කාලයක පටන් කිසිම දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ නොවූ ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ අප රට මුහුණ පාමින් ඉන්නා දරුණු ආර්ථික අභියෝග පිළිබඳව රතු කොඩිය ඔසවා අනතුරු හඟවති. අවාසනාවකට මෙන් දේශපාලනඥයෝ නිරන්තරයෙන්ම මෙම අභියෝග නොසලකා හැරියෝය. සාමාන්‍ය සංවේදනයක් ඒ පිළිබඳව තිබේ නම් යන මඟ නිවැරදි අතට හරවා ආර්ථිකය නම් නෞකාව සුමට ලෙස යාත්‍රා කරවිය හැකිවේ යැයි පෞද්ගලික අංශයේ බොහෝ උදවිය විශ්වාස කළහ.
අවුරුදු පහකට පමණ පෙරාතුව විශාල බහු ජාතික බැංකුවක කලාපීය සමූහයක මගේ මිතුරන්ගෙන් ‘‘ශ්‍රී ලංකාවත් ග්‍රීසිය වගේ විදේශ ණය පැහැර හරීවි ද ? ’’යි මා මිත්‍රශීලිව ඇසූ විට ඔවුන් මා හට දෝෂාරෝපණ එල්ල කළ අයුරු මට මෑතක දී මතක් වූයේය. මගේ සඟයින් සිතුවේ මා අනවශ්‍ය පරිදි අසුබවාදී ලෙස දකිනවා කියාය. එහෙත් මම යථාර්ථවාදීව ඒ ගැන කල්පනා කළෙමි. එහෙත් එක් මිත්‍රයෙක් මගේ පැත්ත ගෙන පැවසුවේ. ‘‘ශ්‍රී ලංකාවේ තත්ත්වය ඒ හැටි හොඳ නැති බවයි. ඒ අවුරුදු පහකට ඉහතදීය.
ඉන් අනතුරුව වසංගතයකින් ආර්ථිකය ගිලන්ව ගිය කල විවිධ බදු කපාහැර රජයේ ආදායම රු. බිලියන 600කින් පමණ අඩු කර ගැනීමේ තීරණයකින් පසු රාජ්‍ය භාණ්ඩාගාරය පතුළටම සිඳී ගොස් තිබේ. ඊටත් වඩා විදේශ විනිමය ඉපයීම් අහිමිව ගියේ රට සංචාරක ව්‍යාපාරයට වසා දැමීම නිසාය. එයින් ද රටට වැදුනේ මරු පහරකි. කෙසේ වුවද මගේ අදහස වන්නේ, විදේශ ණය ගෙවීමට අපට කොහොමටත් අරගල කළ යුතුව තිබුණු බවයි. වසංගතයෙන් සිදු වූයේ එය තවත් ඉක්මන් කිරීම පමණකි. ඇමරිකානු ඩොලර් බිලියන 8ක වාර්ෂික වෙළඳ හිඟයක් පවතින රටක, 2021-2025 අතරතුර ඇමරිකානු ඩොලර් බිලියන 23ක් නැවත ගෙවන්නට සිදුවීම කොහොමටත් සියුම් පිරියම් යෙදිය යුතු අති දුෂ්කර කාර්යයකි. ඊට අමතරව අපට ඇති විදේශ විනිමය ණය ලබා ගැනීමේ හැකියාව ද, අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ ආයතන ණය ආපසු ගෙවීමේ හැකියාව අතින්, අප පහළ ශ්‍රේණියට ඇද දැමූ නිසා තවත් සීමා වූයේය.
ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය පැතිය යුතු බව නිර්දේශ කරමින් බොහෝ අය ලිපි ලියූහ. විකල්ප බොහෝමක් නොමැති තත්ත්වයක් තුළ, අන්තවාදී සමාජවාදීන් හැරුණු කොට බොහෝ අය සංවේදී විකල්පයක් ලෙස නම් කළේ එයමය. අනෙක් අතට මහජනතාවටවත්, පෞද්ගලික අංශයටවත් අන්තර්ජාතික ණය දෙන ආයතනවලටත් සිදුවිය හැකි ණය ආපසු ගෙවීම් පැහැර හැරීමකින් වැලකෙන්නට බලාපොරොත්තු වන්නේ කෙසේද යන්න ශ්‍රී ලංකා රජය හරි හැටි පැහැදිලිව කීවේ නැත. ඒ අතරම ආනයනයන් උදෙසා ප්‍රමාණවත් විදේශ විනිමය 2025 දක්වා තිබේය යන්න තහවුරු කරගන්නා ආකාරය ද රජය කියා සිටියේ නැත.
