(විනීතා එම් ගමගේ)
සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කිරීමට නියමිත සයිටම් සිසුන්ගේ උපාධි සහතිකයෙන් සයිටම් නම ඉවත් කළ බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කිරීමේ දී ඔවුන්ගේ වෛද්‍ය උපාධි සහතිකයට විශ්ව විද්‍යාලයේ නම ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය යන්න සඳහන් වෙද්දී වරහන් තුළ සයිටම් යන්නද ස`දහන් කිරීමට පෙර තීරණය කර තිබු අතර ඊට ශිෂ්‍ය විරෝධතා මතුවී තිබුණි.
එම නම ඉවත් කරන ලෙස උපදෙස් දුන් බවත් උපාධි සහතිකය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් ලැබෙනු ඇති අතර එහි සයිටම් නම සඳහන් නොවන බව සහතික කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ කොළඹ නෙළුම් පොකුණේ අද (06)පැවැති රැුස්වීමක දීය. සයිටම් සිසුන් හා මව්පියන් දැනුම්වත් කිරීම ස`දහා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
සයිටම් නම ඉවත් කරන බවට ජනාධිපතිවරයා සිය කථාවේ දී පැවසූ අවස්ථාවේ සිසුන් හා දෙමාපියන් අත් පොලසන් දෙමින් සිය සතුට පළ කරනු දැකිය හැකිවිය.




(ඡායාරූප - ගයාන් අමරසේකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් ඉවත් කළ පමණින් උපාධියේ ප්‍රමිතිය හරියනවද? ඒ තීරණය ගන්න ඕනෑ ජනාධිපතිද වෛද්‍ය සභාවද?
උපාධි සහතිකයෙන් සයිටම් නම ඉවත් කළාට නම් කමක් නැහැ. සහතිකය දිය යුත්තේ සුදුසුකම් සපුරාලු අයට පමණයි...
සයිටම් සිසුන්ටත් සයිටම් නම එපාවෙලා. මේකෙ සයිටම් එකට හතර අතේ කඩේ ගිය කණ්ඩායමට හැංගෙන්න තැන් හොයා ගන්න වෙයි වගේ....
සයිටම් ආයතනයට පින්සිද්ධ වෙන්න ලෝකෙට වෛද්‍යවරු 980ක් දායාද කළා. ඉදිරියේදී, වැයකිරීමට ඇති වියදම කොහෙන් දරුවත්, මේ ගැටලුවට උර දුන් කොතලාවල ආයතනයට අප කෘතඥ විය යුතුයි. ගොඩ නැගීමට තිබුණු ආයතනයක් කුහකයින් විසින් විනාශ කර දමා, දරුවන්වත් හෑල්ලුවට ලක්කිරීමට ගත් නින්දිත උත්සාහයත් අවසානයේ ව්‍යර්ථ වීම ගැන අපට නම් ඇත්තේ සතුටක්.. ජනාධිපතිතුමාට ඒ සම්බන්ධව ස්තුතිය පුදකළ යුතුයි. කෙසේ වුවද, අවසන් ප්‍රතිඵලය යහපත්බව තමයි මේ රටේ බුද්ධිමත් ජනතාවගේ හැඟීම... නිසි ප්‍රමිතියෙන් යුත් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන පීඨ මේ රට තුළබිහිකොට, වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සිසුන්, පිටරටවලට පටවන ඒජන්සි, දොස්තර මාෆියාවෙන් මේ රටේ දරුවන් බේරාගන්න මෙන් උසස් අධ්‍යාපන ඇමැතිතුමාගෙන් හා ජනාධිපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
කොහොමද.. මූලික සුදුසුකම් වත් නැතිව දැන් නිකම්ම උපාධියත් ලැබෙනවා... සයිට්ම් ළමයි ටික දිනුම්..!!!
ඉගෙන ගත්තු තැන නම දානවටත් සිසුන් අකමැති නම් ඉගෙනුමේ තරම හිතාගන්න හැකියි. වංචනික ආයතන, වංචනික දේශපාලන බලධාරීන් එක්ව සිසුන් ගණනකගේ අනාගතය විනාශ කරලා දැම්මා. කොහොම නමුත් මෙසේ හෝ අවසන් වීම ගැන සතුටුවෙමි.
