සිංහල-දෙමළ කවියෙන් මැති සබය රසවත් කළ - අස්වර් හිටපු ඇමැතිවරයකු වූ අල්හාජ් ඒ.එච්.එම්. අස්වර් මහතා අභාවප්‍රාප්තවී අදට (30) වසර හතරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 30 August 2021
යථාර්ථයේ ස්වභාවය නොතේරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘සෞභාග්‍යයේ දැක්ම’ නමින් තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ ලංකාවේත් සමස්ත ලෝකයේත් තත්ත්වය සාමාන්‍ය යැයි යන උපකල්පනය මතය. ඒ වනවිටත් රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබූ නමුත් පැවැති සන්දර්භයට සාපේක්ෂව එකී යෝජනාවලිය ඊට ප්‍රමාණවත් එකක් විය. එහෙත් කොරෝනා වසංගතයේ ආගමනය සමග දේශීය පරිසරය මතු නොව ගෝලීය තත්ත්වය පවා සහමුලින්ම වෙනස් විය. 30 August 2021
ඇමෙරිකාව සිනහවට ලක්කළ බයිඩන් තීන්දුව ඇෆ්ගනිස්ථානය තුළ වසර 20ක් රැඳී සිටිමින් ඩොලර් ට්‍රිලියනයක් වැය කළ අමෙරිකාව හදිසියේම ඇෆ්ගන් දේශයෙන් පිටවීම ලොවපුරා ප්රමුඛ මාතෘකාවක් බවට පත්වී තිබිණි. ඉන් දෙසතියක් ගතවන විට අමෙරිකාව දැන් ප්‍රකාශ කරන්නේ අගෝස්තු 31 වැනිදා වනවිට ඇෆ්ගනිස්ථානයේ සිටින සියලුම අමෙරිකානුවන් එරටින් ඉවත් කර ගන්නා බවය. 30 August 2021
නීතිය පසෙක දමා හිතෙන දේ කිරීම කෝවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මහත් ව්‍යසනයක් සිදුකරමින් සිටින අවස්ථාවක සංහිදියා කටයුතුවලට ප්‍රමුඛත්වය ලබාදීම රජයට කිසිසේත්ම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. 28 August 2021
කෝටි 30ක් බැලූ ලංකාවේ වතු සේවකයන් ගැන කියන ගීය පසුගියදා කාමාතුරයන්ගේ කුරිරුකම හේතුවෙන් අතිශය ඛේදනීය ලෙස ජීවිතය හැරදමා යන්නට සිදු වූ වතුකරයේ දැරියකගේ ශෝකාකලාපය සමාජයෙන් තවමත් ඉවත්ව ගොස් නැත. වතුක 28 August 2021
කාබුල් ගුවන් තොටට පහරදුන් අයි.එස්. ත්රස්තයෝ තලේබාන් පාලනයට බියෙන්, ඇෆ්ගනිස්තානයෙන් පලා යෑමට උත්සාහ ගන්නා ඇෆ්ගන් සිවිල් වැසියන් කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඇතුළු වීමට පොරකද්දී, ගුවන්තොටුපොළ පරිශ්‍රයේ බෝම්බ පිපිරීම් දෙකක් සිදුවිය. පුපුරා ගියේ මරාගෙන මැරෙන බෝම්බ දෙකකි. එයින් 90 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබූ ගණන 200 කට ආසන්නය. 28 August 2021
කොරෝනා දේශපාලන ව්‍යාධිය මේ රටේ අති බහුතරයකගේ සිත් කොතරම් දුරට දේශපාලනීකරණය වී ඇත්දැයි දැන ගැනීමට ඉතාම හොඳ දර්ශකය ඔවුන් කොරෝනා ලෝක වසංගතය දෙස බලන ආකාරයත් ඒ අනුව ක්‍රියා කරන ආකාරයත්ය. 28 August 2021