කේන්සියානු ආර්ථික විද්‍යාව
අයකුට සිතාගත හැක්කේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ යටතේ එම ආර්ථික ක්‍රමෝපාය ගැන විශ්වාස තබමින් එහි කළමනාකරණ කටයුතු කරන උදවිය කේන්සියානු ආර්ථික න්‍යායේ ගෝලබාලයන්ය යන්න පමණයි. කේන්සියානු ආර්ථික න්‍යාය යනු බ්‍රිතාන්‍ය ජාතික ආර්ථික විද්‍යාඥයකු වූ ජෝන් මෙයිනාර්ඩ් කේන්ස් 1930 ගණන් වල වර්ධන කරන ලද ආර්ථික න්‍යායකි. කේන්ස් තම න්‍යායෙන් උපදෙස් දෙනු ලැබුවේ රජයේ වියදම් වැඩි කරන ලෙසත්, බදු පහත හෙළන ලෙසත්ය. ඒ මගින් ඉල්ලුම උත්තේජනය කොට ගෝලීය ආර්ථිකය අවපාතයෙන් ගොඩ ඇදගත යුතු බව ඔහු කියා සිටියේය.
ඉන් පැහැදිලි කළේ ආර්ථිකය දුක්ඛිත තත්ත්වයට ඇද වැටුණු කාල පර්ච්ඡේදවල දී රජය ණය ගෙන වියදම් කොට ඒ මගින් ආයෝජන පහත හෙලා පාරිභෝගිකයන් කරන වියදම් වැඩි කරවා වැඩි වන ඉල්ලුම තුලිත කළ යුතු බවයි. වෙළෙඳපොළ බලවේගවලට ඉබේ ක්‍රියාත්මක වෙන්නට ඉඩ හැරියහොත් ස්වභාවිකවම සමතුලිත තත්ත්වයට ආර්ථිකය පත්වේය යන අදහස ඔහු ප්‍රතික්‍ෂේප කළේය. ඒ වෙනුවට ඔහු යෝජනා කළේ රජය වැඩි වැඩියෙන් මුදල් වියදම් කරමින්, බදු කපා හැර අයවැය හිඟයක් ඇති කළ යුතු බවයි. ඒ මගින් පාරිභෝගික ඉල්ලුම ඉහළ යයි. එවිට සමස්තයක් ලෙස ආර්ථික ක්‍රියාකාරකම් වැඩිවේ. එවිට විරැකියාව ද අඩුවේ. එවිට රජය වෙළෙඳපොළ බලවේග හරහා නිර්මාණය කරන ආර්ථිකයට වඩා හොඳ ස්ථාවරයකට පත්වන බව ඔහු විශ්වාස කළේය. ශක්තිමත් ආර්ථිකයක් කරා යන අයුරු ඔහු විග්‍රහ කළේ එලෙසයි.
ආදායමට වැඩි ප්‍රමාණයක් ණයට ගෙන වියදම් කිරීම විවේචනයට ලක් කරන අය කියා සිටින්නේ අපරීක්‍ෂා කාරී ලෙස එසේ කළහොත් ආර්ථික වර්ධනයට එය තර්ජනයක් වන බවයි. පමණට වඩා ණය ගැනීම නිසා රජයකට බදු වැඩිකිරීමට සිදුවේ. එමෙන්ම තම ණය ගෙවීම් පැහැර හරින්නට රජයට එවිට සිදුවේ. එහි දී තවදුරටත් රජයේ බැඳුම්කර විකිණීම් සිදුවේ. එසේම පෞද්ගලික ණය නිකුත් කරන්නන් ද එවිට ප්‍රාග්ධන වෙළෙඳපොළේ මිල ගණන් සහ පොලී අනුපාත විකෘත කිරීමට ඉඩ තිබේ. කේන්සියානු න්‍යායට විරුද්ධ බොහෝ අය, දිගින් දිගට ණය ගෙන වියදම් කිරීමෙන්, ණය කන්දරාවක් ගොඩ ගැසීම සිදුවී අවසානයේ ආර්ථිකය පරිහානියට යාම විස්තර කර ගැනීමට උදාහරණයට ගන්නේ ශ්‍රී ලංකාවයි.
