IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


පරිගණකයට ඇබ්බැහිය අස්ථිවලට හොඳ නැතිලු

තරුණ දූ දරුවන් ඇඟ වෙහෙසෙන ක්‍රියාකාරකම්වල නොයෙදී දවසේ වැඩි වේලාවක් පරිගණක තිරය හා රූපවාහිනිය ඉදිරියේ වාඩිවී සිටීමෙන් අස්ථි දුර්වලවීමේ අවදානමක් ඇතැයි නෝර්වේ හි සිදුකළ අධ්‍යයනයකින් හෙළිවී ඇත.

ළමා කාලය හා තරුණ වයස එනම් වයස අවුරුදු 13ත් 19ත් අතර කාලය අස්ථි වැඩීමේ හා නිසිපරිදි පිහිටීමේ වැදගත්ම කාලය බවත් මෙම තත්ත්වය මත පසුකාලීනව ඔස්ටියෝපොරෝසිස් රෝගී තත්ත්වය ඇතිවීමේ අවදානම මතුවන බවත් එමගින් සොයාගෙන ඇත.

වැඩි වේලාවක් පරිගණක තිරය දෙස බලා සිටීම හා පිරිමි දරුවන්ගේ අස්ථිවල ඝනකම අඩුවීම අතර සම්බන්ධතාවයක් පවතින බවට උතුරු නෝර්වේහි වෛද්‍ය විශ්ව විද්‍යාලයේ කායික රෝග විශේෂඥවරියකවන ඈන් වින්තර් පවසයි.

වයස අවුරුදු 15 සිට 19 දක්වා පිරිමි ළමයින් 316 ක් හා ගැහැණු ළමයින් 372ක් පැය 2ත් 4ත් අතර කාලයක් හෝ පැය 6ට වැඩි කාලයක් පරිගණක තිරය හෝ රූපවාහිනී තිරය ඉදිරිපිට ගත කරන බවත් සොයාගෙන ඇත.

 



අදහස් (0)

පරිගණකයට ඇබ්බැහිය අස්ථිවලට හොඳ නැතිලු

සුභාෂිණි Wednesday, 27 January 2016 04:29 AM

තාක්‍ෂණික යුගයේ මේවාටත් මුහුණ දෙන්න ඕන නේ. ඒවටත් පිළියම් මේ තුළම තියනවා නේ...(බ)

:       0       0

දුමින්ද Wednesday, 01 July 2015 04:20 AM

විද්‍යුත් සෞඛ්‍ය වසංගතයක් (නි)

:       0       0

අනුර Saturday, 04 July 2015 09:22 AM

මේ කතා අද ඇත්ත වී ඇත. චීනයේ ගොඩක් ළමයි දැන් ලෙඩ වෙන්න හේතුව කුඩා කාලේ සිට පරිගණය ලඟට වී සිටීම ක්‍රීඩාවෙන් ඈත්වෙලා දවස පුරාම කොම්පුටෙර් ගේම්ස් වලට ඇබ්බැහි වී අලස ජීවන ජීවන රටාවකට හුරු වී සිටීම.(නදී)

:       0       0

චන්න බුවනක Wednesday, 01 July 2015 01:50 PM

අනාගතයේදී ආහාර හිඟයක් ඇතිවීමටත් මේ දෙකම බලපායි. එදාට තමයි මතක්වෙන්නේ කෘෂිකර්මයේ අගය ගැන. (නි)

:       0       0

ගිහාන් Wednesday, 20 April 2016 04:50 PM

තාක්ෂණය දියුණු වෙන්න වෙන්න ඕවා ඔහොම තමයි (නි)

:       0       0

ගයනි Wednesday, 29 July 2015 07:20 AM

පරිගණකයෙන් කරන වැඩ පරිගණකයෙන්ම කරන්න ඕන මේකට හොඳම විසදුම තමා අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1879 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1509 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 529 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site