IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


පොත් නොකියවා විචාර ලිවීමෙි විකාරය

ග්‍රන්ථ විචාරය

සමන් නන්දලාල් මුහුණු පොතෙහි සටහනක් තබමින් තමන් පොතක් ගැන ලංකාදීප "මතුමහල" විශේෂාංගයට ලියන ලිපිය නවත්වන බව නිවේදනය කර තිබිණ. ඒ අතරම තමාගේ ලිවීම විචාරයක් නොවන බවද ඔහු ප්‍රකාශ කර ඇත. ඒ කතාව ඇත්තක් විය හැකිය. කෙසේ වෙතත් එම ලිවීම වැදගත්ය. වඩා වැදගත් වන්නේ පොත් නොකියවා පොත් ගැන කතා කරන අයටය. අවසානයට ඔහු ලියා තිබුණේ මාකේස්ගේ සියක් වසක් හුදෙකලාව නම් පොත ගැනය. මේ පොත ගැන මා විචාරය කිරීමට පටන් ගන්නේ එය  සිංහලෙන් පළවීමටත්  පෙර සිටය. පසුව එය පරිවර්තනය වීමෙන් පසුව මා කළ  විචාරයක මතක මෙම ලිපිය මගින් මම මතු කරමි.  ජනක ඉණිමංකඩ මහතා ලංකාව තුළ කියැවීම විලාසිතාවක් කිරීමේ  පුරෝගාමියකු වී ඇති බවක් අපට පෙනී යයි. ප්‍රචාරාත්මක දෘෂ්ටියකින් කියවන විට මේ වැකිය ජනකගේ නමට ලකුණක් එකතු කරන බව ඇත්ත. එහෙත්  සාහිත්‍ය කියැවීම පිළිබඳව සලකන විට මේ විලාසිතාව හැඟවුම්කරණය කරන්නේ ලංකාව තුළ කියැවීම යනු නොකියවීම බවට පත්වී තිබෙන බවයි.දැන් ඉතින් ගාර්ෂියා  මාර්කේස්ගේ One Hundred Years of Solitude  පරිවර්තනය කරවා ප්‍රකාශයට පත් කිරීම හෑල්ලු කරතැයි නොසිතන්න. සියක් වසක් හුදෙකලාව පොත සමග මාර්කේස් නොබෙල් තියාගය ගනිමින් පැවැත්වූ දේශනය සහ ඔහු සමග කළ සාකච්ඡාවක පරිවර්තනය කෙසේ වෙතත් ඔහුගේ පෝස්ටරයක් නොමිලේ ප්‍රදානය කිරීම නොකියවීම කියවීමේ විලාසිතාවක් කිරීමට මුලපිරීමක් බව  නොකියා නොහැකිය. 

මාර්කේස් ගේ ප්‍රධාන කෘතිය සිංහලෙන් පළ කරන අවස්ථාව වන විට ඒ ගැන තවත් කතා කරන්නට දෙයක් නැති තරමට කතා කර අවසන් කර තිබිණ. එම පොතෙහි තිබෙන්නේ මොනවාදැයි හැමෝම දැන සිටියහ. ඒ පිළිබඳව වූ වෙබ් අඩවි අනන්තවත් පත්තරවල පරිවර්තනය විය. දැන් සිංහල පාඨකයාට කිරීමට ඇත්තේ එක් දෙයක් පමණකි. ජනක මහතා විසින් සපයනු ලැබ ඇති මාර්කේස්ගේ වර්ණවත් පෝස්ටරය තමාගේ කුටියේ පෙනෙන තැනක අලවා ගැනීමය. එවිට ලාංකීය නොකියැවීමේ කියැවීම් විලාසිතාව අනුව මාකේස් නොකියවාම වුවත් කියවූ බව අන්‍යයන්ට ප්‍රදර්ශනය වනු ඇත.කලකට පෙර මාක්ස් එංගල්ස් චේ ගේ  පෝස්ටර් හැඟවුම්කරණය කළේද මෙබඳු ඊනියා මාක්ස්වාදය විලාසිතාවකි. විචාරය  කියන්නේ තවත් එක් කියැවීමකට නම් පරිවර්තනය කියන්නේ ද තවත් කියැවීමකි. ඒ අනුව මාර්කේස්ගේ මේ පරසිදු පොත අප රට තුළ දෙවරක් කියැවීමට ලක්වී ඇත.

