(විනීතා එම් ගමගේ)
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමේ සිද්ධීයට බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ අධීකාරිය,මධ්‍යම පරිසර අධිකාරිය හා කොළඹ මහ නගර සභාව සම්පූර්ණයෙන්ම වගකිව යුතු යැයි පරිසර සංරක්ෂණ භාරය චෝදනා කරයි.
බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය කළමණාකරන අධීකාරිය කරන්නේ තැන් තැන්වල ඉඩම් බදු ගෙන පළාත් පාලන ආයතනයන්ට අයත් කුණු එම ඉඩමට ගෙන ගොස් දමා ඒ වෙනුවෙන් අදාල පළාත් පාලන ආයතනයන්ගෙන් මුදල් ලබා ගැනීම පමණක්යැයි පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා ලංකාදීපයට පැවැසීය.
ඝණ අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරිය මෙසේ කසල දැමීම සඳහා ඉඩම් ලබා දී දිනපතා අතිවිශාල මුදලක් ලබා ගන්නා බව කී චාමිකර මහතා ප්‍රශ්නයට විසඳුම් නොසොයා මෙසේ මුදල් ලබා ගැනීමට පමණක් මෙසේ රාජ්‍ය ආයතනයක් පවත්වා ගෙන යාම රජයේ ද බරපතල දුර්වල කමක් යැයි ඒ මහතා පවසයි.
ඉඩම් ලබා ගැනීමේදී මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත‍්‍රය ලබාගැනීම අනිවාර්ය වන අතර මධ්‍යම පරිසර අධිකාරිය කරන්නේ කිසිදු සොයා බැලීමකින් තොරව පරිසර ආරක්ෂණ බලපත‍්‍රය නිකුත් කිරීම පමණක්යැයි ද චාමිකර මහතා චෝදනා කරයි.
තව දුරටත් මෙවැනි ව්‍යසන වලට ඉඩ නොතබා සැබෑ විසඳුමක් කසල ප‍්‍රශ්නය වෙනුවෙන් ඉදිරිපත් කරන්නැයි බලධාරින් ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පවසයි.
COMMENTS
අර "පෝට් සිටි" (වරාය නගරය) හදන කොට ඔය ටික අපුරුවට පාවිච්චි කරන්න තිබුණනේ. සිංගප්පුරුවේ, ජපානේ ගුවන් තොටුපොළවල් කුණු ගොඩ උඩ හදල තියෙනේකේ කෘත්‍රිම නගරයක් හදන්න බැරිද.? කොහෙද කොමිස් නැනේ. වැඩේ උනායින් පස්සේ එකිනෙකා ඇනගන්නවා.
ජපානයේ මම ජීවත් වන ප්‍රදේශයේ කසල වලින් අපූරු දෙයක් කරනවා. ප්‍රතිචක්‍රීකරණය නොකෙරෙන අපද්‍රව්‍ය දහනය කර එයින් ලැබෙන අළු වලින් අපූරු ගඩොල් වැනි කැට වර්ගයක් නිපදවනවා. ඉතාමත් ශක්තිමත් මෙම කැට පොලව ආවරණය කිරීමට යොදාගන්නවා. අපිට මෙවන් රටවලින් උපදෙසක් ගන්න බැරිද? මෙවන් කර්මාන්ත තව බොහොමයක් ඇති බවට සැක නැහැ.
ඔය චෝදනා පත්‍රය යවන්න ඕනේ මෙදමුලනයටයි
වැරදි කරුවන්ට එරෙහිව නඩු පවරන්න. නිලධාරීන් දේශපාලකයින් එක්ක රට හූරන් කනවා...