IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


කසළ තේ පාතාලයන්ගෙන් තේ කර්මාන්තය රැකදෙන්න

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ 4071 ක් සමඟ උඩුනුවර වෙළම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු ගම්පොළ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමේ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. දෙනියාය, රත්නපුර, බළංගොඩ හැටන් ආදී ප්‍රදේශවල තේ කර්මාන්තශාලා වලින් ඉවත් කරන කසළ තේ උඩුනුවර ප්‍රදේශයට රැගෙනවිත් ඒවාට රසායනික ද්‍රව්‍ය මුසුකොට හොඳ තේ ලෙස සකස් කර විදේශ වෙළෙඳපොළට සහ මෙරට වෙළඳපොළට සැපයීමේ ජාවාරම මේ පුද්ගලයා බොහෝ කාලයක සිට කරගෙන ගොස් ඇති බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ කොළඹ ආදුරුප්පුවීදිය පොලිස් වසමේ ගබඩාවක් වටලා මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කුඩු තොගයක් හා බලපත්‍ර නොමැතිව ගබඩාකර තිබූ තවත් තේකොළ තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්වූ බවය. කසළ තේ කිලෝ 28820 ක්, බලපත්‍ර නොමැතිව ගබඩාකර තිබූ තේ කිලෝ 4865 ක්, විද්‍යුත් තරාදි දෙකක්, විවිධ නාම හා අංක යොදා සකස් කළ නාමපුවරු 59 ක් අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වන බවද එම ප්‍රවෘත්තියේ සඳහන්ය.

කසළ තේ ජාවාරම මෙරට ජයටම සිදුකෙරෙන මහා පරිමාණ ජාවාරම් අතර ප්‍රධාන ජාවාරමකි. මෙම ජාවාරමේ විශේෂත්වය වන්නේ මෙම ජාවාරම වෙනත් ජාවාරම් මෙන් නොව පාතාල ලෝකයත් සමඟ සෘජුවම බැඳුණු ජාවාරමක් වීමය. පොලිස් ආරංචි මාර්ගවලට අමතරව ගෙවුණු දස වසර තුළ කසළ තේ ජාවාරම නිසා පාතාලයන්ගේ ගිනි අවිවලට බිලිවූ ජාවාරම්කරුවන් හා ඔවුන්ගේ අන්තේවාසිකයන්ගේ ගණන සියය ඉක්මවයි. ඒ අනුව කසළ තේ ජාවාරමෙන් උපයන මහ ධන නිධානයේ ප්‍රමාණය කොතෙක්ද යන්න වටහා ගැනීම අසීරු නැත.

බි්‍රතාන්‍ය යටත් විජිතය පාඩු ලබන යටත් විජිතයක් බවට පත්වූ හෙයින් බි්‍රතාන්‍ය පාලනය එයට විසඳුමක් ලෙස නිර්දේශ කරනු ලැබුවේ පරිපාලන තන්ත්‍රයට සම්බන්ධව සිටි බි්‍රතාන්‍ය ජාතිකයන් ඉවත් කර ඒ වෙනුවට ස්වජාතිකයන් පරිපාලන තන්ත්‍රයට සම්බන්ධ කිරීමය. පරිපාලන තන්ත්‍රයෙන් ඉවත් වූ බි්‍රතාන්‍ය ජාතිකයෝ මුඩුබිම් ආඥාපනත වැනි පනත් මගින් ඉඩම් අල්ලා ගනිමින් ඇඟ බද්ද ආදී බදු පනවමින් ශ්‍රමිකයන් සොයාගනිමින් වතු වගාවට යොමු වූහ. මේ රට තුළ තේ වගාව ආරම්භ වූයේ එසේය.

ඒ තේ වගාව නිසා මෙරට සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රවල ඇතිවූ බරපතළ හානිදායක තත්ත්ව කුමක් වුවද වර්තමානය වනවිට මෙරට විදේශ විනිමය විශාල වශයෙන්ම ගලා එන මාර්ගයක් බවට තේ වගාව පත්වී තිබේ. “සිලෝන් ටී” නමින් ලොව පුරා ප්‍රචලිත වූ මෙරට තේ වලට විශාල වෙළෙඳපොළ ඉල්ලුමක් හිමිවිය. තරගකාරී වෙළඳපොළ වටපිටාවක් තුළ වුවද ශ්‍රී ලංකා තේ නාමයට අභියෝගයක් නොවීය. ඒ ශ්‍රී ලංකා තේවල ඇති නැවුම් රසය නිසාය.

