(හර්ෂණ තුෂාර සිල්වා)
ඉදිරියේදී කෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා තවදුරටත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා වශයෙන් තබාගැනීමට උතුරේ ධීවරයන් සෑම සහයෝගයක්ම දෙන බව උතුරේ ධීවර නියෝජිතයෝ අද (05) ප්‍රකාශ කළහ.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස පත්වූ දින සිට ඉන්දු ලංකා ධීවර අර්බුදය විසඳීමේ ක්‍රියාවලිය ඇතුළු ධීවර ක්ෂේත්‍රයේ යම් ප්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි ද උතුරේ ධීවර නියෝජිතයෝ එහිදි කීහ.
ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් ලබන සිකුරාදා (7) පැවැත්වීමට නියමිත සාකච්ඡාවලට පෙර උතුරේ ධීවර නියෝජිතයන් සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර පැවැති සාකච්ඡාවකදී ඔවුහු එම කරුණු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳක් අහන්න පුළුවන්, වැඩක් කරන, එක්කෙනෙක් හරි ඉන්න එක නම් ලොකු සතුටක්.