(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් ඇමති රවී කරුණානායක තමන්ට දැනුම් දුන් බව ලංකා බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන් තිදෙනා සහ එම බැංකු වල ප‍්‍රධානීන් බැඳුම්කර කොමිසම හමුවේ අද (4) හෙළි කළහ.
රාජ්‍ය බැංකු තුනේ ප‍්‍රධානීන් මුදල් අමාත්‍යංශයට කැඳවා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා මේ බව තමන්ට දැනුම් දුන්නේ යැයි කී ඔවුහු රවී කරුණානායක මහතාගේ මෙම දැනුම්දීමට අනුව කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය බැංකු වලට ලබාගත හැකිව තිබු විශාල ලාභයක් අහිමිව ගිය බවද රාජ්‍ය බැංකු වලට විශාල පාඩු සිදුවු බවද වැඩිදුරටත් දැනුම් දුන්හ.
බැඳුම්කර කොමිසම හමුවට කැඳවනු ලැබු ලංකා බැංකුවේ සභාපති රෝලන්ඞ් පෙරේරා මහතා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා මහතා, සහ මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා මෙන්ම එම බැංකු තුනේ නිලධාරීන් මහ බැංකු බැඳුම්කර වෙන්දේසි වලදී හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතාගේ මැදිහත්වීම් හෙළි කළහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.