IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මේක මාර නඩුවක් තමයි

පහුගිය දවසක පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක සජීවී වැඩසටහනකින් කෙනෙක් කතා කරලා ඇහුවා එයාල මේ දැන් අපේ රටේ සිනමාවේ අර්බුදය ගැන කතා කරනවා ඒකට අදහස් දැක්වීමක් කරන්න පුළුවන්ද කියලා. ඉතිං ඕකට අමුතු සූදානමක් මොකටද කියලා හා කිව්වා. සිනමාවේ අර්බුදයක් තියෙනවද, ඒකට කවුද වගකියන්න ඕන, ඒකට දෙන්න පුළුවන් විසඳුම් මොනවද, චිත්‍රපට බෙදාහැරීම පිළිබඳව දැන් ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන මොකද හිතෙන්නේ, අපේ රටේ සිනමා විචාර කලාව ගැන මොකද කියන්නෙ වගේ ප්‍රශ්න හතර පහක් නිවේදකයා ඇහුවා. මේ ටිකේම සිනමාවේ මේ අවුල ගැනම ලිය ලිය හිටපු නිසා වැඬේ පහසු වුණා.

ඇත්තටම අමුතුවෙන් කියන්න දෙයක් නෑ. දැන් කාලයක් තිස්සෙම අපේ සිනමාව කියන්නෙම ප්‍රශ්න පත්තරයක්. අපේ සිනමාවේ ප්‍රශ්නයක් නොතිබුණු දවස මොකක්ද කියලයි හොයල බලන්න ඕන. එහෙම දවසක් ඉතිහාසයේ තිබිලම නෑ මං හිතන්නේ. සිද්ධ වුණේ තිබුණු ප්‍රශ්නවලට තව අලුතෙන් ප්‍රශ්න එකතු වුණු එක මිසක් ඒ ප්‍රශ්න එකකටවත් හරියාකාරව නිට්ටාවට බෙහෙතක් නොලැබීම.

දැන් තවත් අලුත් ප්‍රශ්නයක් ඇවිත්. අලුත් කිව්වට මේකත් අලුත්ම නෑ. කාලයක් තිස්සේ ඇදි ඇදී ආපු ප්‍රශ්නෙ අලුත් මුහුණුවරකින් පැමිණීමක්. නඩුහබ දක්වා දිගේලි වුණු චිත්‍රපටි බෙදාහැරීමේ ප්‍රශ්නය තමයි ඒක. දැන් ආපහු මේක ජාතික චිත්‍රපටි සංස්ථාව අතට ඇවිල්ලලු. ඒකට චිත්‍රපටි හදන සමහර අය කැමති නැතිලු. ආපහු තැන තැන ගෝරිලු මේකට. ඉතින් කොහොමද සිනමාව ගොඩදාන්නේ. එළ හරකයි මී හරකයි කරත්තෙ බැන්දා වගේ වැඩක් මේක. දෙගොල්ලො දෙපැත්තට අදිනවා. ආපහු උසාවි යනවා. උසාවියෙන් තීන්දු හම්බවෙනවා. ඒකට ආපහු කට්ටියක් අකමැති වෙනවා. ආපහු රණ්ඩු වෙනවා. මේ සෙල්ලම තව කොච්චර කල් කරන්නද දන්නෙ නෑ මේ ගොල්ලො කල්පනා කරන්නේ. මේ රණ්ඩුවලින් සිනමාවට මහ ලොකු සුගතියක් වෙයි කියල නම් හිතන්න අමාරුයි.

අපි නම් කියන්නේ සිනමා ප්‍රේක්ෂකයෝ විදියට බඩකට පිරෙන්න ලස්සන චිත්‍රපටි හදලා ඒවා ගහ මරා ගන්නෙ නැතුව හෝල්වලට පිළිවෙළකට දාල පෙන්නන්න කියන එක තමයි. කලාකාරයො කියන්නේ මාර සංවේදී කට්ටියක් කියල එයාලම තැන තැන කිය කිය යන ගමන් මේ විදියට නඩු දාගන්න එක ඒ තරම් හොඳ නෑ. සමහර චිත්‍රපටි අධ්‍යක්ෂ අයියල තමන්ගෙ වැඬේ ගැනම හිත හිත මස් රාත්තලම ඉල්ලනව කියලත් ආරංචි වෙනවා. කාටත් පිළිගන්න පුළුවන් ක්‍රමවේදයක දී තමන්ගෙ පංගුව ගැනම විතරක් හිතන එක ඒතරම් හොඳ මදි.

අපි දන්නෙ නෑ චිත්‍රපටි සංස්ථාවට ඔය කරට ගත්තු රාජකාරිය හරියාකාරව කරගෙන යන්න පුළුවන්ද කියලා. කිසිම ගැටලුවක් නැතුව කරගෙන යන එක තමයි ඒ අයට තියෙන අභියෝගය. ජාතික චිත්‍රපටි සංස්ථාව චිත්‍රපටි බෙදාහැරීමේ දී ජාතික මැදිහත්වීමක් කරන එක හොඳයි. ඒක නියාමන ක්‍රියාවලියක් වගේ දෙයක් වෙන්න ඕන කියලා ක්ෂේත්‍රයේ මේ ගැන දැනුම් තේරුම් තියෙන අය කියනවා. මේ ගැන පහුගිය කාලය පුරාම විවිධ වාද විවාද ඇති වුණා. ඒත් තාම ඒකට හරිහමන් උත්තරේ හම්බවෙලා නෑ.

