(රන්ජන් කස්තුරි)
මෝටර් රථ සඳහා අයකරන නිෂ්පාදන බද්ද අද (01) සිට ඉහළ නැංවීම නිසා ජපානයෙන් අනයනය කරන එන්ජින් ධාරිතාවය 660 වාහනයක මිල රුපියල් දෙලක්ෂ පනස් දහසකින් පමණද, ජපානයෙන් අනායනය කරන එන්ජින් ධාරිතාවය 660 පෙට්රල් වාහනයක මිල රුපියල් දෙලක්ෂ හතලිස් දහසකින් පමණද ඉහළ නගින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරිඤ්ඤගේ මහතා පැවසීය.
ඒ අනුව වැගන් ආර් මෝටර් රථයක් සඳහා දැනට අයකරන රුපියල් 825000 නිෂ්පාදන බද්ද රුපියල් 1250000 දක්වා , රුපියල් 425000න් ඉහළ දමා තිබෙන අතර එවැනි මෝටර් රථයක නව මිල රුපියල් ලක්ෂ තිස්හය හමාර දක්වා වැඩිවන බවද ඔහු කීය.
ජපන් ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් සඳහා මෙතෙක් අයකළ 1155000 නිෂ්පාදන බද්ද ලක්ෂ 15 දක්වා වැඩි කර ඇති හෙයින් එවැනි වාහනයක නව මිල රුපියල් ලක්ෂ විසිපහ හමාර පමණ දක්වා වැඩිවන බවද මෙරිඤ්ඤගේ මහතා කීවේය.
නිශාන් ඩේශ් , හොන්ඩා වැගන් ටොයොටා , විට්ස් යන මෝටර් රථවල මිලද රුපියල් ලක්ෂ දෙකහමාරකින් පමණ වැඩිවන බවද ඔහු පැවසීය.
COMMENTS
මම ඉන්න රටේ ලංකාවේ රුපියල් ලක්ෂ 36ක් දෙනකොට නිසාන් එක්ස්ට්‍රේල් ජීප් රථයක් ගන්න පුළුවන්...
මේ දවස්වල මාතර පැත්තට ගිගුරුම් සහිත හෙන සමග වැසි වහින්නේ නැද්ද?
පොඩ්ඩක් වැරදියි.. ටොයෝටා විට්ස් වැනි 990cc වාහන ලක්ෂ 2.5 කින් පමණ අඩුවේ. දැන් බද්ද ලක්ෂ 15 කලින් ඕවට ලක්ෂ 17.5ක් කලින් වැදුණා...
ගොඩාක් ස්තුතියි !!!
කෝ අර 62 ලක්ෂයේ තණකොළ කන සෙට් එක...? සතුටුයිද දැන්..?
එළකිරි ...
මෙන්න යහපලානේ මන්ත්‍රිලට වාහන පර්මිට් දෙන්න වෙන්න ඇති.?
අපිනම් ගන්නේ ෆූට් සයිකල් .. ඇඟටත් ගුණයි පසුම්බියටත් ගුණයි .....
අනේ ඉක්මනටම ජනාධිපතිවරනයක් හෝ මහා මැතිවරණයක් පවත් වන්න. ජනතාව බලාගෙන ඉන්නේ ඔබලා මේ කරන උදව් වලට කළගුණ සලකන්න.
කොහොමද අපේ ඇමති මණ්ඩලේ වැඩ audi A3 1,0 වාහනයක් ලක්ෂ 2,5 අඩු වෙනකොට WagenR එක ලක්ෂ 4 කින් වැඩි වෙලා
අර බැංකු හොරා කපුවා පියවන්නේ මහජනයාගෙන් ...නොහැකියාවෙන් පෙලෙන එවුන් රටට වින නොකර ගෙදර පලයල්ලා
දියුණු රටවල ඉන්නේ අපට වඩා බොහෝ පින්කළ මිනිසුන් කියා විටෙක මට සිතෙනවා.ඒ රට වල අයට වාහනයක් කිව්වාම මහා ලොකු දෙයක් නොවෙයි.අනේ දෙවියනේ අපේ රටේ මිනිසුන් වාහනයක් ගන්නේ මොන තරම් අමාරුවෙන්ද ?ෆිනෑන්ස් වාරිකය ගෙවා ගන්නකන් ඉන්නේ බොක්කේ ගින්දරෙන්.ඒත් එය කාටවත් කියන්නේ නැත්තේ ලජ්ජාවටයි.ඒ වගේම අමතර කොටස් කොච්චර ගණන්ද ? මේ සියල්ල මෙසේ තිබියදීත්,මේ විධිහට වාහන බදු වැඩිකිරීම කෙසේ ඉවසන්නද ? මංගල ඇමතිවරයාත් මුදල් අමාත්‍යංශයත් මොනතරම් ජනතාව ගැන සිතනවාද යන්න ගැන අපට තියෙන්නේ ගැටළුවක්.පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාට සුරසැප විඳීමට අවශ්‍ය සියලු වියදම් පියවන්න ජනතාවට මේ විදිහට බර දීම හොඳ දෙයක් වෙන්නේ නැහැ.කරුණාකර දේශපාලකයන්ගේ අසීමිත වියදම් කපාහරින්න.මේ රටේ ජනාධිපතිවරුන් /වරියන් විශ්‍රාම ගියද ඔවුන්ගේ නඩත්තුවටද යන්නේද ජනතා මුදල්.
