සංචරණ සීමා මාසයකට පමණ පසුව පසුගිය සඳුදා (21) ලිහිල් කෙරිණි. ඒ අවස්ථාවේදී එම සීමා පැනවීම් භාරව සිටින බලධාරීන් සීමා ලිහිල් කිරීමේදී ජනතාවගේ හැසිරීම් කවරාකාරයක් ගනු ඇතිදැයි සෙවිල්ලෙන් සිටි බවට සැකයක් නැත. බලාපොරොත්තු වූ පරිදිම නගර කරා ජනතාව ඇදී ඒමත් සමඟ වෙළෙඳසල් ජනයාගෙන් පිරී ගියේය. අපේක්ෂිත පරිදිම සුරාසල් ඉදිරිපිට ඇදී ගිය දිගු පෝලිම් ද දක්නට ලැබිණි. එහෙත් දිවයින පුරා උකස් මධ්‍යස්ථාන අසල දකින්නට ලැබුණු දිගු පෝලිම් බලාපොරොත්තු වූවක් නොවීය. එය සංචරණ සීමා විසින් රටේ එදිනෙදා ආදායමෙන් ජීවත්වන ජනතාවට ඇති කර තිබෙන පීඩනයේ තරම පෙන්වන කඩඉමක් විය.
අමාරු කාලයකදී, අතමිට හිඟවන අවස්ථාවලදී අඩු ආදායම්ලාභීන් පමණක් නොව මුදල් හදල් අතේ ගැවැසෙන පිරිස් වුව ද උකස් මධ්‍යස්ථාන කරා යොමුවීම අරුමයක් නොවේ. එහෙත් සංචරණ සීමා ඉවත් කළ විගසම උකස් බඩු කඩවල පෝලිම්වලට ජනතාව එක්රොක් වීම රටේ පහළම ආදායම් ලබන පන්තියට සිදුව ඇති ආර්ථික හානියේ බරපතළකම පෙන්වයි. සංචරණ සීමා හේතුවෙන් තදින්ම බඩේ පහර වැදී ඇත්තේ එදිනෙදා රැකියාවෙන් ලැබෙන ආදායමෙන් ජීවත්වන එම පිරිසටය. නිවෙස් තුළට ගාල් වී සියලු සැප පහසුකම් මැද රැකියාව කළත් නොකළත් මාසේ පඩිය නොවරදවා ගිණුමට බැරවෙන රජයේ සහ පෞද්ගලික අංශවල සේවක
සේවිකාවන්ට මේ පෝලිමට යාමට සිදුවන්නේ නැත. තමන්ගේ ව්‍යාපාර කෙසේ හෝ පවත්වාගෙන යමින් ආදායමක් ලබන ව්‍යාපාරික පැළැන්තියට ද සංචාරණ සීමා හේතුවෙන් කනකර හෝ වෙනත් වටිනා භාණ්ඩ හෝ උකස් තැබීමට සිදුවන්නේ නැත. මේ සියලු දුක් ගැහැට විඳින්නට සිදුවන්නේ සංචරණ සීමා හේතුවෙන් එදිනෙදා ආදායම අහිමි වී ජීවන බර තම කර මතට කඩා පාත් වූ වරප්‍රසාද නොලත් පන්තිය නියෝජනය කරන ජනතාවටය.
ඒ අතරේ බස් රියැදුරන්, කොන්දොස්තරවරුන් වැනි දිනක වැටුප මත රැකියාව කරන පිරිස් ද වසා දැමුණු සංචාරක ආයතන සහ හෝටල් කර්මාන්තයේ පිරිස් ද ස්වයං රැකියාවල නියුතු පිරිස් ද වෙති. බඩුමුට්ටු කර ගසන්නන් ඇතුළු කුලී වැඩ කරන ජනතාව ද මුහුණ දෙන්නේ මේ ඉරණමටමය. සංචරණ සීමා පැනවීම කොරෝනා වසංගතය පාලනය කරගැනීමට අත්‍යවශ්‍ය පියවරක් වුව ද එම පියවර කොරෝනා වසංගතය පිළිබඳව මර බියෙන් සිටින අඩු ආදායම්ලාභීන්ට මරු පහරක් වීම වැළැක්විය නොහැකි බව මෙයින් පෙනේ. සංචරණ සීමා ඉවත් කළ මුල් දින දෙකේම උකස් මධ්‍යස්ථාන අසල විශාල පෝලිම් ඇතිවීමෙන් පෙනී යන්නේ මේ කටුක යථාර්ථයයි.
