IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


ළමා කුසගිනි නිවීමට ප්‍රමුඛතාව දෙන්න ඕනෑ

දිඹුලාගල පාසල්වල දරුවන් රාශියක් කුසගින්න නිසා පාසල් යාම නවතා දමා ඇති බවට, ආදිවාසී නායිකා ලිසිනෝනා කළ ප්‍රකාශයක් නොබෝදා අප පුවත්පතේ පළ වූයේය. කෙසේ වුවද මෙය නිවැරැදි නොවන බව එහි ප්‍රාදේශීය ලේකම්වරයා සහ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය. එහි සත්‍ය අසත්‍ය තෝරා ගැනීම ගම්මුන්ට පවරමු. ඒ අතරම ආර්ථික අර්බුදය හමුවේ මෙරට ජනයා, නිසි පමණට ආහාර නොගෙන වේල්  මග හරින බවද ලෝක ආහාර සංවිධානය  කළ විපරම් ආශ්‍රයෙන් ලැබුණු තොරතුරු ඔස්සේ හෙළිදරව් වී ඇති බව පසුගිය මාස දෙක තුනේ පළවූ වාර්තාවලින් පෙනී ගියේය. පාසල්  එන දරුවන් කුසගින්න නිසා ක්ලාන්තව ඇදවැටෙන පුවත්ද පසුගිය දිනවල පුවත්පත්වල වාර්තා වූයේය. ගුරුවරුන්ගේ ප්‍රකාශවලින්ද ඒ බව සනාථ වූයේය. මෙරට ජනයාගේ කුසගින්න නිවීම සඳහා ලෝක ආහාර සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය  ඉල්ලා සිටීමද සිදුවිය. ලජ්ජාව නිසා එම කාරණය වසන් කළ යුතු නොවන්නේ ආර්ථික අර්බුදය හමුවේ කුසගින්න නමැති ප්‍රශ්නය මූලික කොට විසඳාගත යුතු බැවිනි.

සමස්තයක් වශයෙන් වරසක් තුළදී ආහාර මිල සියයට 80 කින් පමණ ඉහළ ගිය බව උද්ධමන  වාර්තාවලින් අනාවරණය  වූයේය. කොරෝනා අර්බුදය හමුවේ 2020 දී පවා මෙරට සහල් අතිරික්තයක් නිෂ්පාදනය වූයේය. 2021 අප්‍රේල් මාසයේදී කරළියට පැමිණි රසායනික පොහොර තහනමත් සමග එම තත්ත්වය මුළුමනින්ම වෙනස් වූයේය. රසායනික පොහොර තහනමේ මුග්ධත්වයේ තරමටම සහල් නිෂ්පාදනයේ හිඟයක් එවක් පටන් කන්නයක් පාසා ඇතිවිය. රසායනික පොහොර තහනම නිසා මෙරට බඩ ඉරිඟු නිෂ්පාදනය  පහත වැටීම හේතුවෙන් සත්වාහාර හිඟයක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස බිත්තර සහ කුකුල් මස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. ආනයනය කර ගන්නට හැකි වූයේ ඉලක්ක කරගත් බඩ ඉරිඟු ප්‍රමාණයෙන් සියයට 20ක් පමණි. ඒ අතර මෙරට ඉන්ධන, මිල ඉහළ යෑම හේතුවෙන් ජනයා පරිභෝජනයට ගන්නා මත්ස්‍ය ආහාර මිල දෙගුණ තෙගුණ වූයේය. මුහුදු යන බෝට්ටුවලට අවශ්‍ය භූමිතෙල් හිඟවිය. මිනිසුන් එදිනෙදා පරිභෝජනයට ගත් මත්ස්‍ය ආහාර සියල්ල වරප්‍රසාද ලත් පන්තියට පමණක් පරිභෝජනයට ගත හැකි ආහාර බවට පත්විය.

පෙර දවස ආහාර උද්ධමනය මැන බැලීමට ඉවහල් කරගත් කොළඹ පාරිභෝගික මිල දර්ශකය සැකසීම සඳහා පදනම් කරගත්තේ එවකට කම්කරු ජනයා පරිභෝජනයට ගත් කරවල, පරිප්පු වැනි ආහාර වර්ගය. කරවල කිලෝවක සාමාන්‍ය මිල රුපියල් තුන්දහසකට සමීප වීමත් පරිප්පු කිලෝවක මිල රුපියල් 400ට සමීපවීමත් සමග ඒවා කම්කරුවාගෙන් ඈතට ගියේය.