සාමාන්‍ය මිනිහෙකුට වහනයක් ගන්න තිබුන අවස්ථාව තවත් නැතිකළා.ඕව තමයි යහපාලනයේ බෝනස්
දැන් 62 ,ලක්ෂයේ තණකොළ කල්ලියේ වැඩි දෙඅනෙක් කරපු මෝඩ කමට දැන් පසු තැවෙනවා
යකෝ මොන හිගන වැඩක්ද ඔය! එචර ආණ්ඩුවට සල්ලි නැතම් ඔය මැති ඇමති වරුන්ගේ වරප්‍රසාද අඩු කරන්ඩ තිබ්බනේ! ඒගොල්ලොන්ගේ පෙර්මිට් වලුඑ එක අඩුකරන්ද තිබ්බනේ ! මේකෙන් වෙන්නේ ඉගෙන ගත්හ අය රට හැර යාම තමා. ඉස්සරටහ මොන ආණ්ඩුව ආවත් වැඩක් නැහැ පොඩි මිනිහට තමා ප්‍රහාර. ඔය වගේ වැඩ වලට ඔය 225 ට පන්සල් පල්ලි කෝවිල් ලග හිග කෑවොත් මීට වැඩ හොදඊ. රට පාලනය කරන්ඩ පර්ලිමෙන්තුවි, පළාත් සභා, නගර සභා ... එත් හැමදාම ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්. මේවට දෙෂප්ලකයන් විටරක් නෙමෙඉ ආණ්ඩුවේ රස්සා හරියට කරන්නේ නැති එවුනුත් බලපානවා.
ඔබට සතුටයිද දැන් .............................................................. ඔබට සතුටයිද දැන් .............................................................. ඔබට සතුටයිද දැන් .............................................................. ඔබට සතුටයිද දැන් .............................................................. ඔබට සතුටයිද දැන් .............................................................. සතුටුයි ...
දැන් ඉතින් නොතෙමි ගමනක් යන්න ඕන අය පොඩි කාර් අරන් ඉවරයි. බැංකු ණයක් අරන් කුඩයක් වත් ගමු.
නියෝජ්‍ය ඇමතිවරු කෝටි 4-5 වටිනාව සහරා වී -8 වර්ගයේ වාහන වලින්ම ගමන් යන්න ඕනෙද ? රුපියල් කෝටි 2 වෙන සාමාන්‍ය ප්‍රාඩෝ රථයක් ගිහින් ඔය වැඩ කරන්න බැරිද ? අනිවාර්යයෙන්ම ඇමති මණ්ඩලේ කවුරුහරි සම්බන්ධ වෙලා ඔය පොඩි කාර් 1000 විතර ලංකාවට ගෙනත් ඇති , ඒ ටික විකුනගත්තාට පස්සේ, එක පාරටම ලොකු මහත්මයා කියාවි මම දැන් තමා මේක පත්තරෙන් දැක්කේ මේවගේ මිල දැන් ඉඳන් අඩු කරනවා කියලා හැමදාම සිදුවෙන්නේ ඔය නාඩගම.
ශ්රී ලංකාවේ වාහන මිල පාලනය කරන්නේ තනිකරම වාහන ආනයනකරුවන්ගේ සංගමය. එය අදෘශ්‍යමාන හස්තයක්. දන්නෝ දනිති.
ඔය මන්ත්‍රීලට ප්‍රාඩෝ ගෙනෙන්න දෙන වාහන පර්මිට් එක නවත්වන්න ඕනේ නම් ඒගොල්ලන්ට එන්ජින් ධාරිතාව 2000 ඇති කාර් හෝ ඩබල් කැබ් හෝ වෑන් පමණක් ගෙන්වන්න පර්මිට් දෙන්න. කුඩා වාහනවලට මරුටි හෝ වැගන් ආර් වලට ලක්ෂ 8 බද්ද හොඳටම ප්‍රමාණවත්... ඔය ටොයෝටා කොරොල්ලා වැනි කාර් වලට ලක්ෂ 20 -25 හොඳට ප්‍රමාණවත්, මගින් සහ භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන වලට වෑන් වැනි වාහන වලට ලක්ෂ 20-25 බදු හොඳටම ප්‍රමාණවත්, ලංකාවේ එක එක වෙලාවට බදු වැඩි වෙන නිසා, වාහන යනු දිනෙන් දින මිල ඉහළ යන දුර්ලභ දෙයක් ලෙස මතයක් ලංකාවේ මිනිසුන්ගේ මනසේ නිර්මාණය වී ඇත. එම නිසා කනකර බඩු උකස්කර ඉඩම් විකුණා හෝ ෆිනෑන්ස් කර එම මුදල් වාහනවල ආයෝජනය කිරීමට මිනිසුන් පෙළඹී ඇත.