 පසුගිය සතියේ සමන් නන්දලාල් කතා කළේ මෙන්න මේ පරිවර්තනය වී තිබුණු පොත පිළිබඳවයි. දෙපාරක් පරිවර්තනය වීමට තරම් අපි මාකේස්ගේ සැබෑ වැදගත්කම වටහාගෙන සිටින්නෙමුද ? මා නැත යනුවෙන් උත්තර දෙන විට කලබල නොවනු  මැනවි.සියක් වසක්  හුදකලාව සමග නොමිලේ බෙදා දුන් ලතින් අමෙරිකානු හුදෙකලාව යනුවෙන් නම් කළ 1982 වසරේදී නොබෙල් ත්‍යාගේ පිළිගනිමින්  මාකේස් කළ දේශනයේ සිංහල පරිවර්තනය සීරුවෙන් කියවා ඔබ මගේ උත්තරය සමග එකඟ වනු ඇත. ලතින් අමෙරිකානු හුදෙකලාව යනුවෙන් මාර්කේස් අදහස් කළ දේ පරිවර්තකයන්ගේ කියැවීම තුළ කිය⁣වෙිදැයි මට කියන්න. ලතින් අමෙරිකානු අතීතය අද්භූත සිදුවීම්වල වලින් ගහනයයි කියන්නේ යුරෝපීය දෘෂ්ටියකිනි. ලතින් අමෙරිකානු අතීතකාමී දැක්මට අනුව එය යථාර්ථයකි. ඔවුන් අත්දුටු හුදෙකලාව නම් තමන්ගේම වූ ක්‍රමයකට අනුව මේ යථාර්ථය කියා ගත නොහැකිව සිටීමයි.මාර්කේස් මේ ක්‍රමය සොයාගත් බැවින් ඔහුට යුරෝපීය නවකතා ඉතිහාසය තුළ වැදගත්කමක් හිමිවෙයි.  මාර්කේස් කියවන විට අපට නොකියැවෙන දේ ඒ සැටියෙන්ම විශ්වාසයට ගෙන ලිවීමයි. ඒ දේවල් ඉන්ද්‍රජාලිකයක් නොවී යථාර්ථයක් වන්නේ මාකේස්ගේම විශ්වාසය තුළය ප්‍රතිපක්ෂ ලෙස දෙකඩ නොකිරීම තුළ ඉන්ද්‍රජාලයත් යථාර්ථයක් ඔහුට එකක්ම වෙයි. මේ කාලයේදී අප වටහා ගත යුතු දෙයක් නම් කියවීම තුළ නොකියවීම මතුවන්නේ මන්ද යන්නය. නිදසුනක් ලෙස ඒ කාලයේ මා මොනිකා රුවන්  පතිරණ මහත්මිය පිළිබඳව ලියූ ලිපියක සදාචාරය යන වචනය ඇය කියවූ සැටි මට මතකය. ඇගේ රෝගීකම ගැන ව්‍යාජ අනුකම්පාවක් ඉන් හැඟවුම්කරණය කළේ යැයි කල්පනා කළාය. ඒත් මා ලියූ සදාචාරාත්මක පෙලඹවී  යන