IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


අයාලේ යන ක්‍රිකට් ක්‍රීඩකයන් රටට අවශ්‍යද?

එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටියදී රාත්‍රී කාලයේ හෝටලයෙන් පිටත රැඳී සිටි බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක  කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක  ගුණතිලක යන ක්‍රීඩකයන් වහාම නැවත ලංකාවට කැඳවීමටත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන  තුරු සියලුම ආකාරයේ ක්‍රිකට්  තරගවලට සහභාගිවීම තහම් කිරීමටත්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති  බව අප පුවත්පත වාර්තා කළේය.

 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනාගේ  විනය  විරෝධී හැසිරීම බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දැකීමට ‘‘ක්‍රිකට් ප්‍රේමීත්වය’’ බාධාවක් කර ගත යුතු නැත. මෙම ක්‍රීඩකයන් තිදෙනා රාත්‍රී කාලයේ ඩැරම් නගරයේ සැරිසරණ ආකාරයත්, එක් ක්‍රීඩකයකු දුම්වැටියක් දැල්වීමට සූදානම් වන ආකාරයත් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලය හා පැතිරී ඇති  හෙයින් මෙම ක්‍රීඩකයන් තිදෙනාගේ ක්‍රියා කලාපය සුළුවට ගැනීමට ක්‍රිකට් බලධාරීන්ට නොහැකි වනු ඇත.

දෙකෝටි විසි ලක්ෂයක් ඉක්මවූ ජනතාවක් ජීවත්වන රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට  තෝරාගනු ලබන්නේ ක්‍රීඩකයන් 11 දෙනකු පමණි.  එම එකළොස් දෙනා අතරට එක්වීමට සුවිශේෂී හැකියා සම්පත්තියක් මෙන්ම සුවිශේෂී වාසනා ගුණ මහියක්ද තිබිය යුතුය. ඒ අනුව ඉහත ක්‍රීඩකයන් තිදෙනා සතුව එකී සියල්ල යහමින් තිබෙන බවට සැකයක් නැත. එහෙත් එකී වාසනා ගුණ මහිමයට අමතරව මොළයක්ද තිබිය යුතුය.  පෙනෙන ආකාරයට මෙම ක්‍රීඩකයන් තිදෙනාට මොළය ගෑවිලාවත් නැත. නොඑසේනම් තමන් රට නියෝජනය කරන කණ්ඩායමක සාමාජිකයන් බව අමතක කර මෙසේ විනය විරෝධී ලෙස නොහැසිරෙනු ඇත. මෙම ක්‍රීඩකයන් තිදෙනාට එරෙහිව අතීතයේ එල්ල වූ චෝදනාද මෙහිදී සිහිපත් කර ගැනීම වැදගත්ය.

 අර්ජුන රණතුංග ඇතුළු පිරිවර 1996 වසරේදී ලෝක කුසලාන දිනා ගැනීමත් සමග ලෝක සිතියමේ අබැටක්ව තිබූ  රටට මහත් අභිමානවත් පෞරුෂයකින් හෙබි රූපකායක් නිර්මාණය විය. ‘‘අර්ජුනගේ රට, සනත්ගේ රට, මුරලිගේ  රට’’ යැයි මේ රට හඳුන්වන තරමට ක්‍රිකට් නිසා අප රටට කීර්තිය ගලා ආවේය. අර්ජුනලා, අරවින්දලා, සනත්ලා, මුරලිලා එම තත්ත්වය රටට උදාකර දුන්නේ ඉමහත් කැපවීමෙන් ක්‍රීඩා කිරිමෙනි. අනතුරුව මහේලලා, සංගක්කාරලා හා ලසිත් මාලිංගලා ඒ අඩි පාරෙම යමින් අපේ රටේ ගෞරවය ආරක්ෂා කළහ.