උකස් මධ්‍යස්ථාන ඉදිරිපස පෝලිම්වල සිටි පිරිසකගෙන් අපගේ ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදීන් කළ විමසීමේදී ඔවුන් ප්‍රකාශ කර තිබුණේ එදිනෙදා ජීවත්වීමට ඉකුත් දිනවලදී කිසිදු ආදායමක් නොලැබුණු බැවින් එදිනෙදා ජීවිතය ගෙනයාම සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදිය මිලදී ගැනීමට මගක් නොමැති නිසා රන් ආභරණ උකසට තබා මුදල් ලබාගැනීමට සිදු වූ බවය. කරාබු, මාල, වළලු ආදී රන් ආභරණ පමණක් නොව වෙනත් මෝටර් සයිකල් වැනි භාණ්ඩ උකසට ගන්නා ස්ථාන සොයා ගිය පිරිස් පවා සිටි බව ද දැනගන්නට ලැබිණි. එය ද මේ ඛේදවාචකයේම තවත් කොටසකි.
සංචරණ සීමා ඉවත් කළ ද එය සිදුකර ඇත්තේ දැඩි කොන්දේසි යටතේ බව ද බලධාරීහු සඳහන් කරති. පළාත් අතර සීමා එලෙසම ක්‍රියාත්මකය. කොරෝනා වසංගත ව්‍යාප්තියේ බරපතළකම සැලකිල්ලට ගනිමින් එම කොන්දේසි සහ සීමා පැනවීම් සිදුකර ඇති බව පැහැදිලිය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව ලබන 5 වැනිදා දක්වා නිවෙසකින් එකවර පිටතට යා හැකි සංඛ්‍යාව දෙදෙනකුට සීමා කර තිබේ. රාජ්‍ය හා පෞද්ගලික ආයතන සේවයට ගෙන්වන සංඛ්‍යාව ද තීරණය කළ යුත්තේ ආයතන ප්‍රධානියා විසිනි. මේ කිසිවක් උකස් මධ්‍යස්ථාන ඉදිරිපස පෝලිම්වල සිටි ජනතාවට අදාළ නැත. ඔවුන්ට අදාළ එකම කාරණය කනකර හෝ උකස් තබා තමන්ගේ නිවෙස්වල සිටින්නන්ගේ බඩ කට පිරවීම පමණි.
කොරෝනා වසංගතය ලෝකයේ ඇති - නැති සියලු රටවලට කඩාවැදුණේ අනපේක්ෂිතවය. එයට සූදානම් වීමට කිසිදු රටකට අවස්ථාවක් නොතිබිණි. එය ලංකාවට ද අදාළය. එහෙත් සෙසු බොහෝමයක් රටවල් වසංගතය පාලනය කරගැනීම සඳහා දැඩි නීති රීති කොන්දේසි පනවමින් කටයුතු කළ අතර, ඒ අතරවාරයේ ඒ ඒ රටවල ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සපුරා දීම සඳහා ද විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සමත් විය. මුදල් හදල් යහමින් තිබෙන ධනවත් රටවල් ඒ අතුරින් ඉදිරියෙන්ම සිටී. මුල් මාස කිහිපය තුළදී මේ සියලු රටවල් කරකවා අතහැරි තත්ත්වයක සිටි නමුත් කාලය ගතවීමේදී වසංගතයට එරෙහි සටනත් ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාත් තෝරා බේරාගෙන කටයුතු කිරීමට ඒ රටවලට හැකි වී තිබේ. එවැනි තත්ත්වයක් අප රට තුළ තවම දකින්නට නොලැබීම අවාසනාවක් බව කිව යුතුය.
උකස් මධ්‍යස්ථාන ඉදිරිපිට පෝලිමේ සිටින්නේ ද අප රටේ අන් සියලුදෙනා සේම කොරෝනා වයිරසයෙන් බැටකන සහෝදර ජනතාවය. එහෙත් ඔවුන්ට හෙට දවසේ වියදමට අතේ සතේ නොමැති වීම හේතුවෙන් අද උකස් පෝලිමේ ලගින්නට සිදු වී තිබේ. එසේම රුපියල් පන්දහසක රජයේ දීමනාවට හිමිකම් කියන තවත් මිලියන දෙකකට අධික පවුල් සංඛ්‍යාවක් ද අප රටේ සිටිති. මේ සියලු දෙනාගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කිරීමේදී සංචරණ සීමා දැමීම කොතරම් භාරදූර තීරණයක් ද යන්න සිතා ගැනීම දුෂ්කර නැත.
(***)
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බැංකු - උකස් පෝලිම් හෙළිකරන යථාර්ථය
චමින්ද Tuesday, 29 June 2021 12:18 PM
සාමාන්‍යයෙන් දිනකට විශාල පිරිසක් උගස් මධ්‍යස්ථානවලට යනවා. දවස් 30 කට පසු ඒ සෙනඟ එකවර යනවා. එවිට පොලිම දිගයි. එදාම බාර්වලත් දිග පෝලිම් තිබ්බා. එදයින් පස්සේ පෝලිම් දෙකම අඩුවුණා. අපේ රටේ මිනිස්සු කාරණා දකින්නේ සැබෑ දත්ත මත නෙවෙයි. මතවාද මත. ඒක නිසා මේ දේවල් විකෘතියක් විදියටයි පේන්නේ.