අඩවියක් අනතුරට දැමූ කොටගල කෝවිල් උළෙල කොටගල දිඹුල බෝගහවත්තේ කෝවිලේ ඉකුත් දිනෙක උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් එම කෝවිලේ පාලක සභාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ. සුදර්ශන් මහතා පැවැසූ බව සඳහන් පුවතක් අප පුවත්පත වාර්තා කළේය. 28 August 2021
නාමල්ට උසස්වීමක් අඩු කාර්යසාධනයක් පෙන්වීයැයි වන කාණ්ඩයේ දෙවැනි තැන සිටියේ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියයි. සෞඛ්‍ය ඇමැතිනිය ලෙස තමාට වැඩි වගකීමක් ලබා දී, නැතැයි ඇය සිය හිතවතුන් හමුවේ මැසිවිලි නඟා තිබිණ. කෙසේවුවත් ඇය වසංගත තත්ත්වය මර්දනය කිරීම වෙනුවෙන් පිහිටුවා තිබෙන කාර්යසාධන බලකායේ සාමාජිකාවකි. අනෙක් පසින්, ඇය සෞඛ්‍ය ක්ෂේත්රයට පමණක් නොව මුලු රටටම දැඩි හානියක් අත්කර දුන් ක්‍රියාවල නියැලුණා මෙන්ම ප්‍රකාශද කළා ය. 27 August 2021
නාඩගම්කාරයන්ට ‘නාඩගම්කාරයෝ’ අභියෝගයක්ද? ටෙලිනාට්‍ය දැන් සෑම නාලිකාවකම ප්‍රධාන කටයුත්තක් බවට පරිවර්තනය වී ඇත. ඒ අතරතුර ඉන්දීය, කොරියානු, ජපන් ආදී කොටගත් විදේශ නිර්මාණද එකිනෙකා පරයමින් සිටී. සිනමාවේ කලාත්මක සහ වාණිජ වෙනස දැන් දැන් ටෙලිනාට්‍ය කලාව තුළ ද ඇතුළු වී ඇත. ජනතා රස මනස පුබුදුවාලීමටත් ආනන්දයෙන් ප්‍රඥාව කරා යෑමට යම් ටෙලි නිර්මාණයකට හැකියාව ඇත්නම් එය ප්රශස්ත කටයුත්තකි. 27 August 2021
සිනමාවේ හැඩය වෙනස්විය යුතුයි 2012 දී ‘සුපර් සික්ස්’ නම් අති දැවැන්ත සිංහල චිත්‍රපටය නිර්මාණය කරමින් සිනමාවේ පෙරළියක් ඇති කළ උදාර පල්ලියගුරු අද වනවිට එම භූමිකාවෙන් තවත් ඔබ්බට යමින් ලංකාවේ දැවැන්තම චිත්‍රපට නිෂ්පාදකවරයකු බවට පත්ව සිටී. ඉදිරියේදී තිරගත කිරීම සඳහා චිත්‍රපට කීපයක්ම නිර්මාණය කර තිබුණත් කොරෝනා අර්බුදය ඊට හරස් වී තිබෙන්නේ සෑම ක්ෂේත්රයකටම එම ප්රශ්නය බලපා තිබෙන නිසා ය. 27 August 2021
ආණ්ඩුවේ අළුයට ගිනි ආණ්ඩුව හා හවුල්කාර දේශපාලන පක්ෂ අතර මත ගැටුම අළු යට ගිනි පුපුරු මෙන් විටින් විට එළියට එමින් තිබේ. ඉන්ධන ගැටලුව මුල්කරගනිමින් බැසිල් රාජපක්ෂගේ කණ්ඩායම ඉකුත්දා උදය ගම්මන්පිල ඇමැතිවරයාට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. එය පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් දක්වා දුරදිග ගියේය. 27 August 2021
මග සිටියොත්? ගෙදර ගියොත්? රට පත්වී ඇති අනතුර සුළුපටු නැත. වසනවා ද විවෘතව තබනවා ද යන දෙගිඩියාව ඇත්තේ ආණ්ඩුවට පමණක් නොවේ ය. සමස්ත සමාජයම ඒ දෙගිඩියාවේ අයිතිකරුවෝ වෙති. මේ මොහොත අතිශයින්ම බියකරු ය. හෙට දවස ද එසේම ය. අනිද්දා හොඳ වෙනු ඇතැයි සිතීම පවා සැක සහිතය. වැසුවත් විවෘතව තැබුවත් වෙනසක් නැති තැනකට රට පත් වී ඇත. 27 August 2021
