IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


අන්තර්ජාලයේ අසත්‍ය පුවත් පළකළ අයෙක් අත්අඩංගුවට



(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
                         
ශ්‍රී ලංකාවේ විශාල පිරිසක්  මහමග   කොරෝනා වෛරසය ආසාධිත වී  මියගොස් ඇති බවට ඡායාරූප සමඟ  අන්තර්ජාලයේ  පළ කළ  පුද්ගලයකු  අද  (14) කඩුගන්නාව  හේන වල  එගොඩවත්ත ප්‍රදේශයේදී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.       

          
සැකකරු 35  හැවිරිදි ගරාජ් හිමියෙකි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා නිරෝධායන පනත යටතේ මෙන්ම  ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අසත්‍ය  ආකාරයේ ප්‍රවෘත්තියක් පළකිරීම මගින් නිරෝධායන ක්‍රියාවලියට බාධා පැමිණවීම, ජනතාව අතර අනිසි බියක් ඇති කිරීම සහ ඒ තුළින් නිරෝධායන ක්‍රියාවලිය අපගමනයට ලක්කිරීම යන චෝදනා යටතේ මේ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් 4 දෙනෙක් පිළිබඳව මේ වනවිට තොරතුරු ලැබී ඇති අතර එම පුද්ගලයන්ද  ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරයි



අදහස් (19)

අන්තර්ජාලයේ අසත්‍ය පුවත් පළකළ අයෙක් අත්අඩංගුවට

ලුම්බිණි Saturday, 14 November 2020 10:14 AM

මීට වඩා නරකද ආණ්ඩුව කොරෝනා මර්දනය කරන්න කටයුතු කරන එක...?

:       24       45

BamunuarachchiMonday, 16 November 2020 02:27 AM

ලංකාවේ නොවෙයිද ජීවත් වෙන්නේ...? ඔය කියන විදිහට කොරෝනා මර්ධනය කරන්න නම් නිරෝධායනය නොවෙයි මිනිසුන්ව දම්වැල් දාලා බඳින්න වේවි... බලන්නකෝ කොරෝනා ඇඳිරිනීතිය දැම්මාමත් පාරවල් වල ඉන්න මිනිස්සු. රටේ අවදානමේදී හිතුවක්කාර විදිහට හැසිරෙන මිනිස්සු එ්කෙන්ම නැති වුණාට කමක් නැහැ.

:       0       0

Raveendra Saturday, 14 November 2020 10:16 AM

මීට පෙර අප කීපවතාවක්ම සඳහන් කළ පරිදි අප නැවත එයම සඳහන් කරන්නෙමු. "සියලුම මාධ්‍යවල වගකීම සහ යුතුකමක් මහජනතාවට සත්‍ය තොරතුරු සැපයීම".. එනමුත් එලෙස මාධ්‍ය ආයතන තම රාජකාරිය නිවැරදි ලෙස ඉටුකරන්නේ නම් මේ වැනි "කාලකන්නි හැලිවඳුරන්ගේ" උඩු බුරන සද්දයට මහජනතාව ඇහුන්කන් නොදෙනු නියතය. කරුණාකර මෙම "හැලිවඳුරාගේ" පැටිගිරිය ඡායරූප සමගම මගජනතාව දැනගැනුමට සලස්වන මෙන් සියලුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නෙමු.

:       28       39

sugath Saturday, 14 November 2020 10:52 AM

මේ වගේම මුස්ලිම් අයගේ මිනී භූමදානයට අවසර දුන්නා කියපු කට්ටියටත් නීතිය ක්‍රියාත්මක කළා නම් හරි.

:       5       63

asanka Saturday, 14 November 2020 11:13 AM

අද පොලිසිය අන්තර්ජාලය හරහා කරන අපරාධ වැළැක්වීම පිළිබඳව ඉදිරියෙන් සිටින බව, අනාගතයේදී මෙවැනි ඔලමොට්ටල වැඩ කිරීමට සිතාගෙන ඉන්න උදවිය හොඳින් සිහි තබාගත යුතුයි.

:       19       19

DhammikaSunday, 15 November 2020 09:14 AM

පෝස්ට් එකක් දැම්මාට පස්සේ ඒක දාපු එක්කෙනා අල්ලන එක 02 පන්තියේ ළමයෙකුටත් පුළුවන්. අන්තර්ජාලෙ අල්ලන්න කළින් සමාජයේ හොරකම් කරන අය අල්ලලා ඉන්න.