 තිලකරත්න ඩිල්ෂාන් නිසාම ‘ඩිල්ස් කූප්’ නමින් අලංකාර පහරක්ද ක්‍රිකට් පොතට එක් විය. ගංජා ගහන කාඩයන් ජාතික කණ්ඩායමට එකතු වූ විට ඒ අභිමානවත් සියල්ල සුණු විසුණුව යයි. ක්‍රිකට් ගසන්නට ගොස් මහ රෑ යාමේ ක්ලබ් ගානේ ඇවිදිමින් අයාලේ යන්නන්ට ක්‍රිකට් බැරි බව දැන් ඉඳුරාම ප්‍රත්‍යක්ෂය.

 ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැති  විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට අයත් වූයේ නින්දා සහගත පරාජයකි. ගමේ ක්‍රිකට් ගහන කොල්ලන්ගෙන් ප්‍රදර්ශනයවන දක්ෂතාවයක්, ආක්‍රමණයක් මෙම කණ්ඩායමෙන් මතු නොවීය. හැම ක්‍රිකට් තරගයක්ම ජයග්‍රහණය කළ නොහැකිය. එහෙත් අර්ජුනලා, සනත්ලා ඉගැන්වූ ක්‍රිකට්වල තිබුණේ දිනන්නේ නම් එය ප්‍රතිවාදියාට රිදෙන්න පහරදී අත්පත් කර ගන්නා දෙයකි. පරදින්නේනම් සටනකින් පසුව ගෞරවාන්විත ලෙස පරාජය වීමය.

  එසේ නොමැතිව මෙසේ නින්දා සහගත ලෙස පරාජයවීම ශ්‍රී ලංකා ක්‍රිකට් නොවේ.

 හේතුවකින් තොරව ඵලයක් හට නොගන්නා බව ඒකාන්ත සත්‍යයකි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ දිගින් දිගටම පරාජය වන්නේ ඇයිද යන්න දැන් පැහැදිලිය. මහ රෑ ජාමයේ ක්ලබ්වල කරක් ගසා පසුදින ක්‍රීඩා කළ හැකිද? එමෙන්ම එංගලන්තයේ වීදිවල මෙසේ හරක් මෙන් කරක් ගසන විට තමන් ‘වීඩියෝ ගත’ වනු නොදකින ක්‍රීඩකයන්ට පිටියේදී පන්දුව නොපෙනීම පිළිගත යුත්තකි. මෙබඳු ක්‍රීඩකයන් නිසා වරක් ලෝක කුසලානය දිනූ, දෙවරක්ම ලෝක කුසලාන අවසන් මහ තරග දෙකකට සහභාගී වූ, විස්සයි-20 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකාවට සිදුවී තිබෙන්නේ සෑම ආකාරයේම තරග රටාවන්හි ශ්‍රේණිගත කිරීම්වල අන්තිම අඩියට වැටීමටය.

ඇෆ්ගනිස්තානයටත් පරාජය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ  ගමන නතර කරන්නේ සියඹලාණ්ඩුව එක්සත් ක්‍රීඩා සමාජයටද අන්න ලෙස පරාජය වීමෙන් බවට සැකයක් නැත.

ක්‍රිකට් ක්‍රීඩාව හැඳින්වෙන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙසය. එනිසාම එහිදී ‘හැසිරීමට’ විශේෂ අවධානයක් යොමු කරයි. එමෙන්ම ක්‍රීඩාවෙන් අපේක්ෂා කරනුයේ ජය-පරාජය සම සිතින් විඳදරාගත හැකි විනයෙන් යුතු මිනිසකු බිහි කිරීමය. කුසල් මෙන්ඩිස්ලාගේ හැසිරීම හරහා පැහැදිලි වන්නේ ඔවුන් තුළ එම ගුණය වර්ධනය වී නොමැති බවය. මේවාට ක්‍රිකට් පරිපාලනය, කණ්ඩායමේ කළමනාකාරිත්වය මෙන්ම පුහුණුකරුවන්ද වගකිව යුතුය.

