දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරාධිපති අතිපූජ්‍ය ගල්බොඩ ඥානිස්සර නාහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළහ. කල්ප කාලාන්තරයක් නොමියෙන නොමැකෙන අමිල මෙහෙවරක්, රට දැය සසුන වෙනුවෙන් ඉටු කළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක වූ උන්වහන්සේට ‘‘අජරාමර නිවන් සුවය ලැබේවා’’යි ලංකාදීපයේ අපි ප්‍රාර්ථනා කරමු.