IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කෘෂිකර්ම අමාත්‍යංශය යළි පරණ තැනටම

(විනීතා එම් ගමගේ)
කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා ලබාගෙන ඇති රාජගිරියේ ගොඩනැගිල්ලේ බදු ගිවිසුමෙන් ඉවත්ව යළි ගොවිජන මන්දිරයේ  ගොඩනැගිල්ලට අමාත්‍යංශය ගෙන යාමේ හැකියාව ගැන සොයා  බලමින් සිටින බව කෘෂීකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේය.

එම ගොඩනැගිල්ලට අමාත්‍යංශය ගෙන යන්නට කටයුතු සලස්වා දෙන්නැයි ඉල්ලා කතානායකවරයාට  ලිපියක් භාර දුන් බව ද හෙතෙම කියා සිටියේය. 


කෘෂිකර්ම අමාත්‍යංශයට වඩාත් සුදුසු වන්නේ අමාත්‍යංශය පෙර පැවැති රජමල්වත්ත පාරේ ගොඩනැගිල්ල බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. කෘෂිකර්ම අමාත්‍යංශය පැවැතිය යුත්තේ වගාවක් කර පෙන්විය හැකි ගොවින්ට හිතකර  පරිසරයක් ඇති තැනක් බවත් පෙර පැවැති ගොඩනැගිල්ල මේ අතින් ඉතා සුදුසු බවත් අමාත්‍යවරයා කීය. 


පාර්ලිමේන්තු ආංශික කාරක සභාවලට ලබා ගැනීමට යැයි පවසා හිස් කරගත් කෘෂිකර්ම අමාත්‍යංශය පැවැති ගොවිජන මන්දිර ගොඩනැගිල්ල එවැන්නකට පවරා ගෙන නැති බවත් මේ වනවිට එය ප‍්‍රතිසංස්කරණය කරමින් සිටින බවත් එය සිදුකරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ වියදමින් බවත් කී අමරවීර මහතා ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයෙන් කිසිදු වියදමක් නොදරන බවත් කියා සිටියේය.
            
             
            
             
            
 
 
 

 



අදහස් (6)

කෘෂිකර්ම අමාත්‍යංශය යළි පරණ තැනටම

Raveendra Thursday, 07 June 2018 11:19 AM

අපිට හරිම සතුටියි මලයාගේ අවංකභාවයට හුරේ....

:       0       12

wedage Thursday, 07 June 2018 11:24 AM

වසර පහකටම කුලිය ගෙවලා තියෙන නිසා ගොඩක් ලාබයි නිලියට

:       0       10

සතයපාල Thursday, 07 June 2018 11:28 AM

ඇමතිවරයාගෙන් ඇමතිවරයාට අමාත්‍යංශ මාරු වෙනකොට අමාත්‍යංශ ගොඩනැගිලි මාරු කරන්න පුරුදු උනොත් අමාත්‍යංශවලට වෙන වැඩක් කරන්න වෙලාවක් නැතිවේවි.

:       0       10

NUWAN Thursday, 07 June 2018 11:31 AM

කවුරු කවුරුත් එහෙට මෙහෙට බෝල පාස් කර කර ඉන්න.රටේ සල්ලි නාස්ති වෙන බව කව්රුත් දන්නේ නැහැ.මේගොල්ලන්ට තමා කතානායක චරිත සහතික දෙන්නේ.

:       0       7

gunarathna Thursday, 07 June 2018 11:39 AM

ඉතුරු අවුරුදු එකහමාර අමාත්‍යංශ ගැන කියව කියව හිටපුවම හරි.ලබන ඡන්දෙදි එජාපය එකෙන් ජාතික ලැයිස්තුවෙන් එන්ඩ බලාගෙන ඉන්න හින්ද ප්‍රස්නයක් නැහැ.

:       0       15

rocky Thursday, 07 June 2018 12:31 PM

අර අනිත් ගොඩනැගිල්ල පාවිච්ච් කළත් නැතත් ගහල තියන ගිවිසුම අනුව නිලියට දිගටම කුලිය ගෙවන්න සිද්ධ වේවි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site