IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


පුංචි ආණ්ඩුවල වැය බර ජනතාව පිට පටවනු එපා

‍මෙරට ජාතික දේශපාලන ක්‍රමයේ විවාදයට තුඩු දී ඇති ක්ෂේත්‍ර ගණනාවක් සඳහා නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෘත්තීයවේදීන් අමතා  ප්‍රකාශ කළේය. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළ ක්ෂේත්‍ර ගණනාවකි. ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීම, පවත්නා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ ජන සභා ක්‍රමය සමාජගත කිරීම එම ප්‍රධාන ප්‍රතිසංස්කරණ අතර වන බව ප්‍රකාශිතය.

අතීතයේ මෙරට ක්‍රියාත්මක වූ ප්‍රධාන ප්‍රාදේශීය පරිපාලන සභා වූයේ ගම් සභා, නගර සභා සහ මහනගර සභාය. දැනටත් නගර සභා සහ මහ නගර සභා ක්‍රමය සක්‍රීයව පවතී. එහෙත් පසු කාලයේ ගම් සභා ක්‍රමය වෙනුවට ප්‍රාදේශීය සභා ක්‍රමය ආදේශ කළේය. අද වන විට මෙරට මෙබඳු පළාත් පාලන ආයතන 341ක් ක්‍රියාත්මකය. මහ නගර සභා 24ක් නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276 කින් එම පළාත් පාලන ව්‍යූහය සකස් වී තිබේ. ප්‍රාදේශීය සභා ආරම්භයේ සිට පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණය දක්වා ඒවා නියෝජනය කළ මන්ත්‍රීන් ගණන 4000ක් පමණ විය. එහෙත් අවසන් ප්‍රාදේශීය සභා ඡන්දයේ දී මෙකී මන්ත්‍රීන් ගණන 4000 සිට 8000 දක්වා සියයට සියයකින් පමණ වැඩි කෙරිණි. මේ නිසා ප්‍රාදේශීය සභා පාලන ව්‍යුහය වඩාත් බරසාර මෙන්ම සංකීර්ණ ද විය. ඇතැම් ප්‍රාදේශීය සභා ලාභ සහිතව පවත්වාගෙන ගිය අතර තවත් ඇතැම් සභාවන් සඳහා රජයේ  මුදල්  පොම්ප කළ යුතු විය. එයට විසඳුමක් ලෙස පසුගිය දා ඉදිරිපත් කළ අතුරු අය වැය මගින් නගර සභා ආසන්නයේ පිහිටි ප්‍රාදේශීය සභා 22ක් ඊට සමීපතම නගර සභාවලට ඒකාබද්ධ කිරීමට යෝජනා කළේය.

2023 මාර්තු මාසේ වන විට දැනට කල් දමා තිබෙන ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට සිදු වෙයි. ඊට මැතිවරණ කොමිසම සූදානම් වන බව ද වාර්තා විය. මෙම මැතිවරණ පසුබිමේ පළාත් පාලන ආයතනවල නියෝජනය මන්ත්‍රීන් 8000 සිට පෙර පැවති 4000දක්වා අඩු කිරීමට ජනාධිපතිතුමා යෝජනා කර ඇත. ඒ සඳහා ඇතැම් විට නැවතත් පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය කොමිසමක් මගින් පළාත් පාලන කොට්ඨාස අලු‍තෙන් සකස් කිරීමට ද සිදුවිය හැකිය. කෙසේ වුවද මැතිවරණ ක්‍රමය සංශෝධනය  මුවාවෙන් ඡන්ද කල් දැමීම කිසිසේත් අනුමත කළ නොහැක.

 මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීම අදාළ පළාත් පාලන ආයතනයේ වැය බර අඩු කිරීමට ප්‍රධාන වශයෙන්ම බලපාන සාධකයකි. එසේම එහි පරිපාලන ව්‍යුහය සරල  වීමට ද  මෙම යෝජනාව හේතු වෙයි. ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති තවත් විශේෂ යෝජනාවක් වන්නේ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයාගේ තනි මතයට එහි පාලනය පවත්වාගෙන යනු වෙනුවට සභාපති මණ්ඩලයක් මගින් අදාළ  පරිපාලන තීන්දු ගැනීම යෝග්‍ය බවය. එය ද ඉතා ප්‍රායෝගික අදහසකි.

පවත්නා මනාප මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන කලක පටන්ම සමාජයේ විවිධ අදහස් පළ වී තිබේ. සැබැවින්ම දූෂණයට තුඩුදෙන මනාප මැතිවරණ ක්‍රමය පළාත් පාලන පළාත් සභා සහ මහ මැතිවරණ ආදී ප්‍රධාන මැතිවරණ සියල්ලම කණපිට හැර වූ ඡන්ද ක්‍රමයකි. මුළු පළාතක්, දිස්ත්‍රික්කයක් හෝ පළාත් පාලන බල ප්‍රදේශයම ඡන්ද කොට්ඨාසය ලෙස සලකා කෙරෙන මෙම ඡන්ද විමසීම් මනාප පොරයක් බවට පත්වී තිබේ. මෙකී මනාප පොරයේ ජය ලබන්නෝ වඩාත් ජනප්‍රිය යහපත් අපේක්ෂකයන් නොව වැඩිපුර මුදල් හදල්  වැය කරන අපේක්ෂකයෝ ය. එය ප්‍රජාතන්ත්‍රවාදයේ සාරධර්ම කෙලෙසීමකි. එබැවින් මනාප ඡන්ද ක්‍රමය වෙනුවට කේවල ඡන්ද ක්‍රමය හෝ කේවල අනුපාත මිශ්‍ර ඡන්ද ක්‍රමය යෝග්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

මේ සඳහා යෝග්‍ය මැතිවරණ ක්‍රමයක් යෝජනා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ළඟදීම පත්කරන බවත් එහි වාර්තාව ලබන ජූලි මාසයට පෙර ලබාදිය යුතු බවටත් නියම කර තිබේ. යම් හෙයකින් ජූලි මාසය වන විට අදාළ වාර්තාව නිකුත් නොකළ හොත් ජනමත විචාරණයක් පවත්වා ඒ ගැන නිසි තීන්දුවක් ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත. මෙය හොඳ අදහසකි.

