බන්දු තඹවිට
වැසි සහිත කාලගුණයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 10 ක ,ග්‍රාම නිලධාරී වසම් 120ක පවුල් 1278 කට අයත් 4666 දෙනෙකු අවතැන් වී ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පවසයි.
කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, කළුතර, අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල, වලල්ලාවිට, බණ්ඩාරගම, දොඩන්ගොඩ, හොරණ සහ මිල්ලනිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 10 ට මෙම කාලගුණ තත්ත්වය වැඩි වශයෙන් බලපා ඇති අතර එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල නිවාස 3 කට පුර්ණ හානි සිදුවී තිබේ. අර්ධ හානි වූ නිවාස ගණන 42 කි.
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දියේ ගිලීමෙන් සිදුවූ එක් මරණයක් වාර්තා වන අතර ආරක්‍ෂිත ස්ථාන 12 ක පවුල් 119 කට අයත් 501 ක් දෙනෙකු අද සවස් වන විට රැදී සිටි බවද කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
133
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුතර 4600ක් අවතැන්