මේ ආකාරයට ආහාර උද්ධමනය හමුවේ වඩාත් ශීඝ්‍රයෙන්  ඉහළ ගියේ ප්‍රෝටීන ආහාරයි. වැඩෙන දරුවාගේ සිරුර වර්ධනයටත්, ශාරීරික සෛල අලුත්වැඩියාවටත් වඩාත්ම බලපාන්නේ ප්‍රෝටීන්ය. ජීවය ගොඩනැගෙන බිල්ඩින් බ්ලොක් ලෙස හඳුන්වන්නේ ප්‍රෝටීනයි. මානව ශරීරයේ සෑම සෛලයක්ම සමන්විත වන්නේ ප්‍රෝටීන වලිනි. දැන් ජාතියේ දරුවෝ ප්‍රෝටීන ඌනතාවෙන් පෙළෙන බව රහසක් නොවේ.

ආදායම අඩුවීම හේතුවෙන් (ඉහළ යන ආහාර මිලට සාපේක්ෂව) ආහාර සුරක්ෂිත භාවය  අඩුවීම සුළුකොට තැකිය යුතු ගැටලුවක් නොවේ. ආහාර සුරක්ෂිතතාව අඩුවීම යනු පෝෂණය අඩුවීමකි. මෙය අතුරු ප්‍රතිඵල නැවත නැවත ගෙන එන දුෂ්ට චක්‍රයකි.

හාමත් බවේ ප්‍රතිඵලය කලින් සිතුවාට වඩා බොහෝ භයානක වග කොළොම්බියා යුනිවර්සිටි මෙඩිකල් සෙන්ටර් විසින් කරන පර් යේෂණයකින් හෙළිදරව් විය. හාමත් බව පරම්පරා තුනකට එහා බලපාන බව එම පර් යේෂණයෙන් හෙළිවිය. (එම තොරතුරු Cell නම් ජර්නලයේ ජූලි 10 දා පළවිය)

හිස්වූ කුසක් සහිතව ඉගෙනීමේ යෙදිය නොහැකි බව සනාථ කෙරෙන පර් යේෂණ ප්‍රතිඵල ඕනෑ තරම් අයකුට අන්තර් ජාලයේ කියවාගත හැකිය. ආහාර සුරක්ෂිත භාවයෙන් අඩු සිසුන් විභාගවලින් ලබන්නේ අඩු ලකුණුය. ඔවුහු බොහෝ විට ඊළඟ ශ්‍රේණියට නොයා අසමත් වන තරමට  විෂය දැනුමෙන් දුර්වල වෙති. පෝෂණය ලබන සිසුවාට වඩා පොදුවේ පෝෂණය නොලබන සිසුවාගේ කියවීමට හා ලිවීමට ඇති හැකියාව සියයට 20 කින් පමණ අඩුය. මූලික අංක ගණිතය නමැති විෂයේදී නිසි ලෙස පෝෂණය නොලබන සිසුවා වරද්දා ගන්නා ප්‍රතිශතය සියයට 7 කින් වැඩිය.

කුසගින්න මානසික සෞඛ්‍යයටද දැඩි බලපෑම් කරයි. මානසික අවපීඩනය, කාංසාව, Post traumatic stress disorder (PSTD) යන මානසික රෝග කුසගින්න හේතුවෙන් දරුවන්ට වැළඳේ.

සංවර්ධන කටයුතුවලදී  දරුවන්ගේ කුසගින්න නිවීමට  ප්‍රමුඛතාව දිය යුතු  වන්නේ මේ නිසාය. දරුවන් නිරෝගීව තබා ඔවුන්ගේ අධ්‍යාපනය සාර්ථක කළ විට කවදා හෝ අපට ඇති කරගත නොහැකි වූ සංවර්ධනය ඔවුන් සිදු කරනු ඇත.

(***)



අදහස් (1)

ළමා කුසගිනි නිවීමට ප්‍රමුඛතාව දෙන්න ඕනෑ

Nimal Sunday, 06 November 2022 05:33 AM

පෙරදිග ධාන්‍යගරය වූ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වයට වගකිවයුතු වන්නේ කවුරුන්ද ? 1දේශපාලකයන් 2 රජ්‍යනිලදරින් සහ උපදේශකයන් 3 වැරදි කළමනාකරණය සහ වගවීමක් හෝ වගකීමක් නොමැතිවීම 4 රටේ පුරවැසියන් 5. ඉහත සදහන් සියලුම කණඩායම් වගකිව යුතුවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 556 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 406 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 312 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1474 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 80 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 688 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 605 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 153 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1180 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site