නූතන මූල්‍ය න්‍යාය
නව ආර්ථික චින්තන ගුරුකුලයේ අලුත් න්‍යාය හැඳින්වන්නේ නූතන මූල්‍ය න්‍යාය (Moderm Monetary Theory- MMT) යනුවෙනි. ණයට ගෙන හිඟ වියදම් සිදුකිරීමේ කේන්සියානු ආර්ථික ක්‍රම වෙනුවෙන් සටන් වැදීමේ නූතන කාර්යය මෙම ගුරුකුලය විසින් භාරගෙන තිබේ. එය විශේෂයෙන් දේශපාලන …ප්‍රේක්ෂාවේ බලපෑම මත සිදු කරන්නකි.
නූතන මූල්‍ය න්‍යාය යෝජනාකරන්නාවූත්, තර්ක කරන පරිදි උද්ධමනය පවතින තුරා, තමන්ගේම මුදල් වර්ගයක් පරිහරණය කරන රටකට තැවුල් විඳින්නට කාරණයක් නැත. ණය වී වැය කර කෙතරම් ණය කඳුගොඩ ගැසුනත් ඔවුන් කියන අයුරු ප්‍රශ්නයක් නැත. කළ යුත්තේ නිතරම මුදල් වැඩි වැඩියෙන් අච්චු ගසා ඒ උදෙසා වියදම් කිරීමය. මේ වන විට අපගේ මහ බැංකුව සිදු කරන්නේ හරියටම එකී කටයුත්තයි. එය රජයේ අණ පරිදි කරන කටයුත්තකැයි ඇතැම්හු සිතති.
මාග්‍රට් තැචර් කේන්සියානු මතවාද කුඩුකර දැමූ සැටි
මාග්‍රට් තැචර් කේන්සියානු න්‍යායට විරුද්ධව යමින් සාර්ථකත්වය අත්කරගත් හැටි වටහා ගැනීමට ඊට දශක දෙකහමාරකට පෙර පැවති සමාජ, ආර්ථික දේශපාලන ස්වරූපය අවබෝධකරගත යුතුය.
1960 ගණන් වල සහ 70 ගණන්වල පැවතියේ සමාජ දේශපාලන ක්‍රියාකාරකම් අනාවරණය නොවූ යුගයකි. එකල ඇමරිකා එක්සත් ජනපදය ආර්ථික වශයෙනුත් යුදමය වශයෙනුත් ලෝකයේ ප්‍රමුඛතම සුපිරි බලවතා විය. එම කාලය වියට්නාම යුද්ධයට එරෙහි විරෝධතා ද, මාර්ටින් ලූතර් කිංග් මරණයෙන් පසුව පුරවැසි හිමිකම් පිළිබඳ ප්‍රබල උද්ඝෝෂණය ද ඇමරිකාව තුළ මතු විය. ඒ හැරුණු කොට බටහිර යුරෝපයේ පොප් සංගීතය, විනෝදය පිණිස මත්ද්‍රව්‍ය භාවිතය, ලිංගිකත්වය සම්බන්ධයෙන් නිදහස් මතවා ද සමලිංගික ප්‍රජාව පිළිගැනීමට ලක්වීම ආදිය මතුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1960 ගණන් ‘දෝලනය වන හැට ගණන්’ යනුවෙන් හඳුන්වනු ලැබුවේය.
දේශපාලන පොර පිටියේ ලෝකය පුරා බොහෝ සමාජවාදී ආණ්ඩු ඡන්දයෙන් බලයට පත් වූයේය. උදාහරණයකට එක්සත් රාජධානියේත්, ජර්මනියෙත් 60- 70 ගණන්වල බොහෝ විට බලයට ආවේ සමාජවාදී රජයන්ය, එම රජයන් සමාජ සුභසාධනය දේශපාලන දර්ශනයක් ලෙස ශක්තිමත් කළ අතර ධනවාදය ප්‍රිය නොකළේය. කෙසේ වූවද 1973 ඊශ්‍රායලය හා ඇතැම් මැද පෙරදිග රටවල් අතර පැවති යුද්ධයෙන් අනතුරුව බොහෝ රටවල ආර්ථිකයන් කඩාකප්පල් වූයේය.