ජාවාරම්කරුවන් සිදුකරන්නේ තේ කම්හල්වලින් ඉවත් කරනු ලබන මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ රැගෙන විත් රසායනික ද්‍රව්‍ය මුසුකොට හොඳ තේ ලෙස සකස් කර ශ්‍රී ලංකා නාමය යටතේ විදේශ වෙළෙඳපොළට සැපයීමය. මෙරට වෙළඳපොළට නිකුත් කිරීමය. තඹ දොයිතුවක් නොවටිනා කසළ තේ හරහා කෝටි ගණන් ධනය උපයන සූත්‍රය එසේය. පාතාල ලෝකයේ අවිවල රැකවරණය ලබමින් ජාවාරම්කරුවෝ මෙම මහා ජාවාරම මහ පරිමාණයෙන් කරගෙන යති.

රුසියාවට යැවූ තේ කොළ කන්ටේනරයක කුරුමිණියකු සිට පාඩුවූයේ මෙයට වසරකට පමණ ඉහතදීය. එහි ප්‍රතිඵලය වූයේ අපගේ තේ මිලදීගන්නා ලෝකයේ ඉහළම රට වන රුසියාව ශ්‍රී ලංකා තේ වර්ජනය කිරීමය. නැතහොත් ශ්‍රී ලංකා තේ ප්‍රතික්ෂේප කිරීමය.

ඇස්බැස්ටෝස් තහනම් කිරීමේ සිදුවීම හා කුරුමිණියා හසුවීම අතර යම් සම්බන්ධයක් තිබූ බවට කතා පැතිරුණද එබඳු සම්බන්ධයක් තිබුණ ද නොතිබුණ ද රුසියාව ශ්‍රී ලංකා තේ ප්‍රතික්ෂේප කිරීම නිසා මෙරට තේ කර්මාන්තය බරපතළ අර්බුදයකට ලක්විය. ලක්ෂ ගණනකගේ රැකියා           අනතුරට ලක්විය. මෙරටට ලැබුණු විදේශ විනිමය අහිමි   විය.

කසළ තේ විදේශ වෙළඳපොළට යොමු කිරීමේ තාර්කික ප්‍රතිඵලය ද එසේමය. මේ වනවිටත් ශ්‍රී ලංකා තේවලට ලෝකයේ තිබූ පිළිගැනීම යම් පමණක අභියෝගයට ලක්වී තිබෙන බව සත්‍යයකි. ඒ සියල්ලම මේ ජාවාරම්කරුවන්ගේ හපන්කම්ය.

රසායනික ද්‍රව්‍ය මුසුකොට කසළ තේ හොඳ තේ බවට පත්කළවිට එම තේ පානය කරන්නාගේ සෞඛ්‍යයට අත්වන ඉරණම ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. ඇතැම්විට මේ මොහොත වනවිටත් ඔබද ඒ ඉරණමේ කොටස්කාරයකු වී සිටිය හැකිය. අපට සිදුවී තිබෙන්නේ වැළඳුණ රෝගය කුමක්ද කියා හෝ නොදැන මරණය වැළඳ ගැනීමටය. මේ ජාවාරම නතර කිරීම ජාතික වගකීමක් වන්නේ එහෙයිනි.



අදහස් (2)

කසළ තේ පාතාලයන්ගෙන් තේ කර්මාන්තය රැකදෙන්න

කල්පනා Friday, 05 July 2019 01:18 PM

තේ කම්හල් වලින් ඉවතලන කසල ව්‍යාපාරිකයන්ට ලැබීමට තේ කම්හල් හිමියන්ගෙන් හෝ කම්හල් බලධාරීන්ගෙන් සහයක් නැතැයි කිව නොහැක. කම්හලින් ඉවතලන තේ විනාශකිරීමේ ක්‍රමවේදයක් නැතිව මෙම පාතාලයන් මර්ධනය කලහැකිවේද? (දළු නෙලන්නියන් නෙලන්නන් වැඩි මුදලක් ලැබීමට මෝරපු දළු නෙලීම නිසා කම්හල්වලින් ඉවතලන කසල ප්‍රමාණය වැඩිවෙනවා. ඉන් සිදුවන පාඩුව පියවා ගැනීමට කසල තේ පිට කරනවා වෙන්නත් පුළුවන්...

:       3       11

Udarath Monday, 08 July 2019 10:00 AM

කැත වැඩක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site