(කේ ඩි දේවපි‍්‍රය )
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් හට වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව කතරගම පුදබිමට පැමිණෙන රථ වාහන සීමා කර පුජා භුමියට රැකවරණය ලබා දිමට පොලිසිය කි‍්‍රයා කර ඇත.
නිමක් නොමැතිව රථ වාහන පැමිණිම මත කතරගම පුදබිම නගරයක මෙන් පසු ගිය කාලය තුළ දිස්විය.
කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තබා තුවාල කිරීම පිණිස පැමිණි පිරිස රථයකින් පැමිණ ඇති බවට පොලිසිය සැක කරන අතර රථ වාහන විශාල ලෙස නිතර පැමිණිම මගින් කතරගමට පැමිණෙන ප‍්‍රභුවරුන්ටද මේ වැනි අයුරින් අනතුරු කිරීමට හැකි වන බැවින් බැතිමතුන්ගේ ද පුජා භුමියේද ආරක්‍ෂාව පිණිස මේ අයුරින රථ වාහන සීමා කළ බව පොලිසියේ උසස් නිළධාරියකු පැවසීය.
අද (15) නිවාඩු දිනය වු නමුත් සමාන්‍ය පරිදි බැතිමතුන් පැමිණි අතර පුජා භුමියේ රථ වාහන නොමැති වීම මත බැතිමතුන් නිදහසේ මාර්ග තුල ගමන් කරන අයුරු දිස්විය.
මේ වනවිට රථ වාහන අවසරපත් ලබා දිම සියලූම විහාරස්ථාන හා දේවාල කාර්යාලය මගින් තාවකාලිකව අත් හිටවා තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට දෙවියන් රකින්නත් වුනේ අපේ පොලිසියට.
ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී
ඔය කරලා තියෙන්නේ හිසේ රදේට කෝට්ටේ මාරු කරලා වගේ. ඔය මිනීමරු සංස්කෘතිය රටෙන් ඇතුගල දානවා වෙනුවට මොනාද මේ විකාරේ ???
දෙවියන්ටත් පොලිස් ආරක්ෂාව... මොන විහිළු වැඩද?
හලෝ අස්වයා අල්ලගන්න බැරි තරම් දුර ගිහිල්ලාය. දැන් ඔය ගේට්ටුව වහලා වැඩක් නැත.
කතරගම දෙවියනේ, මේ ගැන බලන්නේ නැත්තේ ඇයි?
පුද බිමට පොලිස් ආරක්ෂාවක් අමුතුවෙන් මොකටද..? කතරගම දෙවියන්ට ඕක ආරක්ෂා කරන්නට හැකියි..
මමත් කතරගම රාජකාරි කළා... මීට අවුරුදු 25 කට පෙර. ඒ කාලයේ මැණික් ගඟෙන් එගොඩට යන්න තිබුණේ නම්බර් 3 පාලම පමණයි. එතන හිටිය පොලිසියෙන් යාමට අවසර ලැබුනේ කිරිවෙහෙරේ හමුදුරුවන්ටයි අගමැති හෝ ජනාධිපති කතරගම අවොත් විතරයි. තව දිසාපතිටත් පුළුවන්. ගඟෙන් එහා වාහනයක් දෙකක් පමණයි. බැතිමතුන් ඉතා සාමකාමිව පුදපූජාවල යෙදුණා. නමුත් ආණ්ඩුව ඡන්ද බලාගෙන තවත් පාලම් කීපයක් ඉදි කළාට පස්සේ දේවාලේ සහ කිරිවෙහර වටේ වාහන පිරීගිය හරියට සති අන්තයට ගෝල් ෆේස් එක වගේ... බැතිමතුන්ට වන්දනා කරන්නත් බැරි වුණා... වාහනවල ශබ්දය නිසා. දේවාලේ ළඟටම වාහනයෙන් යන්න නම් කතරගම යන්න එපා... දෙවියෝ පිහිට වෙන්නේ නැහැ. නවාතැන් පොලේ ඉඳලා නොම්මර 2 පාලමෙන් පයින් යන බැතිමතුන් දෙස තමයි දෙවියන්ගේ බැල්ම වැටෙන්නේ... ඒක තමයි සම්ප්‍රදායික සුදුසුම ක්‍රමය. මට නම් ක්‍රමය අනුගමනය නොකොළොත් කතරගම ගියේ නෑ වගෙයි. ප්‍රමාද වෙලා හරි වෙනත් හේතුවකට හරි ගඟෙන් එගොඩට වාහන යාම නතර කළ එකනම් මහත් පුණ්‍යකර්මයක්.