එකල ඛනිජ තෙල් මිල සියයට 400කින් ඉහළ ගියේය. ඇමරිකානු සහ බටහිර යුරෝපා රටවල සම්බන්ධක පැනවීම් නිසා සැපයුම් ද සීමාවිය.
එක්සත් රාජධානිය මහා පරිමාණ බලශක්ති අර්බුදයකින් වෙලී ගියේ ඛනිජ තෙල් සැපයීමේ දුර්වලතා සහ වැඩි පඩි ඉල්ලා ආකරවල කම්කරුවන් කළ උද්ඝෝෂණත් හේතුවෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස රජය හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළේය. බලශක්ති සංරක්‍ෂණය උදෙසා කර්මාන්ත ශාලාවලට සතියකට දින තුනක් පමණ වැඩ කිරීමට බල කෙරිණි. රටේ සියලුම රූපවාහිනී මධ්‍යස්ථාන රාත්‍රී 10.30 නිවා දැමිය යුතු විය. ඊට අමතරව සිසුන්ට තම ගෙදර වැඩ සන්ධ්‍යා කාලයේ දී ඉටිපන්දම් එළියෙන් කරන්නට සිදුවිය. ඊළඟ අවුරුද්දේ දී ඡන්ද දායකයන් විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ කන්සර්වටිව් ආණ්ඩුව ඊට වන්දි ගෙව්වේය.
වෘත්තීය සමිති කර්මාන්තශාලා තුළ ගෙන ගිය විරෝධතා ව්‍යාපාර රජයට මහත් හිසරදයක් වූ අතර ඒවායින් මහජනතාව ද මහත් පීඩාවට පත්විය. එහි දී සියයට26කින් උද්ධමනය වැඩිවිය. වෘත්තීය සමිති වැඩි පඩි ඉල්ලා සිටියහ. විරැකියාව වැඩි වූ අතර ඉල්ලු වැඩි පඩි ගෙවීමට බොහෝ සමාගම් අපොහොසත් විය. ඒ සියල්ලම එක්ව දුෂ්ට චක්‍රය ක්‍රියාත්මක විය.
දුර්වල ආර්ථිකය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ මහජනතාව තුළ කනස්සල්ල වර්ධනය විය. පැතිර ගිය වෘත්තිය සමිති උද්ඝෝෂණ නිසා අමාත්‍ය ජේම්ස් කැලැහැන් (James Callaghan) තම සෙසු කැබිනට් අමාත්‍යවරුනට 1974 දී ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැට්දෝයි අනතුරු ඇඟවූයේය. ඔහු ඔවුන්ට කීවේ ‘‘ මා තරුණයකු වී නම්, මම ද වෙන රටකට සංක්‍රමනය වෙමි, කියාය උත්ප්‍රාසාත්මක අයුරින් ලේබර් පාක්‍ෂික අග්‍රාමාත්‍යවරයාව සිටි හැරල්ඩ් විල්සන් 1976 දී සියල්ලන් විමතියට පත්කරමින් ඉල්ලා අස්වූ විට එම තනතුරට පත් වූයේ ඔහුය.
ලේබර් පාක්‍ෂික රජය, වැඩිවන උද්ධමනය, වැඩිවන තෙල්මිල නිසා ගෙවුම්ශේෂ හිඟය වැඩිවීම, කාර්මික අංශයේ එක් පෙළට ආරවුල් මතු වීම යන ආර්ථික අසීරුතාවලට නොකඩවා මුහුණ පෑවේය. සියල්ල උත්සන්න වූයේ 1976 දී ස්ටර්ලිං පවුම්වලට ඇති විශ්වාසය බිඳ වැටුණු විටය. 1976 සැප්තැම්බරයේ දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇ.ඩො. බිලියන 3.9ක් ඉල්ලා සිටියේය. ඒ වන විට අරමුදලකින් ඉල්ලා සිටි විශාලතම මූල්‍ය අරමුදල් ණය එයයි. ණය දීම සඳහා රාජ්‍ය වියදම් කිහිපයක් කපා හරින ලෙස ජා.මු. අරමුදල නියම කළේය. එම නියම කිරීම් බ්‍රිතාන්‍ය ආණ්ඩුව පිළිගත්තේය.