ජෝන් කොතලාවල මහතා අද ජීවත්ව සිටියේ නම්, ඔහු නිසැකව මේ ගැන සතුටට පත්වනවා ඇත. මීළඟට කල යුත්තේ අනිකුත් උපාධි මෙන්ම, වෛද්‍ය උපාධියද ප්‍රමිතියක් ඇතිව ප්‍රදානය කිරීම සඳහා අනිකුත් පුද්ගලික අංශයේ ආයතන වලට ඉඩ ලබාදීමයි. සයිටම් ආයතනයට වුණත්, ප්‍රමිතියක් ඇතිව වෛද්‍ය උපාධිය ප්‍රදානය කිරීමට අනාගතයේදී ඉඩදීමේ වරදක් නැති බවයි මගේ හැඟීම...
තමන් මුදල්ගෙවා ඇතුල්වි ඉගෙනගත් ආයතනයේ නමට අකමැති අය රොගින් ගැන බැලිම කොහොම වෙයිද? කොහොම වුනත් උපාධි කඩය වැ සිම ලොකු දෙයක්
2011 න් පසුව සයිටම් ආයතනය පවා C 2 හා S සමාර්ථය අවම සුදුසුකම ලෙස බඳවා ගෙන තිබෙදිත්, වැඩි ප්‍රමිතිය ඇති කිරීමට ගොස් තිබුන ප්‍රමිතියවත් නොමැති වීම ගැන පන්ඬිතයින්ට වගේ වගක් නැහැ වගෙයි. S තුන අවම සුදුසුකම ලෙස. මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මින් පසුව බිහි කිරීම වැලක්වීම සඳහා කුහකයින් අනුමත කල, අමනොඥ ක්‍රියාමාර්ගයේ ප්‍රතිපලය තමයි මේ. කවදා හෝ ඉස්මතුවෙන සත්‍ය ඉදිරියේ සමහරක්ට කෙදිනක හෝ හකුලා ගන්නට සිදුවෙන බව අපි නම් දැනගෙන ගොඩක් කල්. සයිටම් වෛද්‍ය සිසුන්ව කොතලාවල ආයතනයට අනුයුක්ත කිරීම අපි අගය කරමු.
පහුගිය කාලේ, මහපාරේ තප්පුලමින්, අට්ටාලවල බැඳලා හිටපු මී හරක් රැල වැඩි ශ්‍රද්ධාවටද කොහෙද, නෙවිල් ප්‍රනාන්දුට අදින්න තිබුණු බරත්, බලෙන්ම ඉල්ලාගෙන අදින්න පටන් ගත්තේ... කාටද ආඩම්බර?
වැඩි වැඩියෙන් කාරුණික වෙෙද්‍ය වරුන් බිහිකර වෙෙද්‍ය මාෆියාවෙන් රට බේරාගමු
පුහු තර්ක ඉදිරිපත් කරමින් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය මෙරටින් තුරන් කරන්නට උත්සහ කල, කුහක ඊරිසියාකරයින්ට පින්සිදු වන්නට, කොතලාවල වැනි වැදගත් ආයතනයක ඉගෙන ගන්න සයිටම් වෛද්‍ය සිසුන්ට අවස්තාව ලැබිලා තිබෙනවා. ඒ නිසා මෙතෙක් කලක් පිට රටක වෛද්‍ය අධ්‍යාපනය ලබා, ලංකාවට පැමිණ තිබෙන වෛද්‍ය වරුන්ගෙන් පමණක් අප දැක තිබෙන මහත්මාකම, ඔබලාගෙනුත් අපට බලාපොරොත්තු විය හැකියි. ඔලුව උදුමවා ගත් දොස්තර මුදලාලිලා වෙනුවට රෝගීන්ට අනුකම්පාකරන කාරුණික, වැදගත් වෛද්‍ය වෘත්තිකයින් ඔබලා තුලින් බිහිවනු ඇති අපි බලාපොරොත්තු වෙනවා.