සිනමාවේ මේ අවුල ලිහන්න කියලා පහුගිය කාලෙ එක එක කමිටු පත්කෙරුවා. ඒ කමිටුවලින් එන එක ජාතියේ වාර්තා අරගත්තා. මේවට සම්බන්ධ අය වරින් වර ජනාධිපති එක්ක සාකච්ඡා මේසවලටත් වාඩි වුණා. ඒත් තේ බීපු එක ඇරෙන්න ප්‍රතිඵලයක් නෑ වගේ. මේ ආණ්ඩුව යටතේ සිනමාව ඇමතිවරු තුන් හතර දෙනෙකුට වරින් වර මාරු වුණා. ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර වගේ අයගෙ අතින් අතට ගියපු මේක දැන් සජිත් ප්‍රේමදාසගෙ අතට ඇවිත්. මේ ටික කාලෙට ජාතික චිත්‍රපටි සංස්ථාවට සභාපතිවරුම තුන්හතර දෙනෙක් පත්වුණා. පුදුම ආණ්ඩුවක් මේක. ගෝරියක් නැතුව කිසි තැනක වැඩක් කෙරෙන්නෙ නෑ.

කලින් තිබුණු ආණ්ඩු වගේම මේ ආණ්ඩුවත් සිනමාව කියන එක පයිසෙට දාල සලකන බවට තවත් උදාහරණ අවශ්‍ය නෑ. බැරිකම නෙවෙයි තියෙන්නේ ඕන නැතිකම. සජිත් ප්‍රේමදාසට රට වටේ ගෙවල් හද හද යන්න තියෙන උනන්දුවෙන් අරික්කාලක්වත් සිනමාව ගොඩගන්න තියෙනව නම් කරන්න බැරි වැඩක් නෙවෙයි මේක. හැබැයි ඒක සරදියෙල් පන්නයේ විසඳුම්වලින් නම් ගොඩ දාන්න බෑ.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

මේක මාර නඩුවක් තමයි

ඔබේ අදහස් එවන්න

රසවින්දන

කාන් සිනමා උළෙලේ කලාත්මක චිත්‍රපට අතරට ’බඹරු ඇවිත්’
2020 ජුලි මස 17 6954 5

ලෝකයේ ප්‍රධාන සිනමා සම්මාන උළෙලක් වන කාන් අන්තර්ජාතික සිනමා උළෙලට සමගාමීව තිරගතකෙරෙන කලාත්මක චිත්‍රපට මාලාව අතරට ප්‍රවීණ සිනමාවේදී ධර්මසේන පතිරාජග


අද දැයෙන් සමුගන්නා ශිල්ප දුන් ශිල්පාධිපති
2019 සැප්තැම්බර් මස 04 5283 3

විසිවෙනි සියවස මුල් භාගය වනතෙක් ම දේශීය නර්තන කලාව ශාන්තිකර්මවලට පමණක් සීමා වී තිබුණි. එහි මූලික අරමුණුවලින් බැහැරව නිර්මාණාත්මක හා කලාත්මක චින්තනවල


අපි සියල්ල නැති කරගෙන
2019 ජුලි මස 26 2579 7

ලාංකේය සුභාවිත සංගීතයේ අඩසියවසක් පුරා එක ලෙස තම ජනප්‍රියත්වය රඳවා ගැනීමට කවුරුන් හෝ සමත් වෙයි නම් එය මහා භාග්‍යයකි.


දඩයක්කාරයාගේ සංසාරය
2019 ජුලි මස 26 3237 1

“සංසාරේ දඩයක්කාරයා” සයිමන් නවගත්තේගම සූරීන්ගේ “දඩයක්කාරයාගේ කතාව” කෘතියේ අනුවර්තනයක් බව නාමාවලියේ සඳහන් වේ.


බෙදන්නේ කවුද? ප්‍රේක්‍ෂකයාට අදාළම නැත
2019 ජුලි මස 26 768 2

චිත්‍රපට බෙදාහැරීමේ අවුල තාම ඉවර නෑ. චිත්‍රපට සංස්ථාවට මේ වැඬේ පැවරුණා කියලා ලොකු සද්දයක් දාලා වැඬේ කරන්න පටන් ගත්තා විතරයි මෙන්න ඒ තීරණය ආපසු වෙනස් ව


පරව නොයන කුසුම ඔබයි
2019 ජුලි මස 26 2317 4

“හෙට දිනයේ නැවත හමුවන බලාපොරොත්තුවෙන් මේ ආයුබෝවන් කියන්නේ කුසුම් පීරිස්. ආ..යු..බෝ..ව..න්” එදා ගුවන් විදුලියෙන් ඉදිරිපත් කළ වැඩසටහනක් අවසානයේදී සිය ආදර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site