IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අනධ්‍යයන සේවකයන්ට සහාය දක්වන බව විධායක නිලධාරීහු කියති

ප්‍රින්ස් රත්නායක
 
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අරඹා ඇති වැඩ වර්ජනයට සහාය දක්වමින් තමන්ද වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව   විශ්වවිද්‍යාල විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සංගමයේ   ලේකම් දයාල් අභයසිංහ මහතා කියයි.

 
ඔහු එසේ කියනුයේ ඒ සම්බන්ධයෙන් විදේනයක් නිකුත් කරමිනි. 
 
එම නිවේදනයේ මෙසේ ද සඳහන්වේ.
“විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සමග ඇති කරගත් එකඟතාව පරිදි මාසික හිලව් දීමනාව මෙතෙක් ලබා නොදීම පදනම් කර ගෙන ඔවුන් විසින් ජනවාරි 25 පෙබරවාරි 06, 07  දිනයන්හි සංකේත වැඩවර්න පවත් වන ලදි.
 
පොදුවේ ගත්කළ මෙම ගැටලුව විශ්වවිද්‍යාල විධායක  නිලධාරීන් සඳහාද එකසේ බලපා ඇති අතර මේ සඳහා කඩිනම් විසඳුම් ලබාදී විශ්වවිද්‍යාලයීය කටයුතු අඛණ්ඩව සහ බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවකාශ සලසාදෙන ලෙස අදාළ පාර්ශවයන් ගෙන් ඉල්ලාසිටිමු. එසේ කටයුතු නොවන්නේ නම් අවස්ථානෝචිතව අප සංගමයේ සහයෝගය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ගෙන ඇති ක්‍රියාමාර්ග වෙත ලබාදීම ඉදිරියෙදී සිදු කෙරෙනු ඇත.”



අදහස් (4)

අනධ්‍යයන සේවකයන්ට සහාය දක්වන බව විධායක නිලධාරීහු කියති

ගාමිණී Tuesday, 06 March 2018 03:52 AM

ගෙවන දෙයක් ජනතාවගේ බදුමුදල් වලින් තමයි ගෙවන්න වෙන්නේ. අද විශ්ව විද්‍යාලවල මොකක් හරි අව්ලක් එක්කෝ සයිටම් කියල ළමයි ස්ට්‍රයික් . කාලයක් ආචාර්යවරුත් වර්ජනය කලා. දැන් මේ අය. තව විධායකයොත් ඉන්නවලු.

:       0       105

දිපුම් Tuesday, 06 March 2018 06:16 AM

පුද්ගලික අංශයට දෙන්න තියෙන්නේ. එතකොට පුටු රත්කර කර පඩි ගන්න හම්බ වෙන්නේ නෑ.

:       43       12

himal Tuesday, 06 March 2018 09:37 AM

ඔයාට ඕකම තවත් විදිහකට කියන්න පුළුවන්. විශ්වවිද්‍යාල පුද්ගලිකකරණය කරව් කියලා.

:       0       10

කොල්වින් Thursday, 08 March 2018 03:08 AM

ආණ්ඩුව දෙන්න පොරොන්දු වෙලා තියන දීමනා නොදීම තමයි මේ ප්‍රශ්නෙට මුල. ආණ්ඩුව කරන්නේ සේවකයන්ට ලැබෙන්න තියන දේවල් නොදී ඒවා හොරාකන එක. මිනිස්සු මේවා දකින්නේ සේවකයන් ගේ වැරදි විදියටයි. රටේ ප්‍රශ්න විසදිමත් ප්‍රශ්න ඇතිනොවන විදියට රට ගෙනයාමත් පවතින ආණ්ඩුව සතු වගකීමයි.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site