලට ගෝල්ෆේස් පිටිය පමණයි හරියන්නේ අනික් ක්‍රීඩා පිටි ප්‍රමාණවත් නැත.
කොළඹ මහ නගර සභාවට අයත් සියලු ක්‍රීඩා පිටි දේශපාලන රැස්වීම් සඳහා ලබා නොදීමට තීරණය කරලා නම් ඒක වැරදි තීරණයක්. මැයි දින රැස්වීම් වල සහ දේශපාලන රැස්වීම් වල වෙනස මොකද්ද?
දන්න සෙල්ලම් ඔක්කොම දැම්මත් ජනතා බලවේගයන් නතර කිරීමට නොහැකිය
මැයි දිනයට උනත් දෙන්නේ මොකටද ? කම්කරු දිනයේ දේශපාලනික රැස්වීම් මොකටද ?
මේ ප්‍රතිපත්ති නිසා රට සුඛිත මුදිත වෙලා තියෙනවනේ. මේ කට්ටිය හිටවල වෙඩි තියන්න ඕනේ රටට කරන නස්පත්තියට......
දෝරෙ ගලන ප්‍රජාතන්ත්‍රවාදය ..බොරු සෝබන විතරයි
පිළිමළුන් පිටූ දැකීමට බාළ සහ නොමේරූ ක්‍රම භාවිතා කිරීම
2015 ජනවාරි 8 කලින් හිටපු ආණ්ඩුවත් මේ වගේම අනුවන තීන්දු තීරණ රැසක් ගතට. එත් අන්තිමට මොකද වුණේ? මේ ආණ්ඩුවටත් වෙන්නේ එකම තමයි..දැනටමත් බය වෙලා කියල කරන ගොන් වැඩ වලින්ම පේනවා
ඒ තීරණය වැරදි. ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි. වහාම ඒ අයට අවශ්‍ය ඕනෑම තැනක් ලබාදී ඕනෑම උද්ඝෝෂනයකට ඉඩකඩ ලබාදී පූර්ණ ආරක්‍ෂාවද ලබාදිය යුතුයි. එවිට ජනතාව සුදුසු දේ තීරණය කරාවි. එයයි යහපාලනය.