මුදල් ගෙවා ඉගෙන ගන්න එක වැරදියි කියලා කාගේ හෝ අධ්‍යාපන අයිතිය නැති කිරීම වැරදියි . නමුත් නිසි ප්‍රමිතිය ඉතා අවශ්‍යයි. ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන මගේ ඥාති දියණියක් ඉතා අපහසු විභාග පමණක් නොව සම්මුඛ පරීක්ෂණ වලට පවා මුහුණ දී තමයි වෛද්‍ය විද්‍යාව හදාරන්නේ. එම නිසා අන්න අසවලා මුදල් දීලා උපාධිය ගන්නවා යන මෝඩ මානසිකත්වයෙන් මිදී, යමෙක් නිසි ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් මුදල් ගෙවා හෝ ලබා ගන්න දරන උත්සාහය අගය කල යුතුයි. පුද්ගලික අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන උදවිය බුද්ධි මට්ටමක් නැති මෝඩයන් කියා සිතන්න එපා. මම 1987 වර්ෂයේ උසස්පෙළින් කොළඹ වෛද්‍ය විද්‍යාලයට තේරුනත් එවකට සරසවි වසර ගානක් වැසූ නිසා පුද්ගලිකව මුදල්ගෙවා ගණකාධිකරණය හදාරා එම අංශයෙන් ඉදිරියට ගිය කෙනෙක්. එම නිසා මම උසස් අධ්‍යාපනයේ අගය හොඳින්ම දන්නවා. සිර ගෙවල් වැඩියෙන් අරිනවාට වඩා අධ්‍යාපනික ආයතන විවෘත කිරීම වැදගත් බව ලංකාවේ සමහර මිනිසුන් තේරුම් ගත් දවසට මේ රට දියුණු වේවි.
අපොස උසස් පෙළ විභාගේ c වලට සහ ඉන් ඉහල ලකුණු තිබෙන අය තරම් දැනුම් සම්භාරයක් තිබෙන කෙනෙක් හැර අනික් කෙනෙක් දොස්තර හරි ඒ වගේ කෙනෙක් වීමට උත්සහ කිරීම අපා ගත වෙන පාපයක් බව දැන් තේරෙනවා.
හරක් වැඩ කරන්න ඉඩදිලා පස්සේ කඔ දාලා බඳින්න හදනවා. කඔවලට ඩිසයින් දැම්මට හරක්ම තමයි. රටක් වුණාම යම් ප්‍රතිපත්තියක් ඇතිව වැඩකරන්න ඕනෑ. එක එකාට ඕනෑ විදිහට අධ්‍යාපනය ඇතුළු මහ ධමනිවලට රිංගන විෂබිජවලට නොඑන්න ප්‍රතිශක්තීකරණ වැඩපිලිවලක් හදන්න මහජනතාව වෙනුවෙන් රට කරවන මහා දොස්තර ඇතුලු දේශපාලන වෛද්‍යවරුන්ට ලෙඩ ගැන තේරුමක් තියෙන්න ඕනෑ.
මෙහෙ සයිටමක් ගැන කියකියා ඉන්නවා. අරහේ වාහනයක් නඩත්තු කරන සෑම පුද්ගලයකු සහ නිවාඩුවක් සඳහා විදේශගත වන පුද්ගලයන් සාමාන්‍යයෙන් බදු ගෙවිය යුතු, ආදායමක් තිබිය යුතු පුද්ගලයන් ලෙස හඳුනාගෙන ඇති බව දේශීය ආදායම් කොමසාරිස් කියනවා. වසරකට ලක්ෂ 5ක් හොයන මිනිසුන්ට දෙන්න යන්නේ වැඩේ... ඒ කියන්නේ මාසෙකට 41000, මේ ගාණින් පුළුවන්ද ළමයි දෙන්නෙකුට උගන්නලා කාලා ඇඳලා ඉන්න. මේවා සේරම නාට්‍යයන්.., යටින් අපට වැඩේ දෙනවා අපි වාහනයක් ගන්නේ ලෝකේ කොහෙවත් නැති 200%, 300% බදු ගෙවලා. මොකද අපට මැති ඇමැති රාජ්‍ය සේවකයින්ට වගේ පර්මිට් නොලැබෙන නිසා. මොවුන්ගේ අරමුණ ලංකාවේ මධ්‍යම පන්තිය නැතිම කරල දාන්න.
බෙහෙත් ගන්න කලින් සයිටම් දොස්තර කෙනෙක්ද කියලා හොයලා බැලුවොත් නරකද?
ඔව් ඔව් මගේ නැන්දා ඕස්ට්‍රේලියාවේ ඉන්න දුව බලාගන්න යන්න හැම අවුරුද්දකදීම යනවා. පාස්පෝ්ට් කන්තෝරුවෙන් අහලා පිටරට දරුවන් කී දෙනෙක්ද? ඒ ගොල්ලන්ගේ ආදායම්, රැකියා මොනවද කියලා. දැන් මේ අය දාලා හදන්නේ පිටරට ළමයින් ඉන්න වයසක මිනිසුන්ගෙනුත් බද්දක් ගහන්න. නැතිනම් ඒ ගොල්ලන්ට මොකටද කාගේවත් පිටරට ඉන්න ළමයින්ගේ ආදායම් රැකියා විස්තර. අන්තිමේ පිටරට ඉන්න ළමයින් වයසක දෙමව්පියන්ට බෙහෙත් ටිකට එවන ස්ල්ලියෙනුත් බදු ගහන්න. නැතිනම් බලන්න හෙට, අනිද්දාට පිටරට දරු බද්ද කියලා වයසක මිනිසුන්ගෙන් බදු ගහන්නේ නැද්ද කියලා.
