රට යළි ගොඩනැගීමට සියලු පක්ෂ එක්විය යුතුයි
අද ශ්‍රී ලංකාව ඉතිහාසයේ දැවැන්ත ආර්ථික සහ දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටී. වත්මන් අමාත්‍ය මණ්ඩලයට ඉල්ලා අස්වීම බාරදී ගෙදර යාමට සිදුවන තරමට දේශපාලන අර්බුදය ඔඩු දුවා තිබෙන අතර ජනතාව පාරට බැස කෑම බීම, තෙල්, ගෑස්, රැකියාවල සුරක්ෂිත බව ඉල්ලා අරගල කරන තරමට ආර්ථික අර්බුදය බරපතළ වී තිබේ.