සීල් මත්ස්‍යයින්ගේ නළලේ සවිකළ සංවේදකයන් මගින් ලෝකයේ අහුමුළුවල ඇති දුරස්ථ දත්ත සොයාගැනීමට විද්‍යාඥයන්ට උපකාරීවන බව ගෝලීය උණුසුම, අයිස් වැස්ම සහ කාලගුණ තත්ත්වය සම්බන්ධ වැදගත් පර්යේෂණයකදී සොයාගෙන ඇත.
එම ව්‍යාපෘතිය සඳහා සීල් මසුන් 1000ක් පමණ යොදාගෙන ඇති බවත් 2004 වසරේ සිට අන්තර්ජාතික පර්යේෂකයෝ ඒ සඳහා දත්ත එකතු කළහ.
මෙම දත්ත විවිධාකාරයෙන් උපයෝගී කරගෙන ග්ලැසියරවල චලනය හා ප්‍රමාණය නිර්ණය කර ගැනීමටත් ඒවා ලෝකයේ සමුද්‍රයන්හි පවතින ආකාරය සොයාගැනීමටත් යොදාගත් බව මෙම පර්යේෂණයට සම්බන්ධවූ ශාන්ත ඇන්ඩෘ විශ්ව විද්‍යාලයේ මයික් ෆෙඩෙක් ප්‍රංශ ඒ.එෆ්.පී පුවත්සේවයට ප්‍රකාශ කර ඇත.
සීල් මසුන් ගැඹුරු මුහුදේ අඩි 6,890 ක් පමණ යටට පිහිනා යාමට සැලැස්වීමෙන් මෙම තොරතුරු ලබාගන්නා බවද කියති. වතුරේ ඔක්සිජන් ප්‍රමාණය, ආම්ලීකරණය, කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය නිර්ණය කිරීමට එම දත්ත උපයෝගී කර ගනී. ට්වීට් කරනවා වැනි ආකාරයෙන් ඉක්මනින්ම සීල් මසුන් භෞතික පරිසරය පිළිබඳ තොරතුරු ලබාදෙන බව විද්‍යාඥයෝ කියති.
පර්යේෂකයෝ මේ සඳහා ඉබ්බන්, තල්මසුන්, මෝරුන් ඇතුළු සියයකට ආසන්න සමුද්‍ර ජීවීන් යොදාගෙන අත්හදා බලා ඇතැයි කියති.
මෙම ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, බ්‍රිතාන්‍යය, කැනඩාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීන්ලන්තය, නෝර්වේ, දකුණු අප්‍රිකාව හා ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් 11 ක් එක්වූ බවද විදෙස් ප්‍රවෘත්ති සේවා පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1879
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1509
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
529
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සීල් මසුන්ගෙන් ලෝකයේ තොරතුරු සොයයි
දුමින්ද Thursday, 04 June 2015 06:34 AM
සතුන්ගේ කැමැත්ත ලැබුනද ? (ම)