
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් මහමග කොරෝනා වෛරසය ආසාධිත වී මියගොස් ඇති බවට ඡායාරූප සමඟ අන්තර්ජාලයේ පළ කළ පුද්ගලයකු අද (14) කඩුගන්නාව හේන වල එගොඩවත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
සැකකරු 35 හැවිරිදි ගරාජ් හිමියෙකි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා නිරෝධායන පනත යටතේ මෙන්ම ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අසත්‍ය ආකාරයේ ප්‍රවෘත්තියක් පළකිරීම මගින් නිරෝධායන ක්‍රියාවලියට බාධා පැමිණවීම, ජනතාව අතර අනිසි බියක් ඇති කිරීම සහ ඒ තුළින් නිරෝධායන ක්‍රියාවලිය අපගමනයට ලක්කිරීම යන චෝදනා යටතේ මේ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් 4 දෙනෙක් පිළිබඳව මේ වනවිට තොරතුරු ලැබී ඇති අතර එම පුද්ගලයන්ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා නරකද ආණ්ඩුව කොරෝනා මර්දනය කරන්න කටයුතු කරන එක...?
මීට පෙර අප කීපවතාවක්ම සඳහන් කළ පරිදි අප නැවත එයම සඳහන් කරන්නෙමු. "සියලුම මාධ්‍යවල වගකීම සහ යුතුකමක් මහජනතාවට සත්‍ය තොරතුරු සැපයීම".. එනමුත් එලෙස මාධ්‍ය ආයතන තම රාජකාරිය නිවැරදි ලෙස ඉටුකරන්නේ නම් මේ වැනි "කාලකන්නි හැලිවඳුරන්ගේ" උඩු බුරන සද්දයට මහජනතාව ඇහුන්කන් නොදෙනු නියතය. කරුණාකර මෙම "හැලිවඳුරාගේ" පැටිගිරිය ඡායරූප සමගම මගජනතාව දැනගැනුමට සලස්වන මෙන් සියලුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නෙමු.
මේ වගේම මුස්ලිම් අයගේ මිනී භූමදානයට අවසර දුන්නා කියපු කට්ටියටත් නීතිය ක්‍රියාත්මක කළා නම් හරි.
අද පොලිසිය අන්තර්ජාලය හරහා කරන අපරාධ වැළැක්වීම පිළිබඳව ඉදිරියෙන් සිටින බව, අනාගතයේදී මෙවැනි ඔලමොට්ටල වැඩ කිරීමට සිතාගෙන ඉන්න උදවිය හොඳින් සිහි තබාගත යුතුයි.
අපි " නාගලෝකයෙන් මණිඅක්ඛික නාගරාජයා ජල කඳ දෙබෑ කරගෙන ජය ගෝෂා නගමින් ධාතු කරඬුව හිසමත තියාගෙන ප්ලාස්ටික් බෝතලයක් තුලට වැඩියා" කියලා ගෙනගිය ප්‍රචාරයට සාදුකාර දුන්න ජාතියක්නේ ඉතින්... පොලිසියෙන් මාධ්‍ය ආයතනයට එයිද දන්නේ නැහැ ලිව්ව කෙනාගේ නම, ගම හොයන්න. ප්‍රකාශන අයිතිය ගැන තවත් මොන කතාද?
ශ්රී ලංකා පොලීසියට ඔය හපන්කම් පුලුවන් වුණාට බදියුර්දීන්ලාව නම් හොයාගන්න බෑ හාමුදුරුවනේ ...වෙනස සැපයි...
බොරු කීමට අයිතිය ඇත්තේ ආණ්ඩුවට පමණි.
සර්ගෙ හොඳ වැඩ එළිවෙන ජාමෙට... බයියනි, ඔබ කොහිද?
අර ගව ඝාතනය තහනම් කිරීම මුලු රටේම ප්‍රචාරය කළ අයව අමතක කරන්න එපා.
ෂා... හරි ලොකු වැඩක්නේ කරලා තියෙන්නේ.
සිරි, මා දන්නා පරිදි පොලිසිය යමෙක් සිදුකරන මෝඩ ප්‍රකාශන පස්සේ එලවන්නේ නැහැ...
රට ඉස්සරහට දාගෙන ඔයවගේ වැඩ කරන මිනිස්සු මෙතනත් ඉන්නවා. අත්අඩංගුවට ගත්තාට මදි කිඹුල්ලු පෙන්වන්න කියලා අර හාදයින්ට බාර දෙමු.