IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


වෙසක් අසිරියෙන් සැමට සෙත් වේවා!

සසර කතරේ අතරමංව නිරා දුක් විඳින සකල ලෝකවාසී සත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් අතට පත් නිවන අතහැර සසරට වැද පාරමී පුරා ලොව්තුරා බුද්ධත්වයට පත් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ මහා පරිනිර්වානය සිහිපත් කරන වෙසක් මහා මංගල්‍යය වෙනුවෙන් මුළු රටම සූදානම්ව සිටින මොහොතේ ලංකාදීපය ද ඒ මහා පාරමී පෙළහරට බුදු බැතින් පිනා ගිය හදවතින් මෙසේ එක් වෙයි.

පාස්කු ප්‍රහාරය ද කොවිඩ් මාරාන්තික වයිරසයද බිඳුණු වැටුණු රටේ ආර්ථිකයද වසර පහක් පුරා අපට වෙසක් මංගල්‍යය අහිමි කළේය. මේ මොහොත වනවිට රට තුළ යම් සන්සුන් සංහිඳියාවක් ඇති වී තිබෙන හෙයින් ඇදහැලෙන මහ වැසි මැද වුවද ජනයා වෙසක් මංගල්‍යයට පේවී සිටිති. සංස්කෘතික නායයෑම වේගවත්ව මිනිසා වෙතින් නොමිනිස්කම් පිටාර ගලමින් තිබේ. සැපය, සුවය වෙනුවෙන් මිනිසා පළගැටි ජීවිතයකට යොමු වෙමින් සිටී. සීමිත සම්පත්වලින් අසීමිත මිනිස් ආශාවන් සන්තර්පනය කරගත නොහැකි බව ඒකාන්ත සත්‍යයක් වුවද විකල් මනසක් හිමි මිනිසාට එය අවබෝධ කරගත නොහැකිය. මහා වේගයකින් රට ප්‍රපාතය කරා ගමන් කරමින් තිබෙන්නේ එහෙයිනි.

රට යන අත යෝනිසෝ මනසිකාරයෙන් සිතා බැලිය යුතු මොහොත උදාවී තිබේ. බුදුරජාණන් වහන්සේ ලොවට දායාද කළ උතුම් ධර්මය පදනම්ව තිබෙන්නේ හේතුඵලවාදය මතය. අප රට සංස්කෘතික කාන්තාරයක් බවට පත් වෙමින් තිබෙන්නේ අහම්බයෙන් නොවේ.  හේතුඵලවාදයට අනුව මේ රට ‘මෙහෙම’ වීමට හේතුවක් තිබේ.

අද අප රටේ ජනයාගෙන් සීමිත පිරිසක් කාමසුඛල්ලිකානු යෝගී  ජීවිත ගත කරති. සාතිශය බහුතරයක ජනතාවක් අත්තකිලමතානු යෝගී ජීවිත ගත කරති. නිවනක්, මිදීමක්,  නිවීමත් පේන මානයක නොමැත්තේ එහෙයිනි. මෙම අන්ත දෙක තුළින් එබඳු නිවීමක් කිසි ලෙසකින් හෝ උදා කරගත නොහැකිය එසේ නම් එම විමුක්තියේ මාර්ගය මැදුම් පිළිවෙතය. සොබා දහම අපට බල කරමින් තිබෙන්නේ ඒ මැදුම් පිළිවෙතට නැඹුරුවන ලෙසය.

වෙනස්වන ලෝකයේ නොවෙනස් වන එකම දෙය වෙනස්වීම පමණි. කිසිවක් සදාකාලික නැත. ඉපදුණ සෑම අයකුම කවදා හෝ මරණයට පත්වේ. එය විමතියට කාරණාවක් නොවේ. උපත තුළම විපත අන්තර්ගතය. එය වෙනස් කළ  හැකි ප්‍රාතිහාර්යයක් ලොව නැත. පළමුව පසක් කරගත යුතු පරම සත්‍යය එයය. ඇතැමෙක් මෙම සත්‍ය අමතක කර ‘සදාකල් ජීවත් වන්නේ යැයි’ සිතා කටයුතු කරති. මහ පොළොව නුහුලන අපරාධ සඳහා පරිසරය වෙන්වන්නේ එහෙයිනි.

අනාදිමත් කාලයක සිට වෙසක් මංගල්‍යය උත්කර්ෂවත් ලෙස සැමරීමට මෙරට බොදුනු ජනයා කටයුතු කළහ. බොදුනු ජනයා පමණක් නොව නොබොදුනු ජනයාද වඩාත් උද් යෝගයෙන් මෙම වෙසක් මංගල්‍යයට එක්වූහ. බොදුනු නොබොදුනු ජනයාගේ ප්‍රධාන ආගමික හා සංස්කෘතික මංගල්‍යය බවට වෙසක් මංගල්‍යය පරිවර්තනය විය. එය ආස්වාදාත්මක අත්දැකීමකි. එහෙත් මෙම ආගමික සංහිඳියාව සහජීවනය මෙන්ම ආධ්‍යාත්මික බැඳීම් වෙසක් සඳ බැස යාමත් සමග තුනීවී යටපත්වී යාමද ආවේණික ලක්ෂණයකි. සැබැවින්ම සිදුවිය යුත්තේ මෙම අධ්‍යාත්මික බැඳීම් යාවත්කාලීන කිරීමය. තිරසාරව පවත්වාගෙන යාමය. එහෙත් වෙසක් අසිරි සිරිය සෙමින් වියැකී යාමත් සමග බොහෝ දෙනෙක් ආත්මාර්ථකාමී හා මජර ජීවන විලාසිතාවට පණ පොවති.

ඉතිහාසයේ ගමන් මග වෙනස් කළ යුතුය. බෞද්ධයා යන වචනයේ තේරුම වන්නේ ‘අවබෝධය’ යන්නය. එසේ නම් බෞද්ධයා සතුව අවබෝධයක් තිබිය යුතුය. එම අවබෝධය තුළ සරු දෙය සරු ලෙසත් නිසරු දෙය නිසරු ලෙසත් ග්‍රහණය කර ගැනීමේ හැකියාව උදාවේ. මුළු මහත් මානව සමාජයටම අද අවැසි වන්නේ ඒ බලගතු ප්‍රඥාවය. අප සමාජය මේ සැහැසි ග්‍රහණයෙන් මුදාගත හැකි වන්නේ ද එමගිනි.

‘මිනිස් ජීවිතයක් ලැබීම අතිශය දුර්ලභ’ යැයි බුදු පියාණෝ වදාළහ. සමාජයේ කීයෙන් කී දෙනෙකු ඒ බව වටහා ගෙන ජීවත්වේද? සැබැවින්ම අවශ්‍ය වන්නේ දුර්ලභ මිනිස් ජීවිතය අර්ථාන්විතව ගත කිරීමය. සෑම බෞද්ධයකුම එමග යෑම දුෂ්කර නැත. මෙම මහා වෙසක් මංගල්‍යයේදී බෞද්ධයාගේ පරම අදිටන විය යුත්තේ දුර්ලභ මිනිස් ජීවිතය අර්ථාන්විතව ගත කිරීමය. එය එසේ වන්නේ නම් මෙවර වෙසක් මංගල්‍යය බොදු අරමුණු ජීවමාන යථාර්ථයක් බවට පත් කෙරුණු වෙසක් මංගල්‍යයක්ම වනු ඇත.

(***)



අදහස් (0)

වෙසක් අසිරියෙන් සැමට සෙත් වේවා!

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1754 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1443 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site