(අජන්ත කුමාර අගලකඩ)
ඉරිදා දිනවල පෞද්ගලික උපකාරක පන්ති ප.ව. 2.00 දක්වා තහනම් කිරීමේ යෝජනාවක් 33 වන පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුවේදී සම්මත කරගත් බව මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා ‘ලංකාදීප’යට පැවැසීය.
ඒ සමගම, ඉරිදා දිනවල දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බවට වන යෝජනාවක් ද සම්මත වූ බව මහ ඇමැතිවරයා කීවේය.
තිස්තුන් වන පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හබරණ සිනමන් ලොජ් සංචාරක නිකේතනයේ දී පෙරේදා (06) පස්වරුවේ පැවැති අතර එහිදී මෙම යෝජනා සම්මත වූ බව ඔහු සඳහන් කළේය.
මේ අතර 2016 වසරේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් පළාත් සභාවලට ලැබිය යුතු මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා එම සාකච්ඡාවේ දී එකඟ වූ බවද ඔහු පැවැසීය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ඉරිදා ටියුෂන් පන්ති සවස 2 දක්වා තහනම් යෝජනාව සම්මතයි
sampath Monday, 08 May 2017 06:28 AM
කරන්න වැඩක් ඇත්තේම නැත්නම් කමක් නෑ. ටියුෂන් නවත්තන්න නම් පාසල් අධ්‍යාපනය හරියට කරන්න... මොකද්ද වෙන්නේ 5 ශිෂ්‍යත්වයට, 10, 11 වසර සහ 12 13 වසර හැර අනෙක්වාට ඕනෙ නම් කලාට කමක් නෑ... දහම් පාසැල කියන්නෙත් තවත් තරගයක් විතරයි. සියලු ළමයින්ට යන්න දහම් පාසල් නෑ. දහම් පාසල්වල ගුරුවරුත් නෑ. යටිතල පහසුකම් ඇත්තෙත් නෑ. මේවා අධ්‍යාපන නිදහසට එතරම් හොඳ නෑ. පාසලෙන් කරනවා නම් ඔය හැමදේම කරන්න පුළුවන්...
Dhammika Gamage Monday, 08 May 2017 07:28 AM
සැබවින්ම කාලෝචිත යෝජනාවක්. රටේ අනාගතය හදන්න පුළුවන් ආගම දහමෙන්ම විතරයි...
ජයරත්න Monday, 08 May 2017 09:02 AM
ඉරිදාට ටියුෂන් නවත්වන්න ඕනේ දරුවන්ට නිදහසක් දෙන්න මිසක් තවත් පීඩා කරන්න නෙමෙයි. අනිත් එක දහම් පාසල් ගිය මිනිස්සු අනිත් අයට වඩා හොඳයි කියනවනම් ඒක මිත්‍යාවක්....
mennaMonday, 08 May 2017 12:31 PM
ජයරත්න මහතා දහම් පාසල් ගිහිල්ල මේ වගේ කතාවක් කියනවා වගෙයි මට දැනෙන්නේ. දහම් පාසල් නොගියානම් මේ වගේ කතාවක් කිව්වාට වැඩක් නැහැ. දහම් පාසල් ගහිල්ල කාටද වෙහෙස වෙන්නේ?. කටත් වඩා හොඳ වෙන්නද දහම් පාසල් යන්නේ? "අනිත් අයට වඩා" කියල කියන තැනම තරඟයක්. මෙතුමා දහම් පාසල් ගැන හිතන් ඉන්නේ ටියුෂන් පන්ති වගේ තරඟ කරන තැනක් කියලාද දන්නේ නැහැ?
lalith Monday, 08 May 2017 10:01 AM
කොයි තරම් පුරුදුද? ගස්යට, කඩා වැටෙන වහලයට අකුරු කරන දරුවන් සුපිරි පාසල්වල දරුවන් හා සමග එකම තරඟ විභාගයකට පෙනීසිටීමට වෙර දරන්නට, අමතර පන්තිවලට යන එක වළක්වන්නට සුපිරි හෝටල්වල සිට පනත් සකස් කිරීම සුදුසුද?