වචනවලින් කියවුණේ අනෙකා තුළ ඇතිවන හැඟීම් මට බලපාන ආකාරය බව ඇයට නොවැටහිණි. එලෙස නොකියැවීමට හේතුව නම් සාහිත්‍ය මණ්ඩලයේ ඇත්තන් සානුකම්පිත හේතු මත නොව ඇත්තටම සාහිත්‍ය ත්‍යාගයත්  තමාට පිරිනමා ඇතැයි සිතීමට ඇය තුළ වූ කැමැත්තයි. මේ සියලු පටලැවිලි වලට හේතුව නම් අනෙකා කියන දේ තමාට වැටහීම පිළිබඳ අධිනිශ්චය  කල්පනාවන් අප තුළ වීමය. තවත් කෙනෙකුගේ කථන ලෝකයට පමණක් නොව අපේම අතීත කථනයට ඇතුළුවන විට පවා අප කථා කරන්නේ අපි කරන්නේ පරිවර්තනයකි.එවිට අප දේවල් තේරුම් ගන්නේ අනෙකාගේ භාෂාවේ සිට පරිවර්තනය වූ අපගේ භාෂාවකට අනුවය. මිහාල් බාක්තීන්ට  අනුව සියලු සන්නිවේදන හුවමාරුවක්ම පරිවර්තනයක් බව ඉන් වැටහිය යුතුය. අපේ රටේ පරිවර්තන ව්‍යාපෘතිවල ඇති මෝස්තරකාරී බවට හේතුව පැහැදිලි කරගත යුත්තේ ඒ අනුවය. ඒ අනුව මාර්කේස්ගේ වියමනෙයි යන බවෙන් දිහා පරම්පරාවේ අන්තිමයා වූ අවුරේලියානෝගේ ඌරු වලිගය උරුසුලා ඉඟුරන්ගේ පරම්පරාවේ උපන් ඌරු වලිග කාර්යාට සම්බන්ධ වෙන සැටි අපට නොවැටහී මාකේස් අතීතය වර්තමානය සහ අනාගතය එක මත එක වැටෙන සේ යෙදීමෙන් නිර්මාණය කරන ඉන්ද්‍රජාලිකය යථාර්ථයම වන බව වටහා ගන්නවුන් කී දෙනෙක් හමුවිය හැකිද? ඉතින් මේ  මාර්කේස්ගේ පොත පැමිණෙන්නේ  මෙවැනි විකාර කියැවීම් සමුදායක් මැදටය. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා තමා  මහා පශ්චාත් නූතනවාදී නවකතාවක් ලිවියේ යැයි මහත් වූ ඝෝෂාවක් එකල නැගූ සැටි කාටත් මතක ඇති. තමා මාර්කේස්ගේ නවකතාව හැදෑරූ බව මහාචාර්යතුමා ඒ නවකතාවේ පෙරවදනේ සඳහන් කර තිබිණ. එහෙත් මාර්කේස් පශ්චාත් නූතනවාදී වන්නේ කෙසේදැයි එතුමා දන්නේද?