එහෙත් තවත් වසර කිහිපයක් ගත වෙද්දි එක්සත් රාජධානියේ ජීවිතය තවත් අසීරු වූයේය. ලේබර් පාක්ෂික අගමැති ජේම්ස් කැලැහැන් සහ වෘත්තීය සමිති අතර වැටුප් වැඩි කිරීම උදෙසා පැවැති අරගලය නිමාවට පත් වුණේ සංහිඳියාවකින් තොරවය. කුණු එකතු කරන්නන්, මිනී වළවල් කණිනන්, හෙදියන් වැඩ වර්ජනය කරන්නට පටන් ගත් නිසා පාරවල් කුණු කන්දල් වලින් පිරී ගියේය. මල මිනී වළ දමා ගත නොහැකිව ගොඩ ගැසිණි. රෝහල් ගතව සිටි තම දරුවන් හට කවා පොවන්නට දෙමාපියෝ රෝහල් වෙත දිව ගියහ.
උද්ධමනය වළක්වන්නට හා වෘත්තිය සමිති උද්ඝෝෂණ වළක්වා ගන්නට ලේබර් පක්ෂයට නොහැකි වූ නිසා ජනතාව 1979 දී හෙම්බත්ව සිටියහ. එවර මාග්‍රට් තැචර් නායකත්වය දුන් කොන්සවේටිව් පක්ෂයට පාර්ලිමේන්තු ආසන 43 ක බහුතරයක් පිරිනමමින් ජනතාව ඡන්දය දුන්නේය.
මාග්‍රට් තැචර් බ්‍රිතාන්‍ය ආර්ථික ප්‍රතිපත්ති වල රැඩිකල් වෙනසක් සිදු කළාය. ඈ තම ආර්ථිකය ගොඩනැංවූයේ පහත සඳහන් කුලුනු මතය.
මුදල් සැපයුම අවම කිරීම හරහා උද්ධමනය අඩු කිරීම.
බදු වැඩි කිරීම් ක්‍රියාත්මක කිරීමෙන් හා රාජ්‍ය වියදම් අඩු කරමින් අය වැය හිඟය අඩු කිරීම.
රාජ්‍ය හිමි ව්‍යවසායකයන් පෞද්ගලීකරණය කිරීම.
මූල්‍ය අංශයේ පාලන නීති ඉවත් කිරීම.
වෘත්තිය සමිති කඩා බිඳ විසුරුවා හැරීම.
ඈ සිය අරමුණු වෙත ළඟා වූ බවට කිසිඳු සැකයක් නැත. ඇය අගමැති ධුරයේ වසර 12ක් පුරා රැඳී සිටියාය. කොන්සවේටිව් පක්ෂය වසර 17 ක් නොකඩවා බලයේ රැඳී සිටියේය. කෙසේ වුවද මාග්‍රට් තැචර් කටයුතු ආරම්භ කළ මුල් කාලයේ බ්‍රිතාන්‍ය ජනතාව අතිශය අසීරුතා වින්දෝය. ඇගේ ප්‍රතිපත්ති නිසා විරැකියාව සෑහෙන තරම් වැඩි විය. පොලී අනුපාතිකය වැඩි කළ විට බොහෝ සමාගම් කම්මුතු වී ගියේය. ඒ කාලයේ බ්‍රිතාන්‍යයේ ජාතික රූපවාහිනි නාළිකාව දෙස සැමදා විනාඩියක් බලා සිටියදී කොම්පැණි ගණනාවක් වැසී යන සැටි නිවේදනය වූ අයුරු මට මතක් වේ. නිවේදනයකින් තොරව වැසී ගිය කොම්පැණි ගණනාවක් ඇත. 1981 දී බදු වැඩි කිරීමට ඈ කළ සැලසුම් හෙළා දකිමින් ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයන් 364 දෙනෙක් එක්ව ලිපියක් පළ කළහ.