:       0       0

siri Saturday, 14 November 2020 11:37 AM

අපි " නාගලෝකයෙන් මණිඅක්ඛික නාගරාජයා ජල කඳ දෙබෑ කරගෙන ජය ගෝෂා නගමින් ධාතු කරඬුව හිසමත තියාගෙන ප්ලාස්ටික් බෝතලයක් තුලට වැඩියා" කියලා ගෙනගිය ප්‍රචාරයට සාදුකාර දුන්න ජාතියක්නේ ඉතින්... පොලිසියෙන් මාධ්‍ය ආයතනයට එයිද දන්නේ නැහැ ලිව්ව කෙනාගේ නම, ගම හොයන්න. ප්‍රකාශන අයිතිය ගැන තවත් මොන කතාද?

:       6       53

සුදත් Saturday, 14 November 2020 11:58 AM

ශ්‍රී ලංකා පොලීසියට ඔය හපන්කම් පුලුවන් වුණාට බදියුර්දීන්ලාව නම් හොයාගන්න බෑ හාමුදුරුවනේ ...වෙනස සැපයි...

:       5       25

Lion Saturday, 14 November 2020 12:05 PM

බොරු කීමට අයිතිය ඇත්තේ ආණ්ඩුවට පමණි.

:       4       37

kapilaSaturday, 14 November 2020 02:03 PM

සිරි, මා දන්නා පරිදි පොලිසිය යමෙක් සිදුකරන මෝඩ ප්‍රකාශන පස්සේ එලවන්නේ නැහැ.

:       6       9

siriSaturday, 14 November 2020 03:47 PM

පොලිසිය නම් එහෙම තමයි. ඒ වුණාට පොලිසිය මෙහෙයවන උදවිය එහෙම නැනේ. තමන්ට අවාසි දේවල් පස්සේ විතරනේ පොලිසිය යවන්නේ. අර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේදී පොලිසියේ ලොක්කෙකුට මුහුණ පාන්න වුණු දේ පෙන්වපු පරණ වීඩියෝව දකින්න ඇතිනේ නේද? මෙහෙම ලියන්න ගිහින් අපිවත් අල්ලන් යයිද මන්දා... දැන්නං හරිම සැපක් දැනෙන්නේ...

:       0       0

DammikaSunday, 15 November 2020 09:15 AM

ඔබ දන්න දේ වැරැදියි. ඔබත් මෝඩයෙක් වගේ පේන්නේ... ලංකාවේ පොලිසිය විශ්වාස කරන් ඉන්නවා නම්...

:       0       0

Rata Perata Saturday, 14 November 2020 12:47 PM

සර්ගෙ හොඳ වැඩ එළිවෙන ජාමෙට... බයියනි, ඔබ කොහිද?

:       4       26

BamunuarachchiMonday, 16 November 2020 02:32 AM

ඔය කියන්නේ සජීගේ බයියන් ගැන වෙන්න ඇති. මුලදීම පෙකනිල් බීව නිසා ඒ අය සනීපෙන් ඉන්නවා. සජී බලයට ආවානම් මමත් මිනී පෙට්ටි කඩයක් දාගන්නවා.

:       0       0

ගාමිනි Saturday, 14 November 2020 12:58 PM

අර ගව ඝාතනය තහනම් කිරීම මුලු රටේම ප්‍රචාරය කළ අයව අමතක කරන්න එපා.

:       0       34

wije Saturday, 14 November 2020 02:18 PM

ෂා... හරි ලොකු වැඩක්නේ කරලා තියෙන්නේ.

:       4       20

kapila Saturday, 14 November 2020 02:53 PM

සිරි, මා දන්නා පරිදි පොලිසිය යමෙක් සිදුකරන මෝඩ ප්‍රකාශන පස්සේ එලවන්නේ නැහැ...

:       6       5

BamunuarachchiMonday, 16 November 2020 02:41 AM

ඔය කීවේ මෝඩ කතාවක්. හලෝ ඔය වගේ මෝඩ කතා පස්සෙ දුවන, විශ්වාස කරන 55න් ලක්ෂයක මෝඩ ජනතාවක් මේ රටේ ඉන්නවා.

:       0       0

Bamunuarachchi Monday, 16 November 2020 02:37 AM

රට ඉස්සරහට දාගෙන ඔයවගේ වැඩ කරන මිනිස්සු මෙතනත් ඉන්නවා. අත්අඩංගුවට ගත්තාට මදි කිඹුල්ලු පෙන්වන්න කියලා අර හාදයින්ට බාර දෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1425 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1299 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site