IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


සුව නින්දට ගිය හෙළ සිනමාවේ නිළි රැජින

‘‘මම අද අවේ ආදරය සොයාගෙන ‘‘ආවා සොයා ආදරේ.  මට මේ වගේ ආදරයක්. මට තේරෙන්නේ නෑ කොහොමද කියන්නේ කියලා.  මට ගොඩාක් දේවල් කියන්න තිබෙනවා. මා වෙනුවෙන් වෙන්කරගෙන ආපු එක මට කෝටිකයක් වටිනවා.  ඒ මොනවා වුණත් මට එක දෙයයි කියන්නේ තිබෙන්නේ මට හැමදාම ආදරය ලැබුණා ඒ වගේම මාත් ආදරය  දුන්නා. ඒක මම නවත්වන්නේ නෑ.මම කොහොම හරි ඒ ආදරය රැක ගන්නවා. මම ආදරෙයි හැමෝටම‘‘

 

මේ පසුගිය අප්‍රේල් 30 වැනි දා 78 වැනි උපන්දිනය වෙනුවෙන් සිනෙස්ටර් පදනම සංවිධානය කළ උත්සවයේදී  ශ්‍රී ලාංකිය සිනමාවේ නිළි රැජින කියු කතාාවයි.  එහෙත් දෛවය ඇයට ඒ ආදයර රැකගැනීමට ඉඩ නොදුන්නාය. උපන් දිනයෙන් මසක් යෑමට පෙර එනම් අද (මැයි 24) දිනයේදී මේ නිළි රැජින අපෙන් සමුගෙන ගියේ බොහෝ දේ අපට කියාදෙමිනි.

 

මේ නිළි රැජින අන් කවරකු නොව වන්නිආච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නැතිනම් අප කවුරුත් දන්නා මාලනී ෆොන්සේකාය. 1947 අප්‍රේල් 30 වැනි දින කැලණිය පෑලියගොඩදි  උපත ලැබු මාලනී 5 වැනි ශ්‍රේණිය දක්වා කැලණිය ගුරුකුල මහ විදුහලෙන් ද, අනතුරුව නුගේගොඩ  ශාන්ත ජෝන්  විදුහලෙන් ද අධ්‍යාපනය හැදෑරුවාය. ගිල්බට් ෆොන්සේකා හා සීලවතී ෆොන්සේකා මවුපියන්ට දාව උපත ලැබු මාලනි, සොහොයුරියන් තිදෙනකුට සහ සොහොයුරන් දෙදෙනකුගෙන් යුත් පවුලේ කාගේත් ආදරය දිනාගත් තැනැත්තිය වූවාය.

පාසල් අවධියේම නාට්‍ය කලාවට, රංගනයට ආදරයක් ආසාවක් ඇති වූ මාලනී එවකට පාසලේ නර්තන ගුරුවරයා වූ එස්. මලල් මහතාගේ මඟ පෙන්විම නිසාම, ඒ පැත්තට යොමුවිණි. 1963 දී ‘‘නොරත රත‘‘ නාටයෙන් රංගනයට  අත්පොත තැබූ ඇය. පසුව‘‘අකල් වැස්ස‘‘ වේදිකා නාට්‍ය වෙනුවෙන් හොඳම වේදිකා නාට්‍ය නිළිය බවට ද 1968 දී සමත් වූවාය.

අවුරුදු 15 -16 දී ‘‘කැලණි කල්යාණි‘‘ ලෙස තේරුණු මාලිනී 1968 දි තිස්ස ලියනසූරිය මහතාගේ ‘‘පුංචි බබා‘‘ චිත්‍රපටයෙන්  සිංහල සිනමාවට  එක් වූ අතර එතැන් සිට ඇය සිනමාවට නැතුවම බැරි නිළියක් බවට පත් වූවාය.

‘‘දහසක් සිතුවිලි, එයා දැන් ලොකු ළමයෙක්, නිධානය, ආදරේ හිතෙනවා දැක්කම, තුෂාරා, මාතර ආරච්චි, බඹරු ඇවිත්,  අහස්ගව්ව, වීර පුරන්අප්පු,  බැද්දේගම,උප්පලවණ්ණා, සරිගම, රූකඩ පැංචි,අන්තිම රැය,වෑකන්දේ වලව්ව,  ඇතුළු චිත්‍රපට 150කට වැඩි සංඛ්‍යාවකට ඇය රඟපෑවේ මෙරට ප්‍රේක්ෂකයන්ගේ ඉහළ ආදරය දිනාගනිමිනි.

ඇය රංගන ශිල්පිනියක් පමණක් නොවූවාය. 1984 දී‘‘සසර චේතනා‘‘ 1987 දී ‘‘අහිංසා‘‘, 1991 දි ‘‘ස්ත්‍රී‘‘ 1994 දි ‘‘සඳමඩල‘‘ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළා පමණක් නොව සමහර ඒවායේ  තිර රචනය ද නිෂ්පාදනය ද ඇය විසින් සිදු කර තිබීම විශේෂත්වයකි.  මෙරට පළමු චිත්‍රපට අධ්‍යක්ෂවරිය පමණක් නොව ටෙලිනාට්‍ය පළමු අධ්‍යක්ෂවරිය බවට ඇය පත් වුවාය.

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ද එක් වූ ඇය ‘‘පිටගම්කාරයෝ, කෙම්මුර, සිසිල ඉඩ‘‘වැනි  ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දැයක වූවාය.  එමෙන්ම ඉන්දීය දමිළ චිත්‍රපට කීපයකට ද රංගනයෙන් දායක වූ මාලනී, දමිළ සිනමාවට එක් වු පළමු ශ්‍රී ලංකික නිළිය බවට පත් වූවාය.