රට වසාදැමීම වගේම රටේ ආර්ථිකයත් බලමු ලොව මහා බලවතුන්ට පවා ආණ්ඩු මට්ටු කරගත නොහැකි වූ කොරෝනා වසංගතය විසින් අප රටට කරනු ලැබ ඇති හදිය සුළුපටු නොවේ. ලෝකය පුරා මරණ ලක්ෂ 45ක් වාර්තා වෙද්දී අප රටේ මරණ ගණන අට දහසකට ආසන්නය. ලොව පුරා දිනෙන් දින වාර්තා වන රෝගීන් ගණන දස ලක්ෂ ගණනින් ඉහළ නගී. මෙම පසුබිමේ ශ්‍රී ලංකාව නැවතත් දින 10කට වසා දමා වසංගතය පාලනයට ආණ්ඩුව ගෙන යන පිළිවෙත තවත් දැඩි බවට පත් කළේය. 27 August 2021
ලක්දිව පුබුදු කළ පාණදුරා මහාවාදය බෞද්ධ පුනර්ජීවනයේ නව මං උදාකළ පාණදුරා මහා වාදය සිදුවී අදට (26 වැනිදාට) වසර 148 ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 26 August 2021
විසඳුම් වෙනුවට මහජනයාට සීනි බෝල දීම මේ රටේ ආර්ථික අර්බුදය අදක ඊයේක ඇතිවූවක් නොවේ. මේ නිසා ආර්ථිකය යළි ගොඩ ගැනීම සඳහා රැඩිකල් තීන්දු ගැනීමේ අවශ්‍යතාව ඉහළ මට්ටමක පැවැතියේය. එහෙත් ගෝලීය වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ නව ආණ්ඩුව බලයට පැමිණ කිසියම් තීන්දු සංඛ්‍යාවක් ගනිමින් සිටින විටය. ආර්ථිකය පැවැතියේ කවර පක්ෂයක් බලයට පැමිණියත් කිසියම් මාර්ගයක් පෙන්වා දියුණු කළ හැකි සරල තත්ත්වයක ද නොවේ. ඉතාම ව්‍යාකූල තත්ත්වයකය. 26 August 2021
ඉන්ධන පිරිමැස්මට ප්‍රාඩෝවලින් පුළුවන්ද රට තුළ බරපතළ ඉන්ධන හිඟයක් ඇති බවට පැතිරුණු කතාවක් සමඟ පසුගිය සතියේ ඉන්ධන පිරවුම්හල් වාහනවලින් පිරී ගියේය. පාරිභෝගික ජනතාව දැඩි පීඩනයකට පත්වූහ. ඉන්ධන හිඟ බවට ප්‍රකාශ කෙරුණු මාධ්‍ය හමුව පැවැත්වූයේ රට ලොක්ඩවුන් කිරීමේ තීන්දුව නිවේදනය වීමත් සමඟම වීම හේතුවෙන් තත්ත්වය තවත් බරපතළ විය. 26 August 2021
බැසිල්ගේ ආපසු හැරීම ගමන් මග නිවැරදි කිරීමකට වඩා පැහැදිලිව කිවහොත් ගෙවුණු සතියේ සිදුවූ කැබිනට් තනතුරු මාරුව සමාන කළ හැක්කේ ගමන් දිශාව නිවැරදි කිරීමකටම නොව ක්‍රිකට් හෝ රගර් වැනි ක්‍රීඩාවක දී ක්‍රීඩකයන් මාරු කරනවා වැන්නකටය. 25 August 2021
රජ වැඩ කළ පත්තර කැමරාකාරයා රාජා ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී, මාධ්‍යවේදියකු වූ අභාවප්‍රාප්ත රාජා පෙරේරාගේ අවසන් කටයුතු ඉකුත් 23 වැනිදා නිට්ටඹුව මල්වත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 25 August 2021
