
(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ ඇති ඡන්ද මධ්‍යස්ථානය ආසන්නයේ කළහකාරී ලෙස හැසිරුණු සැකකරුවකු මිනුවන්ගොඩ පොලිසිය විසින් අද (5) අත්අඩංගුවට ගනු ලැබීය.
ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට සහ ඡන්ද මධ්‍යස්ථානය වෙත එන මහජනතාව අසිරුවට පත් කරමින් එසේ කළහකාරී ලෙස හැසිරිම හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු බොරගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.