(අංජුල මහික වීරරත්න)
පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් ස්ථාවරය තමන් දිවයිනට පැමිණෙන විට විමසා දැනගෙන සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ට උපදෙස් දී ඇත.
අගමැති මේ උපදෙස් දී ඇත්තේ කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, අකිල විරාජ් කාරියවසම් සහ මංගල සමරවීර යන අමාත්‍යවරුන්ටයි.
කුමන තත්ත්වයක් යටතේ වුවද පළාත් සභා ඡන්දය කල් දැමීමට තමන් සූදානම් නැති හෙයින් නව ක්‍රමය හෝ පැරණි මනාප ක්‍රමය යටතේ හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුය යන දැඩි ස්ථාවරයේ සිටින බැවින් ඊට අදාළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අවසන් ස්ථාවරය කඩිනමින් දැනගත යුතුව තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දුන් උපදෙස්වල සඳහන්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා කර පළාත් සභා ඡන්දය පැවැත්වෙන ක්‍රමවේදය බදාදා (10) වනවිට දැනගැනීමට හැකිවෙතියි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයන්න දෙයක් නැහැ මහබැංකු කොමිසම පත් කිරීමෙන්ම පෙනුනේ මොකද්ද අරමුණ කියලා. ඕකට අපේ ගමේ මිනිස්සුනම් කියන්නේ "කන්න දුන්න අත් දෙකම හපා කෑමක්" කියලයි. දැන් කතා වෙන අන්දමට ආණ්ඩුවෙන් එජාපය පලවා හැර ඒකාබද්ධය සමඟ සභාග ආණ්ඩුවක් පිහිටුවිය හැකිවෙයිද? එම සියළුම කණ්ඩායම් එකට එකතු කළද ඇත්තේ 96 දෙනෙකු පමණකි. එක්සත් ජාතික පෙරමුණට පසුගිය මැතිවරණයෙන් ලැබූ ජනමතය අනුව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව106 කි. එසේනම් ශ්‍රීලනිප ඒකාබද්ධය සමඟ වෙනම ආණ්ඩුවක් හදනවා නම් එක්කෝ එජාපයේ 10 දෙනෙකුවත් මුදලට ගත යුතුය. නැත්නම් ජනාධිපති බලය යොදා ගත යුතුය. සමහරු නම් කියන්නේ දැන් ඉන්නේ මැතිවරණයේදී පොරොන්දුවූ "නිර්පාක්ෂික" ජනාධිපතිවරයකු නොව එකාබද්ධයේ පෙනුමට බයවී තැතිගත් ජනාධිපතිවරයෙක් කියාය. ඒ සත්‍ය එජාප කණ්ඩායම තේරුම් ගත යුතුය. එසේ නොවන්නේ නම් තමන් විසින්ම පරාජය කරන ලද ජනසතුරන්ට බිළිවීමට ඔවුන් හිත හදා ගත යුතුය. රනිල් එළවීමට ගෙනා විශ්වාස භංගය සහ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ කතාව මෙහිදී සිහිපත් වෙන්නේ නිකන්ම නොවේ. පොදු ජනතාවගේ හෘද ස්පන්දනය නොදන්නා කලිසම් කෝට් කාරයින්ට මැතිවරණ ජය ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව වටහා ගතයුතුය.
හලෝ විකාර නොකර ඡන්දයක් තියලා ජනතාවගේ ස්ථාවරය බලන්න. අපි නම් ඔහේව පළාතට ගන්නේ නැත..
එයා අර මහබැංකුවෙන් විදපු සල්ලි ඉවර වෙනකල් ලෝකේ වටේ ඇවිදිනවා. එහෙ ඉඳන් මෙහෙ ඉන්න අයට පණිවුඩ එවනවා.. පක්ෂය ආරක්ෂා කරගන්න. බලපුවහම කරඬුව ගෙනියන අලි වෙනයි, කොට අදින අලි වෙනයි කියන කතාව අැත්තක්...