ලොව මෙතෙක් සොයාගෙන නොතිබූ මානව විශේෂයක අවශේෂ හමුවූ බව පුරාවිද්‍යාඥයෝ කියති. ඉතියෝපියාවේ ඇෆර් ප්‍රදේශයේ කරණ ලද කැණීමකින් සොයාගත් මේ මානව විශේෂයේ හකු අස්ථි හා දත්වල කාල නිර්ණයේ දී ඒවා අදින් වසර ලක්ෂ 33ට හෝ ලක්ෂ 35ට පෙර මිහිමත වාසය කළ මානව විශේෂයකට අයත් බව තහවුරු කැරගෙන ඇත.
මේ සොයාගැනීම අනුව පැරණි හොමිනින් මානව විශේෂ කිහිපයක් එකම කාලයේ පෘථිවියේ දිවි ගෙවා ඇති බව තහවුරු වෙයි. පුරාවිද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් පවසන්නේ මිනිසාගේ පරිනාමීය ගස මෙතෙක් සිතා සිටියාට වඩා පැටළිලි සහගත බවයි.
මේ නව විශේෂය ඔස්ට්‍රලෝපිතිකස් ඩෙයිරිමේඩා ලෙස නම්කැර ඇත. ඇෆර් ප්‍රාදේශීය භාෂාවට අනුව එහි අර්ථය වන්නේ ළඟම නෑය යන්නයි. පුරාවිද්‍යාඥයන්ට කැණීමකින් හමුවී ඇති අස්ථි කොටස් මානවයන් හතර දෙනකුට අයත් බව ද තහවුරු වී ඇත.
මෙම පර්යේෂණයේ ප්‍රධානි ඇමරිකාවේ ක්ලෙව්ලන්ඩ් කෞතුකාගාරයේ දේපල භාරකාර ආචාර්ය යොහාන්ස් හෙයිලි සිලසි ජාත්‍යන්තර මාධ්‍යයට පවසා ඇත්තේ මෙම දත්වල සහ ඉහළ සහ පහළ හකුවල ව්‍යුහ විද්‍යාව සහ රූපකෘත විද්‍යාව සම්බන්ධයෙන් පුළුල්ව සොයා බැලිය යුතු බවයි. සොයාගත් මේ මානව විශේෂයේ දැඩි ශක්තිමත් හනු පිහිටා තිබුණු බවත් ඊට අමතරව මෙම නව විශේෂයේ කුඩා ප්‍රමාණයේ දත් පිහිටා ඇති බවත් කෘන්තක දත ඉතාමත්ම කුඩා බවත් එය දැනට සොයාගෙන ඇති සහ ලේඛනගත කර ඇති සියළුම හොමිනින්ගේ දත්වලට වඩා ඉතාමත් කුඩා බවත් විද්‍යාඥයෝ කියති.
ආදි මානවයන්ගෙන් වඩාත් ජනප්‍රිය ඔස්ට්‍රලෝපිතිකස් අෆර්න්ස්සිස් ලුසී නමින් හඳුන්වන මානවයා අපේ ආදිතම පුරුක ලෙස පිළිගෙන තිබිනි. ලුසී ජීවත් වූ බව පවසන්නේ අදින් ලක්ෂ 29 සිට 38 අතර කාල පරිච්ඡේදයකටය.
2001 දි කෙන්යාවෙන් සොයාගත් කෙන්යන්ත්‍රොපස් ප්ලැට්යොප්ස් විශේෂයත් චැඩ් ජනපදයෙන් හමුවූ ඇස්ට්‍රලෝපිතිකස් බැහ්රෙල්ගාසලි නැමැති විශේෂයත් දැන් සොයාගෙන ඇති ඔස්ට්‍රලෝපෙතිකස් ඩෙයිරෙම්ඩා මගින් කියැවෙන්නේ එකම කාලයේ මිහිමත මානව විශේෂ කිහිපයක් ජීවත් වී ඇති බවයි.
ආචාර්ය හෙයිලි සිලසි පවසන්නේ වඩා හොඳින් මානව පරිනාමය තේරුම් ගැනීමට තවත් පොසිල ගොඩදැමිය යුතු බවයි.
‘‘ මේ ෆොසිල සොයා ගැනීමෙන් අතීතයේ ජීවත් වූ මානව විශේෂ කෙසේ පෘථිවියේ ජීවත් වූවා ද යන්න සොයා ගැනීමට හැකිවේවි. විශේෂයෙන් ම එකම කාලක දී මානව විශේෂ කිහිපයක් මිහිමත වාසය කරද්දී ඒ ඒ විශේෂ අතර පැවති තරඟය. ඔවුන්ගේ ආහාර රටා සහ ආහාර සොයාගත් ආකාරය. පෘථිවියේ වෙනත් සම්පත් කෙසේ බෙදා හදා ගත්තා ද කියන එකත් අපට සොයා ගැනීමට හැකිවේවි. ඒ වගේ ම මේ විශේෂ තුන සම්මිශ්‍රණය වී එක් විශේෂයක් ලෙස වර්තමාන මිනිසුන් පරිනාමය වූවා ද නැතිනම් තරඟය නිසා එක් විශේෂයක් අනෙක් විශේෂය විසින් විනාශ කර දැමුවා ද යන සියලු කරුණු අපට සොයා ගැනීමට සිදුවනවා. “
ආචාර්ය වරයා වැඩිදුරටත් කියා සිටියේය.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සැඟව සිටි මී මුත්තෙක් හමුවෙයි
නන්දලාල් Monday, 01 June 2015 08:28 PM
එතකොට "මී ආච්චි" තාම හමුවුණේ නැද්ද? (නි)