ජනතා සේවයට කැපවූ පිරිසුදු දේශපාලනඥයා - මංගල හිටපු අමාත්‍යවරයකු මෙන්ම කෘතහස්ථ දේශපාලනඥයකු වූ මංගල සමරවීර මහතා කොරෝනා වයිරසයේ ගොදුරක්ව ඊයේ (24) මෙලොවින් සමුගත්තේය. අපගේ සහෝදර දේශය පුවත්පතට ඔහු අවසන් වරට ලබාදුන් සාකච්ඡාව ඒ මහතාට ගෞරවයක් වශයෙන් මෙසේ පළකරමු. 25 August 2021
ආරක්ෂාවත්-පිරිමැස්මත් එකට: ගෙදර සිට රාජකාරිය රැකියාව හා පෞද්ගලික ජීවිතය සමබර කරන පිළිවෙළ ගැන විවාදයක් කාලයක සිට පවතී. කොරෝනා වසංගත තත්ත්වය සමග එය තවත් අලුත් පැතිවලට යොමු වී තිබේ. ලෝකයේ ඕනෑම තැනක සිට සේවය කළ හැක. තාක්ෂණය එයට පසුබිම සකසයි. එක තැනක ස්ථිරව රාජකාරි කරන පිළිවෙළ ද අවලංගු වෙමින් තිබේ. නිදහස් වෘත්තිකයන් වශයෙන් නොයෙක් ආයතනවලට, සේවා සපයන අවස්ථා නිර්මාණය වී තිබේ. 25 August 2021
වගකීම කරඇරීමේ විපාකය ඩෙල්ටා ප්‍රබේදය සිව් වැනි රැල්ලක් කරා තල්ලුවේද කියා වූ ජනප්‍රිය සාකච්ඡාව තිබුණේ පසුගිය මාසය මැද භාගයේය. එහිදී ලංකාදීප සාකච්ඡාවටම අදහස් දක්වමින් අප දැක්වූ අදහස වූයේ ඇමෙරිකාව, එංගලන්තය ආදී ගෝලීය උදාහරණ නිරීක්ෂණය කර කල් තියා අවදානම කළමනාකරණයට සූදානම් වීම අත්‍යවශ්‍ය බවය. ප්‍රාමාණික ඇඟවීම්වලට ප්‍රතිපත්ති සම්පාදකයන් කෙතරම් සංවේදී වී ද යන්න අපට නොවැටහේ. එහෙත් ලංකාව රටක් හැටියට දැන් සිටින්නේ ඉතාම තීරණාත්මක තැනක බව කාටවත් බැහැර කළ නොහැකි සත්‍යයකි. 25 August 2021
එන්නත් නොගත් වෙළෙඳුන්ට වෙළෙඳාම තහනම කාලෝචිතයි කොළඹ දිස්ත්‍රික්කයේ නිවෙස්වලට ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා අවස්ථා හිමිවන්නේ කොරෝනා මර්දන එන්නත්කරණයට ලක්වූ ජංගම වෙළෙඳුන්ට පමණක් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවැසූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එම කටයුතු මෙවර දැඩි පරීක්ෂාවට ලක් කරන බව ද පාරිභෝගික සේවා අධිකාරියත් සමග එක්ව අවශ්‍ය අවස්ථාවලදී වැටලීම් සිදු කරන බව ද ඒ මහතා සඳහන් කළේ යැයි අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. 25 August 2021
ගෝලිය රැප් නිරූපනයේ ශ්‍රී ලාංකේය රූපය ගෝලිය රැප් නිරූපනයේ ශ්‍රී ලාංකේය රූපය සටහන් කල යොහානි ගේ “මැණිකේ මගේ හිතේ ” ගීත කවරය මේ වනවිට මිලියන 54 ක් දෙනා රසවිඳ තිබිණි. ශ්‍රී ලාංකිකයෙකු යූ ටියුබ් නාලිකාවකට මෙවන් දැවැන්ත ප්‍රතිචාරයක් ලැබුනු මුල්ම අවස්ථාව ලෙස මෙය හඳුන්වා දිය හැකිය. 24 August 2021
අලුත් පරම්පරාව ලියන දේවල් තේරෙන්නේ නෑ මෑත කාලයේ පාඨකයන් අතර වඩාත් ජනප්‍රිය වූ එමෙන්ම පාඨක ප්‍රසාදයට ලක්වූ කෘති ගණනාවක්ම ලාංකික සාහිත්‍ය ක්ෂේත්රයට දායාද කළ චන්දන මෙන්ඩිස් මහතා අප අතර සිටින සම්මානලාභී පරිවර්තකයෙකි. චන්දන මහතාගේ අලුත්ම පරිවර්තන කෘතිය ‘වෙඩික්කාරයා’ නමින් පසුගියදා නිකුත් කෙරිණි. මතු දැක්වෙන්නේ ඔහු සමග අප කළ සංවාදයක සටහනකි. 24 August 2021