ඕක නොවේ ප්‍රශ්නේ, ඔය අය දොස්තර සහතිකේ අරගෙන බෙහෙත් දෙන්නේ මළ කඳන් වලට නොවේ. ජීවමාන ඉන්න දුප්පත් ජනතාවට අද පවුලකට ඉන්නේ එක දරුවෙක් හෝ දෙන්නෙක් විතරයි. දහදුක් විදලා හදන දරුවාව ලෙඩකට දුකකට පෙන්වලා බෙහෙත් ගන්නේ මෙයාලාගෙන්නම් කනත්තත් එක්ක ලගම හදලා දෙන්න. ඔය ඕකට උඩගෙඩි දෙන අයගේ අය බෙහෙත් ගන්න යන්නේ නැහැ. අන්තිමට මේවගේ වන්දිය ගෙවන්නෙත් රටේ බදු ගෙවන දුප්පත් මිනිස්සු
සයිටම් ආයතනයෙන් බිහි වුන දොස්තරලාව ඔච්චරටම අහිතකර නම්, ඔය ලෝකේ වෙනත් රටවල දක්ෂ කරුණාවන්ත වෛද්‍යවරු සිටිනවනේ, ඔවුන්ව මේ රටට ගෙන්වා රෝගීන්ගේ අවශ්‍යතා සපුරාලිය හැකියි.. චැනල් කළු කඩ, පෞද්ගලික රෝහල් කඩ, ඖෂධ මාෆියාව, වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිසුන් පිටරට පැටවීමේ ඒජන්සී මාෆියාව, හා පිටටරවල වෛද්‍ය අධ්‍යාපනය හදාරා ලංකාවට පැමිණෙන සිසුන් මුහුණ දිය යුතු E R P M විභාගය සඳහා ටියුෂන් ලබාදීමේ ජාවාරම ඇතුළු සියලුම කුඨ ජාවාරම් පසුපස, මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදලින් පිනට ඉගෙන ගත මේ දොස්තර සංගම් මාෆියාව සම්බන්ධයි. ලෝකයේ මිහිපිට දෙවියන් හා සමානව සලකන වෛද්‍යවරු ශ්‍රී ලංකාව තුල කළුකඩ, ,ජාවාරම්කාර, නින්දිත මාෆියා කාරයින් ලෙස සමාජය තුල ක්‍රියා කිරීම ඉතාම ඛේදනීයයි.
බද්රානි!!! රෝහලක් ළඟ මිනි පෙට්ටි කඩයක්වත් තියනවාද ඔබට හෝ කිට්ටු හිතවතෙකුට? දන්නා පරිදි බන්ධනාගාරයේ වදක තනතුර සඳහාද නිසි සුදුසුකම් සපුරා තිබිය යුතුය. පහුගිය දවස්වල තිබුණා නේද කොහෙත්ම සුදුසු නැති කලා විෂයන් සමත් අයත් සයිටම් එකට ඇතුළුවෙලා කියලා. වෛද්‍ය අංශයේ කෙරෙන ඔබ සඳහන් කරන සමහර දේවල් ලෝකය පුරාවටම සිදුවෙනවා. උදාහරණ ලෙස ලෝකයේ ඖෂධ ක්ෂේත්‍රයේ වැඩිම ආයෝජන කරලා තියෙන්නේ සීනි සමාගම් බව අන්තර්ජාලය තුලින් දැනගන්න පුළුවන්. සුදුසුකම් ඇති අයට උපාධිය පිරිනැමීමෙන් කිසිවකුට හානියක් සිදුවන්නේ නැහැ. හැබැයි මස් කඩකාරයා ශල්‍ය වෛද්‍යවරයා කිව්වොත් නම් ඔබ පමණක්ම එම වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගත්තොත් තමා වඩාත්ම සුදුසු...
