IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


එල්ටීටීය ගැන අධිකරණ තීන්දුව යුරෝපා සංගමය ඉවත දමයි

හර්ෂණ තුෂාර සිල්වා

එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරමින් යුරෝපා සංගමයේ ඉහළ පෙළේ අධිකරණයක්   තීන්දුවක් දුන්නද එම තහනම තවදුරටත් බලපැවැත්වෙන බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් අද (26) සඳහන් කළේය. 

එල්.ටී.ටී.ඊ සංවිධානය තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකන බවත් ඊට එරෙහිව පැනවූ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බවත් යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ. 

එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමේදී සලකා බැලූ මූලික කරුණු සලකා නොබලමින් එම සංවිධානය ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අධිකරණය තීරණය කර ඇතැයි ද යුරෝපා සංගමය කියා සිටියි. 

එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ දී සලකා බලා ඇත්තේ 2011 සහ 2015 කාලසීමාව යැයි ද එහිදි 2015 සිට 2017 කාලසීමාවේදී එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් යුරෝපා සංගම් කවුන්සිලය ගත් තීන්දු කෙරෙහි අවධානය යොමු කර නැතැයි යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ. 

වසර 2009 දී ලද පරාජයෙන් පසු එල්.ටී.ටී.ඊ සංවිධානයට ප්‍රහාර දියත් කිරීමේ හැකියාවක් තිබෙන බවට කිසිදු සාක්ෂියක් යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කර නැතැයි සඳහන් කරමින් අසාදු ලේඛන ගත කර ඇති ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය ඉවත් කිරීමට යුරෝපා සංගමයේ ඉහළ අධිකරණයක් අද (25) කටයුතු කළේය. 



අදහස් (3)

එල්ටීටීය ගැන අධිකරණ තීන්දුව යුරෝපා සංගමය ඉවත දමයි

sarath Wednesday, 26 July 2017 10:36 PM

කියනකොට මෙහෙමයි කරනකොට එහෙමයි.කොයි මේ ලෝකෙම ආදරය කරන නළුවෙක් නොවන මොලේ .රට විකුණගෙන කනවා ඒවායින් රට සවාරි යනවා ,එන්නේ හිස් අතින් ,සද්ද විතරයි බල්ටි නැහැ

:       1122       839

athura Thursday, 27 July 2017 04:08 AM

හොදට බලන්න ඔක්කොමට ඉස්සෙල්ල ඔයාට මොලයක් තියනවද කියල.

:       359       1025

KamalThursday, 27 July 2017 04:56 AM

කවටයන්ගේ පුරුද්ද තමා ප්‍රවෘත්තියක් හරි හැටි නොකියවා වෛරයෙන්ම කමෙන්ට් දැමීම...

:       2       348

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 147 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 226 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1086 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site