සමස්ත සමාජයේම අවධානය පිණිසයි
රටක ආර්ථික අර්බුදය එම රට තුළ සියලු ආකාරයේ ප්‍රශ්න නිර්මාණය කිරීමට හේතුවේ. ප්රචණ්ඩත්වය, කැරලි කෝළාහල, මංකොල්ල, අපරාධ, මිනීමැරුම්, සදාචාරය කඩාවැටීම් මෙන්ම මනුෂ්‍යත්වයේ අසරණකම විදහාපාන අඳුරු සිදුවීම් ආදී සියල්ලෙහිම නිර්මාපකයා ආර්ථික අර්බුදය වේ. රටක ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යා යුතු වන්නේ එහෙයිනි.