ඇරුණු-වැසුණු දොරවල් ඇමෙරිකා එක්සත් ජනපද විශ්වවිද්‍යලයකින් පරිසර විද්‍යාව සම්බන්ධයෙන් සිය ආචාර්ය උපාධිය ලබාගත් මා මිත්‍ර වෘත්තිකයකු හා සම්බන්ධ වීමට ඉකුත් සතියේදී මට වුවමනා විය. ඇය රටට පැමිණීමෙන් පසු කරන ලද වැඩ කටයුත්තකට අදාළව තොරතුරු එක්රැස් කරගැනීමට මට වුවමනාවක් ඇති විය. ඇයගේ දුරකතනයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. එමෙන්ම පිළිතුරු බලාපොරොත්තුවෙන් මම ඇයට ඊමේල් පණිවුඩ කිහිපයක් ද යැවීය. 24 August 2021
විපරිත ලෝකයක ශාපය වසංගත යනු ලෝකයට අලුත් දෙයක් නොවේ. පසුගිය දශකවලද ලොව තැනින් තැන එවැනි වසංගත වාර්තා විය. එහෙත් ඒවා ගෝලීය වසංගත තත්ත්වයට පත්වුණේ නැත. විශේෂයෙන්ම කොරෝනා වසංගතය මේ අයුරින් ඉදිරියට ගලායාම කිසිවකුත් අපේක්ෂා කළ තත්ත්වයක් නොවේ. එහෙත් එයට මුහුණ දීම යථාර්ථයයි. 24 August 2021
තෝර තෝර ඉන්නේ නැතිව ලැබෙන එන්නතක් ලබාගනිමු ලැබෙන එන්නත කුමක් වුවත් තේරීමකින් තොරව ඉක්මනින් ලබාගන්නැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා මෙතෙක් එන්නත ලබාගෙන නැති ජනතාවගෙන් ඉල්ලා සිටින බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. එන්නත තේරීමෙන් කිසිදු ඵලක් නැතැයි ඒ මහතා අවධාරණය කළ බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය. 24 August 2021
මවුබස මැරීම ජාතියේ මරණයයි ජාතියක අනන්‍යතාව සාධනය කිරීමෙහිලා ජීව විද්‍යාත්මක ලක්ෂණවලට ද වඩා ප්‍රබල වන්නේ ඒ ජාතිය සතු සංස්කෘතියයි. සංස්කෘතිය ඉතා පුළුල් අරුත් දනවන්නක්. නමුදු එහි ප්රමුඛ අංග දෙකක් පැහැදිලිව දැකිය හැකි ය. එකක් නම් ආගමයි. ආගම යන්නෙන් විධිමත් ආගම පමණක් නොව යම් ඇදැහිලි පිළිවෙත් රැසක් වූවද සැලකිය හැකි ය. 23 August 2021
කහටවිලවත්තේ පාලිත නාහිමියෝ කැලණිය පිලපිටිය බරණැස්කන්ද පුරාණ විහාරය නාත්න්ඩිය කොස්වත්ත මීගහවෙල ශ්‍රී වේළුවනාරාමය යන උභය විහාරාධිපති කැලණිය විද්‍යාශේකර පිරිවෙනේ හිටපු පරිවෙණාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වත්තල ප්‍රාදේශීය සංඝ සභාවේ දිසා පාලක ශාස්ත්‍රවේ දී ප්රඤ්ඤජෝති සීල ඤාණසිරි ධම්මාරාම වංශාවතංශ සංඝ සෝභන කීර්ති ශ්‍රී කහටවිල වත්තේ පාලිත මහා ස්ථවිරයන් වහන්සේ අපවත් වී තෙමසක් සපිරීම නිමිත්තෙන් පළවන ලිපියකි. 23 August 2021
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026