IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


අනුරාධපුරයේ ඓතිහාසික පොකුණු තුන හාරයි

(රඹෑව මනුල වික්‍රම)

යන්ත්‍ර සූත්‍ර හා බරවාහන යොදා අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසික පොකුණු තුන හාරන බවත් එය පුරා විද්‍යා නීතියට පටහැනි බවත් දක්වමින් තිසාවැව තුලානේ ග්‍රාම නිලධාරියා විසින් අනුරාධපුර මහ නගර සභාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව  හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන වලට විරුද්ධව පොලිසියට පැමිණිලි කර තිබේ.

පුරාවිද්‍යා නීතිය අනුව පුරාවිද්‍යා  භූමියක මතුපිට අඟල් කිහිපයක් හෝ කැණීම පවා නීති විරෝධි බවත් එමගින් පුරා වස්තුවලට මෙන්ම එහි පැවැත්මට හානි සිදුවිය හැකි බවත් තුලානේ ග්‍රාම නිලධාරීවරයා  පෙන්වා දෙයි.

මේ වන විට තිසා වැවේ දියනෑම තහනම්කර ඇති නිසා මහජනතාවට දිය නෑම සඳහා අතීතයේ සිට භාවිතා කළ ස්ථානයක් හැටියට තිසාවැව පාමුළ පොකුණු තුනෙහි පිරී ඇති රොන් මඩ ඉවත් කිරීමට රජයේ සියලු නිලධාරීන්ගේ එකඟත්වයෙන් ශුද්ධ පවිත්‍ර කිරීම් කටයුතු සිදුකරමින් පවතින බව අනුරාධපුර නගරාධිපති එච්. පී. සෝමදාස මහතාගෙන්  කළ විමසුමේ දී ඒ මහතා කීය.

පොකුණු තුන මේ වන විට අඩි හයක පමණ රොන් මඩ තට්ටුවකින් පිරී ගොඩවීමට ලක්ව ඇති බවත් වන්දනාවේ පැමිණෙන ජනතාවගේ ජල අවශ්‍යතාවය සඳහා ලබාදිය හැකි සුදුසුම විකල්පය ලෙස මෙම පොකුණු පවිත්‍ර කරදීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පොසොන් උත්සවය මුල්කරනෙ මෙම වැසටහන ඇරඹූ බවත් නගරාධිපතිවරයා පැවසීය.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගෙන ඇත්නම් මෙවැනි අවස්ථාවක ගැටලුවක් නොමැති බැවින්
එම වැඩසටහන සඳහා පුරවිද්‍යා අවසරය ලබාගෙන ඇද්ද යන්න තහවුරු කරගැනීම සඳහා පොලිස් පරික්ෂණ සිදුකරන බව
අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතා සඳහන් කළේය.



අදහස් (7)

අනුරාධපුරයේ ඓතිහාසික පොකුණු තුන හාරයි

kalani Saturday, 23 June 2018 05:56 AM

ස්වකිය රාජකාරි පිලිබඳ හොඳ අවබෝධයක් ඇති නිලධාරියෙක් .

:       0       1

රවින් Saturday, 23 June 2018 07:24 AM

ආ !!!! දේශපාලකයෙක් ගැවිලා නේද? අනිවාර්යයෙන්ම කොමිස් ගැහිල්ලක් , පගා ගැහිල්ලක් , පුරාවස්තු ගැහිල්ලක්, අඩු ගානේ රොන් මඩවලින් ගඩොල් කපලා ආපහු පුරාවිද්‍යා එකට වැඩි ගණනට විකිණීමක් හෝ මොනවාහරි ජිල්මාට් එකක් ඇති. නැතිනම් දේශපාපකයන්ගේ පඬුපුල් ආසන රත්වන්නේ නැහැ.

:       0       3

isurandi Saturday, 23 June 2018 08:44 AM

මේවා සුද්ධ පවිත්‍ර කරන එකනම් කාලෝචිතයි සියලු පාර්ශවයන්ගේ උපදෙස් මත. ඒ වගේම මේවා ආරක්ෂා කරගැනීම අපෙත් වගකීමයි.

:       0       0

Lapaya Saturday, 23 June 2018 08:52 AM

Grama sewakala kohomath nanne naha wau wala. Ida hita thaniyama adgena nanawa arenna. ekayi wadeta wirudda.

:       0       0

Vidya Saturday, 23 June 2018 02:51 PM

මිහින්තලේ විශ්ව විද්‍යාලයේ ඉන්න මැරයෝ ටික දාලා මේ වැඩේ කරන්න බැරිද?

:       62       40

wije Saturday, 23 June 2018 04:25 PM

මේ කියන්නේ බොරු. රොන් මඩ අයින් කරනවා කියලා ඔය කරන්නේ නිදන් හාරන එක... අනිවාර්යයෙන්ම මේක පිටිපස්සේ අර සිල් රෙදි පොරවාගත්තු නිදන් හොරා ඉන්නවා. හෙට, අනිද්දාට තවත් චෛත්‍ය 25ක් හදනවා කියාවි...

:       501       209

kalani Sunday, 24 June 2018 07:08 AM

මිහින්තලේ විශ්ව විද්‍යාලයේ සිසුන් මිස මැරයෝ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 1 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 232 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 59 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 562 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 261 0

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 201 0

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1348 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1569 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 410 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site