මනෝප්‍රිය ගුණසේකර
තමන්ට එරෙහි නඩුව යාපනය මහාධිකරණයට මාරූ නොකළහොත් තමන් උපවාසයක් කරන බව කොටි සාමාජිකයින් තිදෙනෙකු කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මියට දැනුම් දුන් අවස්ථාවේදී නීතීපතිවරයා ඉදිරිපත් කළ නඩු වෙනත් අධිකරණ වලට මාරූ කිරීමට තමන්ට බලයක් නොමැති බව පවසමින් එම නඩුව ඒ අවස්ථාවේදීම විභාග කිරීමට මහාධිකරණ විනිසුරුවරිය අද පියවර ගත්තාය.
පාර්ලිමෙන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බවට කොටි සාමාජිකයින් පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි කොටි සාමාජිකයින් තිදෙනෙකු එලෙස දැනුම් දුන් විට මහාධිකරණ විනිසුරුවරිය එලෙස පියවර ගත්තාය.
2016 වර්ෂයේ කිලිනොච්චියේදී පාර්ලිමෙන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කරන ලදැයි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණි.
2025 දෙසැම්බර් මස 18
619
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
300
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටි සාමාජිකයන් තිදෙනාගේ ඉල්ලීම ඉවතට