ඇගේ මූල්‍ය ප්‍රතිපත්ති නිසා ආර්ථිකය තව තවත් උද්ධමනයේ ගිලී යතැයි කියමින් ඇගේම මූල්‍යවාදියෝ ඇයට පහර දුන්හ. එහෙත් ඒවායින් සැලුනේ මාග්‍රට් තැචර් නොවේ. 1980 ඔක්. 10 වැනිදා කොන්සවේටිව් පක්ෂ සම්මේලනයේදී තමාගේ ආපසු හැරීමක් නැති බව ඇය ප්‍රසිද්ධියේ තරයේ කියා සිටියාය. එය තැචර්ගේ දේශපාලන ප්‍රගතිය පැහැදිලි කරන කතාවක් ලෙස සැලකේ. එහි ප්‍රතිඵලයක් ලෙස ‘‘යකඩ ගැහැනිය’’ යන නාමය ඇයට ලැබිණි. ඇගේ පිරිමි කැබිනට් සගයන්ට වඩා පිරිමිකමක් ඈ සතු බව පතළ වෙන්නට ගත්තේය.
ඇගේ ආර්ථික ප්‍රතිපත්ති රජයේ මුදල් වියදම් වැඩි කරමින්, බදු අඩු කරමින් සමස්ත ඉල්ලුම වැඩි කරන කේන්සියානු න්‍යායේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්ති බවට කිසිඳු සැකයක් නැත. ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් හා එක්ව කොන්සවේටිව් දේශපාලනය පුනරුදයට ගෙන ආ ඇය නිසා දශක දෙකක් තිස්සේ සමාජවාදී පක්ෂ දේශපාලනය පහත වැටී තිබිණි.
ඉඩකඩ මදි නිසා ඇගේ ආර්ථික ප්‍රතිපත්ති වල මූලික කාරණා මිලදී සවිස්තරව දැක්වීම අපහසුය. එහෙත් දැනට ශ්‍රී ලංකාව පවතින තත්ත්වයට බෙහෙවින් අදාළ එකී මූලික කාරණා 2 ක් මෙහිදී හුවා දැක්වීමට මම කැමැත්තෙමි.
රාජ්‍ය හිමිකාරීත්වය ඇති ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම
මාග්‍රට් තැචර්ගේ ආණ්ඩුව යටතේ, බ්‍රිතාන්‍ය රජය සතුව තිබූ ප්‍රධාන කර්මාන්ත කිහිපයක් විකුණා දමනු ලැබීය. ඇගේ පාලන කාලයේ මුලදී බ්‍රිටිෂ් ඒරෝ ස්පේස් සහ කේබල් ඇන්ඩ් වයර්ලස් නම් රාජ්‍ය ආයතනය විකුණා දමන ලදි. ඉන් පසු, බ්‍රිටිෂ් ටෙලිකොම්, බ්‍රිටොයිල්, බ්‍රිටිෂ් ගෑස්, සහ ජගුවාර් ආයතන පෞද්ගලීකරණයට ලක් විය. ඇගේ තුන්වැනි බලකාලයේදී බ්‍රිටිෂ් එයාර්වේස්, බ්‍රිටිෂ් පෙට්‍රෝලියම්, බ්‍රිටිෂ් ස්ටීල්, රෝල්ස් රොයිස් හා විද්‍යුත් සහ ජල සැපයුම් සමාගම් ද පෞද්ගලීකරණය කරන ලදි.
එම සමාගම් බොහෝවක් පෞද්ගලික කොම්පැණි ලෙස සාර්ථකත්වයට පත් විය. ඒ නිසා 1980 ගණන් වලදී දැවැන්ත මුදල් ප්‍රමාණයක් වියදම් නොකර ඉතිරි කර ගත හැකි විය. ඒ නිසා බදු වැඩි කිරීම් ද වැළකිනි. සන්නිවේදන සහ ඉන්ධන අංශයේ තරගකාරීත්වය වර්ධනය වෙමින් කාර්යක්ෂමතාව නිර්මාණය විය.
වෘත්තීය සමිති සුනු විසුනු කර දැමීම
තැචර්ගේ වඩාත් උණුසුම් දේශපාලන සංග්‍රාමය සිදු වුයේ 1984 ආකර කම්කරුවන් වැඩ නැවැත්වූ විටය. තැචර් බලයට පැමිණි මුල් කාලයේ එනම් 1981 ද ආකර අංශය වැඩ නැවැත්වූයේය. රජය එසැනින්ම ඉල්ලූ සහන ලබා දුන්නේය. එහෙත් එවැනි තත්ත්වයක් යළි උදා නොවෙන්නට තැචර් ඊට අවශ්‍ය කුමන්ත්‍රණ කටයුතු වසර කිහිපයක දී සිදු කළාය. ඇය වෘත්තිය සමිති නීති වෙනස් කළාය. වර්ජනයකින් පාරිභෝගිකයන්ට සිදු විය හැකි දුෂ්කරතා මඟ හරවා ගැනීමට ගල් අඟුරු තොග රැස් කළාය. ආකර වෘත්තිය සමිති තුළට ඔත්තු කරුවන් රිංගවා ඒවායේ කටයුතු කඩා කප්පල් කළාය.