ඇය අසනීපව සිටි කාලයේ අන්තිම වරට රඟ පෑ චිත්‍රපටය වූයේ  ළඟදී තිරගතවිමට නියමිත වින්දන හා කල්පන ආරියවංශ සොහොයුරන් අධ්‍යක්ෂණය කළ‘‘මලනී දුවේ නුඹ‘‘ චිත්‍රපටයයි. එහි ඇය තමන්ගේ පවුලේ පරම්පරා දෙකක් සමග රඟ පෑ අතර පරම්පරා තුනක් රඟපෑ පළමු සිංහල චිත්‍රපයට ලෙස එය සැලකේ.

මලනී අන්තර්ජාතික සිනමා උළෙලක සම්මානයට පාත්‍ර වූ පළමු ශ්‍රී ලංකීය නිළිය ලෙස  සැලකේ. ඒ 1976 දී ‘‘9 වැනි මොස්කව් අන්තර් ජාතික සිනමා උළෙලේ දි‘‘ ආචාර්ය  ධර්මසේන පතිරාජගේ ‘‘එයා දැන් ලොකු ළමයෙක්‘‘චිත්‍රපයට වෙනුවෙන් ගෞරව ඩිප්ලෝමා සහිතකය දිනාගනිමිනි.

ඇය මෙරටදී සරසවි, ජනාධිපති,ස්වර්ණ සංඛ,OCIC,සුමති, UNDA ‘‘ යන සියලු සම්මාන උළෙලවලදී හොඳම නිළිය, ජනප්‍රිය නිළිය, හොඳම අධ්‍යක්ෂණය  ඇතුළු සම්මාන රැසකට හිමිකරගත් අතර ජනතා සම්මාන පිට පිට වසර ගණනාවක් හිමිකර ගත්තේ ජනතාවගේ ආදරය හා කැමැත්ත තවමත් ඇයට තිබෙන නිසාය.

ඇය ගැන බොහෝ දේ ලිවිය හැකිය. ඒ ඇය හෙළ සිනමා නිළි රජිනිය නිසාය. ඒ සියල්ලටම වැඩි ඇය නිහතමානීය. කා සමඟත්  සුහදව කතා කරන්නීය.ඕනෑම වයසක කෙනෙකු සමඟ වුවද ඇය කතා කරන්නේ කලක් හඳුනන කෙනෙකු මෙනි. උතුම් ගුණංග රැසක් තිබූ මේ අපූරු කලාකාරිණිය අද අපෙන් සමුගෙන ගොස් හමාරය. එය මෙරට සිනමාවේ ලොකු හිස්තැනක් තබා ගිය ගමනකි. යළි හෙළ සිනමා නිළි රැජිනක් අපට ජීවමානව දකින්නට නැත.

එදා රුක්මණි දේවියගෙන් පසු නිළි රැජින කිරුළ දිනූ මාලිනිය අද සුව නින්දේය.

මාලනී පිළිබඳව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා කියු දෙයක් මට මතක් විණි.

‘‘මාලිනි රංග කලාව පිළිබඳ ආයතනික පුහුණුවක් නොලැබුවාය. ඇයගේ රංග ප්‍රතිභාව උද්දීපනයට පත්වූයේ මේ ඝෝර සසරේ ඈ වින්දාවූ අප්‍රමාණ දුක් පීඩා, හෙළූ කඳුළු සුසුම්වලිනි. ඈ වඩාත් සිනාසී ඇත්තේ  රිදී තිරයේදී  පමණක් ද විය හැකියි. එහෙත් ඈ තවත් පැත්තකින් භාග්‍යවන්තියකි. මක් නිසා ද ඇය අතින් දැන හෝ නොදැන කොරෙන වැරදිවලට පවා සමාව දීමට තරම් රසිකයා ඇයට ආදරය කරන බැවැනි. ඔවුන් සෑම දෙනාටම ඇය ‘‘මගේ මාලිනී‘‘ය‘‘

 

මේ කියමන ඇයට සිදු කළ උපහාරයක් මෙනි. මෙරට සිනමාවට,පුංචි තිරයට, වේදිකාවට ආලෝකයක් වූ මේ නිළි රැජින අද ඒ අලෝකය නිවාදමා තිබුණත් ඇය කළ කෑ දෑ තවත් බොහෝ කාලයක්  යනතුරු දීප්තිමත්ව බැබළේවි.

මෙවර 78 වැනි උපන් දිනය දා ඇය තම ජීවිතයේ ඉහළම සතුට වින්දාය. එය මෙරට රංගන ශිල්පිනියක  ලැබූ ඉහළම ගෞරව උලෙලක් විය. ඒ සතුටත් සමග අද පාන්දර එක පහු වී  තම ජීවය අත්හැරි මේ නිළි රැජිනිය පරම්පරා ගණනාවක් මතකයේ රැව්දෙනු නොඅනුමාය  හෙළ නිලි රැජිනියනි ඔබට නිවන් සුව පත්තෙනේ ශෝකයත් හද තුළ රඳවාගනිමිනි.

 

ඔබට සුබ ගමන්

නිළි රැජිනියනි

(සමන්ත යහම්පත්)

 

 

 

 



අදහස් (1)

සුව නින්දට ගිය හෙළ සිනමාවේ නිළි රැජින

randil dunuwille Saturday, 24 May 2025 02:39 PM

යුග ගණනක්, දශක ගණනක්, පරම්පරා ගණනක් සිත් සතන් සැනසූ පිනෙන්ම සසර ගමන නිවී සැනහේවා.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 78 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 251 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site