ඡන්ද ක්‍රමය වෙනස් කරන අතර මැතිවරණ වියදම් ද සීමා කළ යුතු බවට වන යෝජනාවක් ද මෙම දේශපාලන ප්‍රතිසංස්කරණවලට අයත්ය. මේ ගැන මැතිවරණ කොමිසම ද වාර ගණනාවක්ම රජයට කරුණු දක්වා තිබුණි. එහෙත් දූෂිත මනාප ක්‍රමය වෙනස් නොකර මැතිවරණ වියදම් සීමා පැනවීම ප්‍රායෝගික නොවන බවට මත පළ වී ඇත. එහි සත්‍යයක් ඇත. එබැවින් මනාප ක්‍රමය වෙනසට භාජන කරද්දීම මැතිවරණ වියදම් සීමා කළ හොත් එය මැතිවරණ දූෂණ පාලනයට ගනු ලබන ඵලදායි පියවරක් ලෙස හැඳින්විය හැකිය.

මෙම සියලු‍ යෝජනාවලට අමතරව දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී ජනසභා නම් නව සභා ක්‍රමයක් මෙරටට හඳුන්වා  දිය යුතු බව ජනාධිපතිවරයා පවසයි. අතීතයේ ක්‍රියාත්මක වූ ග්‍රාමෝදය මණ්ඩලවල මෙන් ගමේ තිබෙන සියලු‍ සමිති සංවිධාන එක්රැස් කෙරෙන පොදු මණ්ඩපයක් ලෙස ජනසභා සංවිධානය කළ යුතු බව සඳහන්ය. රාජ්‍ය වියදමකින් තොරව ස්වේච්ඡා පදනමින් ජන සභා ක්‍රියාත්මක වේ නම් එය රටට බරක් නොවේ. එසේ නොමැතිව ජන සභාවත් තවත් ප්‍රාදේශීය සභාවක් වුවහොත් ඊට ජන ප්‍රසාදය හිමිකර ගැනීම නම් පහසු නැති බව සඳහන් කළ යුතුය.

(***)



අදහස් (2)

පුංචි ආණ්ඩුවල වැය බර ජනතාව පිට පටවනු එපා

achini Saturday, 15 October 2022 05:49 PM

වෙන මොකුත් ඕනෑ නෑ. රාජපක්ෂ හොර පරම්පරාව රටෙන් හොරාකාපු දේවල් නැවත පවරාගත්තා නම් රටම ගොඩ...

:       0       7

Gamunu Saturday, 15 October 2022 08:29 PM

මනාප ඡන්ද ක්‍රමය වෙනුවට කේවල ඡන්ද ක්‍රමය හෝ වෙනුවට කේවල අනුපාත මිශ්‍ර ඡන්ද ක්‍රමය සුදුසු වනුයේ කුඩා පක්ෂ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුල නියෝජනයක් ඇතිවීම වේ. සියලු ජාතින් ජාතිබේද, සහ බලය බෙදීම් පසෙක තබා ශ්‍රී ලාංකිකයන් වසයෙන් කටයුතු කළහොත් කේවල ඡන්ද ක්‍රමය වඩාත් සුදුසු වේ. එවිට සියලු ජාතින් නියෝජනය වන පරිදි රජයක් / ආණ්ඩුවක් බිහිකර ගත හැකිවේ. වර්තමානයේ දේශපාලන පක්ෂ ඔවුන්ගේ පුද්ගලික අවශ්‍ය තත්වයන් සහ බලය වෙනුවෙන් ජාතින් වසයෙන් බෙදීම් තිබෙනාවූ නිසා සහ රටට ජාතික ප්‍රතිපත්තියක් නොමැති කම නිසාත් ශ්‍රී ලංකාව රටක් වසයෙන් එක තැන කැරකෙමින් තිබේ. සියලු ජාතින් දේශපාලන බලය පිළිබද කතිකාව පසෙක තබා ශ්‍රී ලාංකිකයන් වසයෙන් ඉදිරිය පැමිණ රට වෙනුවෙන් සියලු ජාතින් එක්ව රජයක් පිහිටුවන තුරු ශ්‍රී ලංකාවට අනාගතයක් නොමැත. පුරවැසියන් පාර්ලිමේන්තුවේ සිදුවන ගැටුම්, පක්ෂ විපක්ෂ අතර සිදුවන වාද විවාද සහ ඔවුන්ගේ voice cut නරබමින් දේශපාලකයන් හට චෝදනා කරමින් ඉදිරි වසර 100ක් ගත කරමුද ? නොඑසේනම් ඉදිරි මැතිවරණය රටේ තීරණාත්මක මැතිවරණය බවට පත් කර රටට දේශපාලන වෙනසක් ලබා දෙන්නේද යන්න පුරවැසියන්ගේ තීරණයකි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 558 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 407 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 312 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1477 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 80 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 688 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 606 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 153 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1180 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site