(අංජුල මහික වීරරත්න,ඡායාරූප - ගයාන් ලසන්ත)
ආණ්ඩුවට සහය දෙන සියලු දෙනා එකතු කරගෙන අලුත් ගමනක් යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්‍ෂ මුලස්ථානයේදී අද (5) පැවැසීය.
විශ්වාස භංගය පරාජය කිරීමට සහය දුන් සැමට ස්තූතිය පළ කරන බව කී අග්‍රාමාත්‍ය වරයා 2020 මැතිවරණ වලට සුදානම් වීම සඳහා අලුත් මුහුණු ඉදිරියට ගෙන පක්ෂය ප්‍රති සංවිධානය කරන බවද සඳහන් කළේය.
ඉදිරියට යාමට නැවුම් විශ්වාසයක් ගොඩනැගී තිබෙන හෙයින් අලුත් ගමන පහසුවෙන් යාමට හැකි වෙන බවද අග්‍රාමාත්‍යවරයා කීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීම සඳහා සිරිකොත පක්‍ෂ මුලස්ථානයට මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් වෙනුවෙන් කැවුම් කිරිබත් සංග්‍රහයක්ද සුදානම් කර තිබිණි.




COMMENTS
ඔබතුමා ඉස්සෙල්ලත් එකතු වෙලා රට වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තේ, සහයෝගය දුන්නේ විශ්වාසය මත නේද ? ඊට පස්සේ විශ්වාසය කෙසේ වෙතත් ආණ්ඩු දෙකක් පටන් ගත්තා. පක්ෂ පාට බලලා. තවත් ඔබතුමාට කාලයක් ඉතුරු වෙලා තියෙනවද තව කෙනෙකුගේ විශ්වාසය බල බලා ඉන්න. ඒක දැන් මහජනයාට අප්පිරිය වැඩක්. කාටවත් දැන් බුදුදහමේ ' සත් සතිය ' මතක නැහැ. බලයට මුදලට හැමදේම යටයි. හොරුන්ව නීතිය ඉදිරියට ගේන ගමන් නොබියව ව්‍යාපෘති වලින් කොල්ල කන දේවල් වලක්වන්න. ජය !
කරුණාකරලා දැන්වත් ඔය ගමන යන්න
හැමදාම ඊළඟ ඡන්දෙ ගැන කියල වැඩක් නෑ. කරුණාකරලා දැන්වත් දුන්න පොරොන්දු ඉටු කරලා රට හදන්න. ජනතාව පිඩාවෙන් නිදහස් කරන්න. අර හොරු ටික අල්ලන්න. එතකොට 2020 නිකම්ම දිනන්න පුළුවන්.
අවුරුදු තුනට ආණ්ඩු මාරු 4~5යි. මරු මේ වගේ පිස්සු ආණ්ඩුවක් මුළු ලංකා ඉතිහාසේවත් නැතුව ඇති.
අපේ නායක ගරු අගමැති තුමාට ජයවේවා ....!!!
මෙච්චර කල් ඇතුලේ ඉදන් කකුලෙන් ඇදපු කට්ටියට මොකද කරන්නේ ??
ඇමතිකම් වලට තණ්හාවේ, ඔය ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගේන ගියොත් එජාපෙට අබසරණයි.
අවුරුදු හතරත් ගෙවෙන්න යනවා තවම පලිගැනීම්, පුද්ගලික අමනාපකම්, එකතුවීම්, හැර යාම් විතරයි, ජනතාවට මොනවද කලේ?
කොහොමත් දැන් අවුරුදු තුනක් තිස්සේ මාසෙට අළුත් ගමන් 2-3 පටන් ගත්තනේ. තාම ගිය ගමනක් නම් නෑ
අලුත් ගමන යන්න පටන් ගන්න කලින් යන්න ඕනේ කොහාටද කියා තීරණය කරගන්න. හැබැයි අවුරුදු 3 ගියා ගමනක් යන්න ඕනේ කියලා තීරණය කරන්න. කාගේ අවාසනාවද? අපේද ඔබලාගේද? රටේ නේද?