 

 

ඩෙරීඩා මානව කේන්ද්‍රීයතාව නම් වූ අදහසක් පළ කර ඇත. යුරෝපීය ඉගැන්වීම් තුළ මානව විද්‍යාව පටන් ගැනුණේ යුරෝපීය සමාජයේ ශිෂ්ටාචාරය මධ්‍ය කේන්ද්‍රය බවට ප්‍රකාශ කරවා ගැනීමටය. එනම් අනෙක් සියලු සංස්කෘතීන්හි ප්‍රමිතිය තීරණය කිරීමේ මිම්ම බටහිර සංස්කෘතිය ලෙස පත් කිරීමය. මාර්කේස් තම නවකතාව මගින් මේ මධ්‍ය කේන්ද්‍රය පිළිබඳ පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි.නොබෙල් ත්‍යාගය  ගනිමින් ඔහු කළ දේශනයේදී ඔහු වෙනත් වචනවලින් කියන්නේ එයයි.  මාර්කේස් ගේ වියමන මනෝ විශ්ලේෂණීය කියැවීමක් කරා ගෙනයන්නේ නම් මැකෝන්ඩෝව යනු කුමක්ද? එහි සංඥාව ගර්භාෂයයි. එනම් දුවෙන්ඩියාගේ පරම්පරාව උපන් ස්ථානයයි. නවකතාකරු කර්නල් අහුරුලියානුබුවෙන්ඩියා ගැන කියන විට නිතර නිතර තම පියා සමග අයිස් බැලීමට ගිය සැටි ගැන කියන්නේ ඇයි? මෙම නවකතාවේ කේන්ද්‍රීය  වීර චරිතය කර්නල් අවුරැලියානෝ ය ඔහු පියාගේ ලෝකය තුළින් ජීවිතය දුටුවෙකි. අනෙක් අයගේ ජීවිත බොහෝ විට උරුසුලා ඉගුවරම් නම් මවගේ ග්‍රහණයට නතුවී තිබිණි. ජෝසේ ආකේඩියෝ නම්බු තම දාමරික පුත්‍රයාට ඇය බූවල්ලෙන් පහර දෙන අවස්ථාව සිහියට නගා ගන්න. මේ සියලු චරිත ගොඩනැගීම  බැසීම පිළිබඳ හැදෑරීම ඔබට මනෝ විශ්ලේෂණයේ අධ්‍යයනයක් අවශ්‍ය  වන බවට නිසැකය.ඒත් එබඳු කියැවීමකට යන මග පෙන්වීමක් නැති අපට ඇත්තේ කියැවීම් විලාසිතාවක් පමණි. අප වූ කලී මාර්කේස් කුන්දේරා ඇලෙන්ඩි තොගපිටින් පරිවර්තනය කරගනිමින් සිටින රටකි. සතියක් තුළ කෝටි හතක පොත් මිලදී ගත් ජාතියකි. මා මේ කියන්නේ 2003 වසරේ පැවති පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් මෙහෙයවන පොත් ප්‍රදර්ශනය ගැනය.එසේ නම් වාර්ෂික සාහිත්‍ය තෑග්ග සඳහා කුණු කන්දල්ම තෝරාගන්නේ මන්දැයි ඔබ කල්පනා කළාද? අප ඔය තරම්ම කියවන ජාතියක් නම් මේ වන විට අප තුළ මහත් වූ විපර්යාසයක් සිදුවී තිබිය යුතුය. එවැන්නක් නොවන්නේ මක් නිසාද? මම එය  සමන් නන්දලාට කලින් එලෙස ප්‍රශ්න කළෙමි. මාර්කේස්ගේ පොතෙහි  සිංහල පරිවර්තනය සීරුවෙන් කියවන්න. අර ප්‍රශ්නවලට පිළිතුරු එහි වාක්‍ය අතර සැඟවී ඇත.හැකි නම් සොයාගන්න.



අදහස් (0)

පොත් නොකියවා විචාර ලිවීමෙි විකාරය

ඔබේ අදහස් එවන්න

 

 
 

ග්‍රන්ථ විචාරය

අරුන්දතී රෝයි කැරිස්මාව
2025 අප්‍රේල් මස 22 285 0

එක්තරා කාලයක අරුන්ද රෝයි අපේ රටේ සාහිත්‍යකරුවන් අතර අධිනිශ්චය වී තිබිණි. කොටින්ම සති අන්ත සිංහල පුවත්පත්වලට අරුන්දතී රෝයි නැතුවම බැරි විය.


පොත් නොකියවා විචාර ලිවීමෙි විකාරය
2025 අප්‍රේල් මස 08 248 0

සමන් නන්දලාල් මුහුණු පොතෙහි සටහනක් තබමින් තමන් පොතක් ගැන ලංකාදීප ’’මතුමහල’’ විශේෂාංගයට ලියන ලිපිය නවත්වන බව නිවේදනය කර තිබිණ. ඒ අතරම තමාගේ ලිවීම විචා


නිර්මාණ සාහිත්‍යයට විලංගුලන ස්ත්‍රීවාදය
2025 මාර්තු මස 25 70 0

රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව


සුනේත්‍රාගේ ප්‍රේමපුරාණය නිදහස් කාමිනියකගේ ආත්ම ප්‍රකාශනයක් ද?
2025 මාර්තු මස 18 116 0

මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම


ක්‍රිෂාන්තිගේ ’’ලැකානියානු ඇස’’ මනෝවිකාරයක්
2025 මාර්තු මස 11 309 0

පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්


සිරිල් බීගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ අමරණීය නවකතාවක්
2025 මාර්තු මස 04 152 0

සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 314 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 83 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1108 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site