සයිටම් කියන නම ඉවත් කළ එක නම් හොඳයි. මොකද, අපේ රටේ සමහරකට මේ සයිටම් කියන නම ඇහෙද්දීත්, භූමිතෙල් ගෑවුන ගැරඬි වගේ දඟලනවා. පුදුමේ කියන්නේ, සයිටම් ආයතනයේ බඳවා ගැනීමේ සුදුසුකමට, නැටුම් නටලා පෙනේ පුප්පාපු ගැරඬි, දැන් මේ S තුනේ කතාවට කිසිම සද්දයක් නැහැනේ. බලාගෙන ගියාම මේ ගැරඬි පෙනේ පුප්ඵලා තියෙන්නේ, සයිටම් එකටත් වඩා, ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ප්‍රචලිත වෙනවාට මාර බියෙන් ඉන්න බව, දැනුයි අපිටත් වැටහෙන්නේ.
රවීන් මහත්තයා, බද්රානි මහත්මිය ඉහත සඳහන් කර ඇති මාෆියා කල්ලියේ ගැත්තෙකු හෝ ඉන් යැපෙන අයෙකු බව තමයි මට නම් හැඟෙන්නේ.. අඩු ප්‍රමිතියකට උසස් අධ්‍යාපනය දෙන්න කියලා බද්රනි හෝ මෙතන කිසිවෙක් සඳහන් කොට නැහැ. නැට්ට පාගාගෙන සුරංගනා කතා ගොතනවාට වඩා, විචක්ෂණශිලී ලෙස කියවලා ඒ ගැන නිර්වචනය කළොත් නේද හොඳ? එසේ නැත්නම් ඔබතුමාගේ අදහස්වලට පිළිතුරු දෙන්න ගියොත් සිද්ධ වෙන්නේ එතන ටිකිරි මොළකාරයෝ දෙදෙනෙක් සිටිනවා කියලා ඔප්පු වෙන එක පමණයි. බලාගෙන රවීන් මහත්තයෝ සයිටම් නම මතක් වෙලා හීනෙන් බය වෙනවාට පුංචියට ආරක්ෂාවක් කර ගත්තොත් නේද හොඳ?
හරි දැන් ලංකාවේ උසස් අධ්‍යාපනය වෙනත් දියුණු රටවල වගේ පුද්ගලික මුදලින් කරගන්න සිදුවුණොත් ඔය අතිදක්ෂ බුද්ධිමත් වෛද්‍ය සිසුන්ටත් මිදල් ගෙවා නේද ඉගෙන ගන්න වෙන්නේ? මෙතන තිබෙන්නේ මම පමණක් උගතෙකු විය යුතුයි කියන කුහකකම පමණයි. සමහරු කැමැති මුළු රටම මළ පොතේ අකුරු නොදත් මෝඩයන් වෙලා තමන් විතරක් මහඒජන්ත පුටුවට යවනවාද? මෙහෙමත් කුහක ජාතියක් ලෝකෙම නැහැ.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව විශ්ව විද්‍යාලයට ඇතුල්වීමේ අවම සුදුසුකම S 3 නමුත් ඔය සයිටම් අය කොලේ වහල කියන්නේ ඕක . නමුත් ඉංජිනේරු අංශයට විෂයන් ශුද්ධ හා ව්‍යවහාර ගණිතය ,භෞථික විද්‍යාව: වෙද්‍ය අංශයට සත්ව ,උද්භිද ,හා රසායන විද්‍යාව යන විෂය ධාරා වලින් අවම සුදුසුකම S 3 ගන්න ඕන . මැටි වැඩ ,චිත්‍ර ,ඉතිහාසය ,බෞද්ධ සංස්කෘතිය , ආර්ථික විද්‍යාව ,තර්ක ශාස්ත්‍රය වගේ විෂය ධාරා ඉගෙන ගත්තු අය දොස්තරලා වෙන්න ඉගෙන ගන්නේ කොහොමද ? A /L වලට සත්ව ,උද්භිද ,හා රසායන විද්‍යාව යන විෂය ධාරා වලින් අවුරුදු 3 ක් ඉගෙනගෙනත් S 3 ගන්න බැරි වෙලා විශ්ව විද්‍යාල යන්න බැරි වෙලා ලතවෙද්දී . වෙද්‍ය අංශයට අදලනොවන විෂය ධාරා ඉගෙන ගෙන ,වෙද්‍ය අංශයට අවශ්‍ය මූලික දැනුම නැතිවදොස්තරලා ගෙන් බෙහෙත් ගන්න අයට දෙවියන්ගේ පිහිටයි .