ඉන්පසු 1984 දී ආකර වර්ජනය සිදු වන විට ඈ සිටියේ ඊට සූදානමිනි. වසරක වර්ජන කාලයකින් පසු කිසිඳු ඉල්ලීමකට රජයෙන් සහන නොලැබී ආකර කම්කරුවෝ නැවත වැඩට පැමිණියෝය. එහි ප්‍රතිඵලයක් ලෙස අවුරුදු 10 කට පෙර එඩ්වඩ් හීත්ගේ කොන්සවේටිව් රජය පෙරළා දැමූ අතර කම්කරුවන්ගේ ජාතික එකමුතුව (National Union Of Miners) සදහටම බල බිඳී දුර්වලව ගියේය.
සෑම ආර්ථික හා දේශපාලන අංශයකම ආධිපත්‍ය දැරූ වෘත්තිය සමිති තව තවත් සුනු විසුනු කර දැමීම සිදු විය.
ශ්‍රී ලංකාව මාග්‍රට් තැචර්ගේ බෙහෙතම ලබා දේවිද?
මා 1975 න් පසු කාලයේ එ.රාජධානියේ දිවි ගෙවූ නිසා ඉහත මා විස්තර කළ දෑ හොඳින් අත් දුටිමි. 1979 තැචර් බලයට පත් වන විට මගේ වයස අවුරුදු 20 කි. එකල මම ප්‍රබල සමාජවාදියකු වීමි. වසර දෙකක් පුරා ශිෂ්‍ය සංගමයේ මහ ලේකම්වරයා වූයේද මාය. කෙසේ වුවද ‘‘විසි වැනි වියේදී සමාජවාදියකු නොවී නම් ඔහුට හදවතක් අවශ්‍යය. වයස තිහේදී සමාජවාදියකු වී නම් ඔහුට හිසක් නැති බව පැහැදිලිය’’ යන කියමන මම තදින්ම විශ්වාස කරමි. මගේ අදහස වන්නේ එරී සිටින ආර්ථික ගොහොරුවෙන් ගොඩ එන්නට නම් අප අසීරුතා විඳිමින් කැප කිරීම් රාශියක් කළ යුතුය යන්නයි. අවාසනාවකට දශක කිහිපයක් තිස්සේ අප ගත කළ සාටෝපකාරී ජිවිතයේ මිල වෙනුවෙන් අප වන්දි ගෙවිය යුතු වීමයි.
වසර කිහිපයකට පෙර නිවැරදි තීරණ ගත්තේ නම් එම වේදනාව බොහෝ සෙයින් අඩු වන්නට ඉඩ තිබිණි. අප එක පිට එක බලයට පත් කළ ආණ්ඩු මහජනතාවත්, වෘත්තිය සමිතිත්, අනෙකුත් පෞද්ගලික අනියමාර්ථ ඇති පාර්ශ්වයනුත් නැළවුවා විනා දැඩි පියවර ගත්තේ නැත.
අප පසුගිය දශක දෙකේදීම දැඩි සේ විදුලිය කපා හැරීම් වලට මුහුණ පෑවේ නැත. ජල විදුලි බලය ප්‍රමාණවත් නොවූ විට හෝ ගල් අඟුරු බලාගාර බිඳ වැටුණු විට රජය ලංවිම උදෙසා මිලාධික තාප බලාගාර ජනනය ලබා දුන්නේය. එසේ කළේ වියදම් දරා මහජනතාව අපහසුවෙන් ගලවා ගන්නටය. අමතර වියදම් පියවා ගන්නට ලංවිම අමතර ගාස්තු අය කළේ ද නැත. පසුගිය පස් වසර පුරාම විදුලි බල ගාස්තු වැඩි නොවූ බව මම හඟිමි.
