(ඩයනා උදයංගනී)
බස්නාහිර පළාතේ එකතුවන කසලවලින් විදුලිය නිපදවන යෝජනා ක‍්‍රම තුනක් අගෝස්තු මාසයේ දී ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කොළඹ නගරයේ එකතු වන කසළ ටොන් 700 න් 300 ක්ම වර්තමානයේදී කොම්පෝස්ට් බවට පත්කෙරෙන බව කී අමාත්‍යවරයා තවත් කසළ ටොන් 100 ක් ප‍්‍රතිචක‍්‍රීකරණය කරන බව ද කියයි.
ඉදිරි කාලයේදී මෙම තත්ත්වය තවත් වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවත් රටේ කසළ ප‍්‍රශ්නය විසඳීම සඳහා අවසාන රැඳවුම් ස්ථානයක් පුත්තලම, අරුවක්කාලූවේ ඉදිකිරීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා කියා සිටී.
COMMENTS
මේකත් රටේ දවල් හීනයක් ද
දේශපාලන පොරොන්දුවක් විතරක් වේවිද?
හුරේ... විදුලිය පුරස්ස්නේ විසදෙන්නයි යන්නේ. ලබන වසරේ සිට විදුලිය කැපීම් නැත. බෝතල් පත්තරේ වගේ,කසල මිලදී ගැනීමේ සාප්පුවක් මම පටන් ගන්නවා. ඇමතිතුමාට පින්.
අගෝ්ස්තු සිට කසල වලින් විදුලිය නිපදවන්න ? 2017 දී වෙන්න අමාරුයි ! කාලය ඉතාමත්ම කෙටි නැද්ද, ඇමතිතුමනි ? සමහර විට මෙය අදහසක් පමණක් ද දන්නේ නැහැ. යන්ත්‍ර සුත්‍ර ගෙනැල්ල ක්‍රියාත්මක කරන්න තව කොපමණ කලක් යාවිද ???
බිල කියන්නේ නැතුව කලාට පස්සේ කිව්වනම් හොදයි .
යහපාලන ආණ්ඩුව කරන ගොඩක් දේවල් අසාර්ථකයි නමුත් මේ අපද්‍රව්‍ය ප්‍රශ්නය බරදීල තියෙන්නේ නියම අතකට. මම හිතන්නේ චම්පික ඇමතිතුමා වගේ දැක්මක් ඇති පුද්ගලයෙක් මේ ප්‍රශ්නය ඉතාම ප්‍රයෝගිකව විසදීයි කියල අපිට බලාපොරොත්තු තියා ගන්න පුළුවන්.
ෂා... මරු .. කසල මගින් විදුලිය ...
මේකත් අර තෙල් ගන්න වැඩේ වගේ වේවි ද ?