ලෝකය ඉස්සරහට අපි පස්සට
වසර දෙදහස් පන්සියයක් පුරා ගොඩ නගාගත් සියලු යහගුණ දැඩි සෝදා පාළුවකට ලක්වෙමින් පවතින වගක් ඇහෙන, පෙනෙන හා දැනෙන සිදුවීම් වලින් පැහැදිලි වේ. මත්කුඩු භාවිතය, චරිත හා පුද්ගල ඝාතන, ආගමික හා සාධු සාමාජික හරයන් හෑල්ලුවට ලක් කිරීම, මහ දවල් සොරකම් හා මූල්‍ය වංචා හා දූෂණ වලින් ධර්මද්වීපයම වසාගෙන ඇත. සංවර්ධනයට මුවා වී නිසි සැලසුමකින් තොරව සමස්ත පරිසරයම විනාශ මුඛයට ඇදගෙන යමින් ශ්‍රී ලාංකිකයන්හට සිය මවුබිමේ උරුමය අහිමි කරමින් සිටින වග ද නොරහසකි.