දශක දෙකකට පෙර මා සේවය කළ සමාගම නව දිල්ලියට සම්බන්ධ සමාගමක් නිසා නිතර ඉන්දියාවට යන්නට මට සිදු විය. ඉන්දියාවේත් පාකිස්ථානයේදී ගිම්හාන කාල වල පැය හය දක්වා ඇදෙන දීර්ඝ විදුලි කප්පාදු එකල පැවතිණි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සදාකාලික හානි සිදු වුවත් බාධාවකින් තොරව විදුලි බලය සැපයීම කෙරිණි.
2015 බලයට පැමිණි යහපාලන ආණ්ඩුව රුපියල් 10,000 කින් රජයේ වැටුප් වැඩි කළෙය්. වර්තමාන රජය උපාධිධාරීන් ලක්ෂයකට රජයේ රැකියා සැපයූ අතර සා.පෙළ සමතුන්ට රජයේ රැකියා 35,000 ක් ලබා දුන්නේය. අතිශය අකාර්යක්ෂම රාජ්‍ය සේවය උදෙසා බදු ගෙවන්නන්ගේ මුදල් වැය වෙන අයුරු නිකමට සිතා බැලිය යුතුය.
වැඩි වැඩ නැති නිසාත්, විශ්‍රාම වැටුප් හිමි නිසාත් රජයේ රැකියාවට කැමති වග තරුණ අරුණ වැඩසටහනෙන් පුහුණුව ලැබු උපාධිධාරියකු කියනු මට ඇසී තිබේ.
1984 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට එකල මා සේවය කළ සමාගම වෙනුවෙන් මම සහභාගී වූයෙමි. මට බොහෝ වේලා එහිදී හිඳගෙන ඉන්නට සිදු විය. මට අදාළ විමර්ශන ගොනුව කාකාස වරයකුට තෝරා ගන්නට නොහැකි වූ විට එය සොයා ගන්නා ලෙස විමර්ශනය මෙහෙය වන්නට නියමිත කාන්තාව මට කීවාය. මගේ ගොනුව සොයා ගත නොහැකි වූ නිසා විමර්ශනය අවුරුද්දකින් කල් ගියේය. රාජ්‍ය සේවය එතරම්ම අකාර්යක්ෂම වූවකි.
අප බොහෝ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතුය. එවිට එ.රාජධානියේ මාග්‍රට් තැචර් කළා සේ අපට සෑහෙන මුදලක් ඉතිරි කර ගත හැකිය. ඒ සඳහා වෘත්තිය සමිති අඩපණ කර දැමිය යුතුය. එහිදී ටික කලකට මහජනතාවට අසීරුතා විඳින්නට සිදු වුවද එම කැප කිරීම කරන්නට වටින්නේය යන්න මගේ අදහසයි. අවම වශයෙන් අපගේ දරු මුණුබුරන්ට හෝ එවිට මෙරට යහපත් තැනක් වනු ඇත.
සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්තිය ක්‍රියා මාර්ග විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වෘත්තිය ක්‍රියා මාර්ග පිටු දැකිය යුතුය. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හා ජපානයට මෙහෙයුම් පිණිස දීම අවලංගු කිරීම නිසාත්, ලංවිම සේවකයන්ට වැඩි පඩි ගෙවන්නට වාර්ෂිකව රු. බිලියන 9 ක් වැය වීමත් ශ්‍රී ලංකා රජය අහේතුක ලෙස වෘත්තිය සමිති නිසා විඳින පාඩුව හොඳින් පැහැදිලි කරයි. 1979 වනවිට දිරිමත් අධිෂ්ඨානශීලී නායකත්වයකින් සාර්ථකත්වය උදා කර ගන්නා අයුරු මාග්‍රට් තැචර් පෙන්වා දුන්නාය. දේශපාලනඥයන් හොඳින් මතකයේ තබා ගත යුතු ඇගේ කියමනක් පහත සඳහන් කරමි.
‘‘ඔබ කැමැත්ත දක්වන්නට ගත හොත් ඕනෑම විටක ඕනෑම දේකට එකඟ වන්නට ඔබට සිදු වේ. එයින් ඔබට ලබා ගත හැකි ජයක් නැත.’’
සංජීව ජයවීර විසිනි
පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ
ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග
අලුත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ
ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක
ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තැචර්ගේ ආර්ථික පාඩම