(රේඛා තරංගනී ෆොන්සේකා)
කැළඹිලි සහිත කාලගුණික තත්ත්වය නිසා පස් කඳු සහ ගල් කඩාවැටී උඩරට දුම්රිය මග අවහිර වීම හේතුවෙන් බදුල්ල සහ නානු ඔය කොළඹ දුම්රිය ගමන් නවතා දමා ඇතැයි දුම්රිය සාමාන්‍ය අධිකාරි එස්.එම්.අබේවික්‍රම මහතා පවසයි.
මුහුදුබඩ සහ කැළණිවැලි දුම්රිය මගේ ගස් කඩා වැටීම් රැසක් වාර්තා වු බව සඳහන් කරන ඒ මහතා දුම්රිය සේවකයින් සහ හමුදා කණ්ඩායම්ගේ සහය ඇතිව කඩා වැටුණ ගස් කපා ඉවත් කළ බව පැවසීය.
සුළු ප්‍රමාදයක් සිදු වුවද අනෙකුත් සෑම දුම්රියක්ම සාමාන්‍ය පරිදි ධාවනයේ යොදවා ඇති බව ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd