රටේ මිත්‍රශීලි ප්‍රතිරූපය තවත් වර්ධනය කරගනිමු සී.එන්. ට්‍රැවලර් සඟරාව කළ 2022 පාඨක මත විමසුමකට අනුව ලෝකයේ මිත්‍රශීලි රටවල් 10 අතර 9 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී ඇති බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. ළමයින්ගේ සිට වැඩිහිටියන් දක්වා ශ්‍රී ලාංකිකයන් ආගන්තුක සත්කාරයට මෙන්ම උදව් කිරීමට කැමැත්තක් දැක්වීම එම තෝරා ගැනීමට හේතුවය. 18 October 2022
නැංවූ බදුවල නොපෙනෙන පැත්තක් රටේ දැනට ක්‍රියාත්මක දේශීය ආදායම් බදු පනත සංශෝධනය කරමින් නව බදු ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. මෙරට බදු ක්‍රමය වරින් වර සංශෝධනය කිරීමට ආණ්ඩුව පියවරගත් බව මේ වසරේදී දක්නට ලැබුණු සුවිශේෂී කරුණකි. එකතු කළ අගය මත බදු (වැට්) පසුගියදා සැප්තැම්බර් 01 වැනිදා සිට සියයට 15 දක්වා ඉහළ නැංවූවේය. 17 October 2022
වැටුප ලක්ෂය පැන්නාම බදු ගැසීම සාධාරණද? මාසික ආදායම රුපියල් ලක්ෂයකට වැඩි නම් ඒ සෑම පුද්ගලයකුම මින් ඉදිරියට ආදායම් බදු ගෙවිය යුතුය. පුද්ගල ආදායම් බදු ගෙවිය යුතු සීමා රජය මගින් සංශෝධනය කිරීම හේතුවෙන් ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මේ නව ආදායම් බදු සීමාව ප්‍රකාශ වී තිබේ. 17 October 2022
ලංකාව දුප්පත්ද බාගෙට පොහොසත්ද ? ආර්ථික ගින්නෙන් රට දැවෙමින් තිබේ. ජනතාව එගිනි දරා සිටීමට හෝ නිවා දැමීමට මං සොයති. එහෙත් ආර්ථික ගින්නේ දැඩි රශ්මිය හේතුවෙන් එකී උත්සාහය ව්‍යර්ථ වෙමින් තිබේ. උසුලාගත නොහැකි ජීවන බරට කර ගසා සි 15 October 2022
මැතිවරණ ක්‍රම වෙනසේ සිහිනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් තමන් කරන්නට යන වෙනස්කම් කිහිපයක් පිළිබඳව පසුගියදා විස්තර කළේය. ඒ ඉකුත් 9 වැනිදා ජනාධිපති කාර්යාලයේ පැවැති වෘත්තිකයන් සමඟ වූ රැස්වීමකදීය. 15 October 2022
පරිසරය විනාශ කරන්නේ රට කාන්තාරයක් කරන්නද? හෙට දවස නිර්මාණය වන්නේ ඊයේ දවස සම්බන්බන්ධයෙන් අද ඇතිකර ගන්නා තීන්දු තීරණ නිගමන මතිනි. එළඹගත් සිහියෙන් යුතු ප්‍රඥාවන්තයෝ ඊයේ දවස නිවැරැදිව කියවා ගනිති. එසේ නොවන්නෝ ඊයේ රෑ වැටුණු වළෙහි අද මහ දවලේත් වැටිති. 15 October 2022
ගනුදෙනු රජකරන නියෝජිතවරණ ගියවර කිවි දා දැක්ම සඳහා මා ලියූ අධි ආරක්ෂිත ඒකාධිකාරී ප්රජාතන්ත්රවාදය’ ලිපියෙහි අරමුණ වූයේ ඉලෙක්ෂන් ගැන නොව ප්රජතන්ත්රවාදය හෝ නියෝජනවාදය හෝ නියෝජිතතන්ත්‍රවාදය ගැන බරසාර පොදුජන සංවාදයක් සඳහා උත්තේජනයක් ඇති කිරීමය. 14 October 2022
පුංචි ආණ්ඩුවල වැය බර ජනතාව පිට පටවනු එපා මෙරට ජාතික දේශපාලන ක්රමයේ විවාදයට තුඩු දී ඇති ක්ෂේත්‍ර ගණනාවක් සඳහා නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෘත්තීයවේදීන් අමතා ප්‍රකාශ කළේය. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළ ක්ෂේත්‍ර ගණනාවකි. ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීම, පවත්නා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ ජන සභා ක්‍රමය සමාජගත කිරීම එම ප්‍රධාන ප්‍රතිසංස්කරණ අතර වන බව ප්රකාශිතය. 14 October 2022
ජනතාව පාරට දැමූ ආර්ථික අපරාධ ආර්ථික අපරාධ පිළිබඳව නූතන ලංකාවේ සුලබව සාකච්ඡා වෙයි. ඊට හේතුව ඒ අපරාධවල ප්‍රතිඵල මහිමයෙන් පොදු ජනතාව පරිපීඩිතව සිටීමය. ඔවුනට මානසිකව හෝ සහනයක් ලැබේදැයි ඇත්තේ සැකයකි. මේ ඒ පිළිබඳ විමසුමකි. 14 October 2022
රටට පාඩු කරන මෙහෙම ගනුදෙනු කුමටද? අපේ රට නම් මහා පුදුම රටකි. එක් අතකින් ලෝකයේ දරුණුවටම කඩා වැටුණු ආර්ථිකයට හිමිකම් කියයි. එහි තත්ත්වය කොතරම් බරපතළ දැයි කිවහොත් බහුතරයක් ජනතාවට ඊළඟ ආහාර වේල පිළිබඳ කිසිදු විශ්වාසයක් නැත. රජයේ සියලු වියහියදම් කපා හැරීමට සිදුව තිබුණත් ආහාර උද්ධමනය සියයට 95 ඉක්මවා යමින් තිබේ. අත්‍යවශ්‍ය ආහාර හෝ ගෙන්වා ගැනීමට ඩොලර් නැත. 14 October 2022
ජනතාවට වගකියන පාලනයක් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගොඩනැගී ඇති කථිකාව විමසීමේදී පෙනී යන කාරණය නම්, එයට මෑත කාලීන ඉතිහාසයක් තිබෙන බවය. විශේෂයෙන්ම රටේ උද්ගත වූ ආර්ථික අර්බුදය හමුවේ පැන නැගි මහජන උද්ඝෝෂණවලින් අවධාරණය වූ ප්‍රධාන කාරණයක් වූයේ ද පවතින ක්රමයේ වෙනසක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවය. 12 October 2022
කළ වැරැදි හදාගනු මිස තව තවත් වැරැදි කරනු එපා නුසුදුසු බොර තෙල් තොග මිලදී ගැනීම හා නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ මිල නියම කර නොගැනීම නිසා මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඇමරිකානු ඩොලර් මිලියන 90 කට ආසන්න පාඩුවක් විඳින්නට සිදුවූ බව විශ්ලේෂණයකින් හෙළිවී ඇතැයි යන පුවත නොබෝදා පළවූයේය. 12 October 2022
සහනාධාර දී වරද්දා ගත් ආර්ථිකයක් අවුරුදු දහයකට කලින් ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කර තිබුණි. දැන් අලුත් අභියෝගයක් එල්ල වී තිබේ. ආර්ථික අර්බුදයක පසුවෙන ශ්‍රී ලංකාව පොහොසත් සමාජයට ඇතුළු කරගන්නට ජාත්‍යන්තරය සූදානම් නැත. පහළ ආදායම් මටට්මක සිටින බව පිළිගැනීමට සිදුවී ඇත. ණය ගෙවා ගත නොහැකි, ආර්ථික ප්‍රශ්න ඉදිරියේ ජන සමාජය නොසන්සුන් වී ඇති අවස්ථාවක වෙනත් පියවරක් නැත. 11 October 2022
දූෂණ මර්දනයට පනත ලොකු රුකුලක් ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී නීති දැඩිව ක්‍රියාත්මක කළ හැකි ස්වාධීන කොමිසමක් ස්ථාපිත කිරීම සඳහා රජය මගින් නව පනතක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි මාධ්‍ය මගින් පසුගියදා හෙළිකර තිබිණි. මෙම කොමිසමට පැවරෙන විශේෂ බලතලවලට අනුව මහේස්ත්‍රාත් නියෝගයක් හෝ වරෙන්තුවක් හෝ නොමැතිව නව පනත ප්‍රකාර වරදක් සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයකු හෝ පුද්ගලයන් හෝ අත්අඩංගුවට ගෙන පැය 24ක් රඳවා ගැනීමට පවා අවසර තිබෙන බව ද සඳහන් ය. මේ නව දූෂණ විරෝධී පනත පිටු 106කින් සමන්විත වන බවත් එය 11 October 2022
ශ්‍රී ලංකාවට ලෝකයාගේ ප්‍රතිචාර අද අපට තිබෙන ප්‍රධාන ප්රශ්නය වන්නේ විදේශ සංචිතය ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට අවම මට්ටමට වැටීමය. මේ නිසා රටට අවශ්‍ය දෑ ආනයනය කිරීමට නොහැකි වී තිබේ. ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ඉන්ධන යනාදියේ හිඟයක් නිර්මාණය වූයේද මේ සංචිත අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙනි. 10 October 2022
විශ්ව විද්‍යාලවලින් ඇසෙන ඛේදවාචකවල සුළමුල බලමු පේරාදෙණිය විශ්වවිද්‍යාලය පුවත් මවන ආකරයක් බවට පත්ව තිබේ. එක අතකින් සිසු ගැටුම්ය. ගැටුමකට අදාළ වීඩියෝ පටයක් අන්තර්ජාලය තුළ සැරිසරයි. ගැටුමට නිමිත්ත නවකවදය යැයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කියයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මැවෙන ඊළඟ පුවත සිසුන්ගේ දිවි නසා ගැනීම්ය. 10 October 2022
එතෙරින් දැල්වෙන රතු එළි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ඉතා ඉක්මනින් වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ හැකි යැයි යන හැඟීමක් රට තුළ ඇතිකරන්නට උත්සාහ කරන අතරේම ආණ්ඩුව ආර්ථික අර්බුදය නිසා යළිත් ඇති විය හැකි මහජන උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා නීති සම්පාදනය කිරීම සඳහාද උත්සුක වෙමින් සිටී. 08 October 2022
රටෙන් බාගයක්ම සමෘද්ධියට වැටීම සමෘද්ධිය උදාවනවා, සමෘද්ධිමත් වෙනවා යන්නෙහි ප්‍රකාශිත අර්ථය වන්නේ දියුණුව ලබනවා, ප්‍රගතිය කරා පිවිසෙනවා යන්නයි. එහෙත් වර්තමානයේ එක් නාම විශේෂණයකින් දැක්වෙන ‘සමෘද්ධිය’ යනු මීට වඩා හාත්පසින් ප්‍රතිවිරුද්ධ අරුතක් ප්‍රකට කරන්නකි. ඒ අනුව සමෘද්ධිය යනු දුප්පතාගේ යැපුම් මට්ටම දියුණු කරන එක්තරා රාජ්‍ය ව්‍යාපෘතියකි. 08 October 2022
අන්තෝ ජටා බහි ජටා මෙවර කිවිදා දැක්මෙන් ආමන්ත්‍රණය කළ යුතු මාතෘකා කීපයක්ම තිබේ. එක් පැත්තකින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මතවීමට නියමිත ලංකාවට එරෙහි යෝජනාවය. තවත් පැත්තකින් මෙරට පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමට නියමිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. 07 October 2022
ආහාර උද්ධමනයේ රතු ඉර නොපන්නනු උද්ධමනයේ කාණ්ඩ ගණනාවකි. ඒ අතුරින් වඩාත්ම ජනතාවට බලපෑම් ඇතිකරන්නේ ආහාර කාණ්ඩයේ උද්ධමනයයි. එය ජනතාවගේ මේ දිනවල හිස් මුදල් පසුම්බියේ සිට ගෙදර කුස්සිය දක්වාම බලපෑම් ඇති කරවයි. නිවෙස්වල සිටින බාල, තරුණ, මහලු සියලු වයස් කාණ්ඩවලට ආහාර උද්ධමනයෙන් ඇතිකරන බලපෑම අතිමහත්ය. අවසානයේ දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වයටත් සෙසු පිරිස් තුන්වේලෙන් දෙවේලට දෙවේලෙන් එක වේලට බහින්න වෙන මට්ටමටත් බලපාන සාධකයයි. 07 October 2022
රට යන්නේ අර්බුදයෙන් අර්බුදයට රටේ ඇතිවී තිබෙන ආර්ථික හා දේශපාලන කරුණු කීපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීනවූ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ. 06 October 2022
අර්බුදයට විසඳුම හිරු එළිය උද්ධමනය වැඩි කර ජනතාවට වධ දෙන අයුරින් විදුලි බිල වැඩි නොකර සියයට සීයක් පුනර්ජනනීය විදුලිය කරා රට යොමු කිරීමට අවස්ථාවක් ලබා දෙන්නැයි රටේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින පුද්ගලයකු පිළිබඳ විදුලිබල මණ්ඩල වියතකුගෙන්ම අනාවරණය වෙයි. 06 October 2022
වතුකර ජනතාවගේ බඩගින්න නිවමු හැටන් - දික්ඔය රෝහලට වේල් ගණන් නොකෑ රෝගීන් පැමිණෙන බව නොබෝදා අප පත්‍රයේ පළවූ පුවතකින් අනාවරණය වූයේය. වතු ආශ්රිත නිරාහාරව පසුවන රෝගීන් රෝහලට පැමිණි විට සියලු ප්‍රතිකාරවලට පෙරාතුව ඔවුන්ගේ කුසගිනි නිවීමට වෛද්‍යවරුනට සිදුව තිබේ. රෝග අතුරින් දරුණුම රෝගය කුසගින්න බව බුදු බණේ පැවසේ. 06 October 2022