(***)



අදහස් (9)

අයාලේ යන ක්‍රිකට් ක්‍රීඩකයන් රටට අවශ්‍යද?

Dilki Wednesday, 30 June 2021 12:40 PM

මම අහලා තියෙන විදිහට ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට ගන්නේ ලොකු සල්ලි කාරයින්ගේ සහ දේශපාලන ප්‍රබලයින්ගේ පුත්තු දක්ෂයින් නොවේ. අපේ ගමේ, වෙලේ එල්ලේ ගහන්න කොල්ලෝ ඔය කණ්ඩායමට වඩා දක්ෂයි.

:       189       153

Raveendra Wednesday, 30 June 2021 03:37 PM

ඉතාමත්ම හොඳ විග්‍රහයක්... අප තරයේ විශ්වාස කරන්නේ මෙම අයාලේ යන සුනඛ පැටවුන්ට උපරිම දඬුවම් ලබාදී නැවත කිසිදා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඉඩ නොදිය යුතුය යන්නයි. එමගින් අඩු තරමින් අපේ අනාගත බාල පරපුරවත් විනීත ක්‍රීඩකයන් ලෙස ලෝකයා ඉදිරියේ ක්‍රීඩා කිරීමට පෙලඹෙනු ඇත. නොඑසේ නම් ක්‍රිකට් ක්‍රීඩාව සදහටම ලක්බිමේන් තහනම් කළ යුතුයි. මක්නිසාදයත් අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු සුන්කරන ඒ මිනිසුන්ගේ වටිනා කාලය කාදමන, ඒ මිනිසුන් තමන්ගේ ලේ කුපිතවී මෙම "නිවට ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දෙමාපියන්ට හිතින් මෙන් ගතින් ද පරුෂ වචනවලින් නොහොබිනා ලෙස බැනවැදීම ආදීන් සියල්ලම නවතිනු ඇත.

:       7       529

Sriyantha Wednesday, 30 June 2021 03:55 PM

අර්ජුන නිතරම කියන දේ ඇහුවා නම් ඕක ඔහොම වෙන්නේ නෑ... දැන්වත් ඔවුන්ට කන්න දෙන්න ඕනෑ මේ බක පණ්ඩිත පරිපාලනය සහ ඇමතිතුමා...

:       27       25

gamunu Wednesday, 30 June 2021 04:25 PM

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනාගේ විනය විරෝධී හැසිරීම බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දැකිම පමණක් නොවේ ඔවුන් ඉවත් කල යුතුයි

:       1       138

Chinthaka garusinghe Thursday, 01 July 2021 06:18 AM

මේ වගේ ක්ලබ් මානසිකත්වයෙන් ඉන්න ක්‍රීඩකයො මේ රටට අවශ්‍ය නෑ

:       0       0

Achira Thursday, 01 July 2021 06:19 AM

පැරදුනා කියලා මූන ඒල්ලගෙන ඉනන ඔනි නැ

:       0       0

ඉඳුනිල් ප්‍රියන්ත Thursday, 01 July 2021 04:18 PM

අනේ ඔටුන්න හිමි කුමාරයා නාමල් බේබි ඉන්නකම් ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙන්නේ නෑ... මේ හැම එකටම මුල අනුර කුමාරගේ මුණේ ලපේ... හා නැද්ද?

:       58       23

sidath Friday, 02 July 2021 11:58 AM

මේ තුන් කට්ටුව සදහටම කණ්ඩායමෙන් අයි කළ යුතුයි. කිසි කෙනෙකුට වැඩක් නැ

:       0       33

de silva Saturday, 03 July 2021 03:07 PM

මෙවැනි විනයක් නැති පුද්ගලයින් පගාව අරන් මැච් පරදන්නේ නැහැ... කියලා සහතිකයක් දෙන්න පුළුවන් කාටද?

:       5       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 568 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17377 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site