වැටුණු රට ගොඩගන්න ක්‍රමවේදයක් වැරදි ප්‍රතිපත්ති හා තීන්දු තීරණ, පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය යනාදියෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය හැකිලිණි. ගෝලීය ආර්ථික අර්බුදයේ බලපෑම ද එම ලැයිස්තුවට එක් කළ යුතුය. ඊට අමතරව බලශක්ති සහ ආහාර අර්බුද ද උද්ගතව තිබේ. ආර්ථික අර්බුදය ගැන තවදුරටත් අවධානය යොමු කරන්නේ නම්, 2022 වසරේදී මූර්ත දළ ජාතික නිෂ්පාදනය ඍණ 8.7 ක් වනු ඇති බවට ඇස්තමේන්තුගත කර තිබේ. ශ්‍රී ලංකා ආර්ථිකයේ මෙවැනි කඩාවැටීමක් මින් පෙර සිදුව නැත. 05 October 2022
ආර්ථික අර්බුදයෙන් රට මුදාගන්න ක්‍රමයක් නැද්ද? 2020 වසර මැද හරිය වනවිට ආර්ථික අර්බුදය උත්සන්න වී රටේ විදේශ සංචිත සිඳී ගොස් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කර ගන්නට නොහැකි වූයේය. ප්‍රවාහනය අඩාල විය. විදුලි බල සැපයුම් අඩාල විය. එදිනෙදා ඉවුම් පිහුම් කරගන්නට ගෑස් පවා සපයාගත නොහැකි විය. මේ සියල්ල සිදු වුණේ ආහාර මිල දරාගත නොහැකි අයුරින් දිනෙන් දින ඉහළ යන පසුබිමකය. හිරිහැර ඉවසාගත නොහැකි වූ ජනතාව පාරට බැස උද්ඝෝෂණ කළහ. 05 October 2022
විදුලිය යායුතු මාර්ගය රී ලංකාවේ විදුලිය උත්පාදනය, බෙදාහැරීම හා අලෙවිය සම්බන්ධයෙන් තරඟකාරීත්වයක් නිර්මාණය කළ යුතු කාලයකි. පාරිභෝගිකයා තෘප්තිමත් කරන සේවා සැපැයුමක් රටට අවශ්‍යය. විදුලිය සඳහා වැඩිම ගාස්තු අයකරන රටවල් කිහිපයක් අතර සිටින ශ්‍රී ලංකාව බලශක්ති පිරිවැය ඉහළ බැවින් විදේශ ආයෝජන පවා නොලැබෙන තැනක පසුවේ. 04 October 2022
ජාතික සභාවෙන් වැඩක් වෙයිද? රටේ ප්‍රශ්න විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාපිත කෙරුණු ජාතික සභාවේ සමාරම්භක රැස්වීම පසුගියදා පැවැත්විණි. එහෙත් එය ආරම්භයේදීම රටේ ප්‍රශ්න විසඳීම කෙසේ වෙතත් අඩු තරමින් ඇතුළත ප්‍රශ්නවත් විසඳාගෙන නැති බවක් පෙනී ගියේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම සභාවට සහභාගි නොවන බව දැනුම් දී තිබිණි. 04 October 2022
රට අවදානමට ඇද තබන ණය අර්බුදය ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ අරමුදලෙන් පමණ ඉක්මවා ලබාගෙන ඇති මුදල මේවනවිට රුපියල් ට්‍රිලියනය ඉක්මවා තිබේ. මහබැංකුවේ විදේශ සංචිතවල ඍණ අගය ඩොලර් බිලියන 4.8 දක්වා වැඩිවී ඇත. මේ තත්ත්වය මත රට බංකොළොත් භාවයට පත්ව ඇති නිසා බාධාවකින් තොරව අත්‍යවශ්‍ය ආනයන නොකඩවා පවත්වාගෙන යාම තහවුරු කොට පවත්වා ගෙන යා නොහැකිවනු ඇත. 03 October 2022
තැලී - පොඩිවූ සමාජයට තව තවත් බදුබර පැටවීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය සපයා ගැනීම සඳහා වන විස්තීරණ ණය වැඩසටහනට එකතු වීමත් සමඟ ලැබෙන අත්දැකීම් වේදනාත්මක වන බව මහ බැංකු අධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය. ඇතැම්විට මෙම වේදනාව බරපතළ සමාජ අරගලයක් කරා තල්ලු විය හැකි බවට ද ඔහු අනතුරු අඟවා තිබුණි. 03 October 2022
අධි ආරක්ෂිත කලාප පුරාණය ආණ්ඩුව හදිසියේම කොළඹ හා අවට ස්ථාන ගණනාවක අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත්කොට ඇත. ඒ අතර එම කලාප ප්‍රකාශයට පත් කරමින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය ඉල්ලා අස්කර ගැනීමේ සූදානමක් ඇතැයිද ඇතැම් ජනමාධ්‍ය වාර්තා කොට තිබිණි. 01 October 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026