IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


නගර ආක්‍රමණය කරන කුරුල්ලෝ

කුරුල්ලන් වනාන්තරවල සිට නාගරික ජීවිතයට වඩාත් හුරු වී ඇතැයි ඇමෙරිකාවේ කුරුළු පර්යේෂකයෝ පිරිසක් කියති.

ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ සහ ඒ අවට ග්‍රාමීය ප්‍රදේශවල ගෙවතු දස ලක්ෂයකින් ලබාගත් තොරතුරු පදනම් කරගනිමින් ඔවුහු මේ බව කියා සිටිති.

ශාන්ත එඩ්වඩ් විශ්ව විද්‍යාලයේ ජේ.එමී බෙලාරි මහත්මිය හා චිකාගෝ නුවර ඉල්ලිනොයිස් විශ්වවිද්‍යාලයේ ක්‍රිස්ටෝපර් වෙලාන්  මහතා මේ පර්යේෂණයේ නාකත්වය දැරූහ.

පර්යේෂකයන් පෙන්වාදෙන්නේ වනාන්තරයේ හා තුරුමත කූඩු සෑදූ පක්ෂීන් දැන් මිනිසුන්ගේ නිවෙස්වල කූඩු සෑදීමට වැඩි නැඹුරුතාවක් දක්වන බවයි. ඔවුන් පරිසරයෙන් හමුවන කොළ රොඩු පරඩැල් ආදිය ගෙනවිත් වැහිපිහිලි, වහළේ ඉඩ ඇති තැන් මෙන්ම බිත්ති කණ්ඩි මතත්, විදුලි ලාම්පු මතත් කූඩු සාදමින් තම වර්ගයා බෝ කිරීමට නැඹුරුව ඇත්තේ පුදුම සහගත ලෙස බව ද පර්යේදකයෝ පෙන්වා දෙති.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ බොහෝ නිවැසියන් කුරුල්ලන් තම නිවසේ පදිංචි වීම සම්බන්ධයෙන් ඉතා ධනාත්මක අදහස් දැක්වූ බවයි. කුරුල්ලන් සතුටින් පිළිගැනීමට බලා සිටි බව ද මේ වාර්තාවේ සඳහන් කැර ඇත. එසේ වුව ද වැඩි පිරිසකට මේ පක්ෂීන් පිළිබඳ දැනුමක් නොමැති බව ද පර්යේෂකයෝ පවසති. පක්ෂීන්ගේ හැසිරීම් රටාවන්, ඔවුන්ගේ ආහාර රටාවන් හා පැවැත්ම ගැනත් නිවැසියන්ට ඇති දැනුම අල්ප බවත් පර්යේෂණයෙන් අනාවරණය වී ඇත.

ගෙවතු සමීක්ෂණය කිරීමේ දී තම ගෙවත්තේ සැරිසරණ පක්ෂීන් විශේෂ සංඛ්‍යාත්මකව හෝ නොදැන සිටීමත් ඇතැම් පුද්ලයන් තම ගෙවත්තේ සිටින පක්ෂීන් වර්ග කිසි දිනක දැක නොතිබූ බවත් ආනවරණය වී ඇත.

‘‘අපගේ අධ්‍යයනයෙන් පෙනී ගියා මේ මිනිසුන්ගේ නිවාස ආශ්‍රිතව පක්ෂීන්ගේ විවිධත්වය පුදුම සහගත ලෙස ඉහළ ගිහින් තිබෙන බව. නමුත් තමන්ගේ අසළට පැමිණි මේ සෞන්දර්යාත්මක සොඳුරු අමුත්තන්ගෙන් පරිසරයට සිදුවන මෙහෙවර ගැන අපේ ජනතාව දැනුම්වත් වී නැහැ. ඔවුන් මේ ජෛව විවිධත්ය ගැන දැනුම්වත් කළ යුතුයි. “ බෙලාරි මහත්මිය පවසයි.

පර්යේෂකයන් පෙන්වාදෙන්නේ මෙය සාමාන්‍ය ව්‍යාපෘතියක් ලෙස පෙනී ගිය ද මේ අධ්‍යයනය කුරුල්ලන්, නගර වැසියන් හා ස්වභාවික ලෝකය අතර ඇති අපූරු සම්බන්ධතාව හා එය වර්ධනය වෙමින් ක්‍රමිකව විකාශනය වන ආකාරය ගැන ඉතා වැදගත් තොරතුරු රැසක් හෙළිවන පරීක්ෂණයක් බවයි.



අදහස් (0)

නගර ආක්‍රමණය කරන කුරුල්ලෝ

නවින්ද්‍ර Thursday, 23 April 2015 05:04 PM

කුරුළු ඇසට නගරයය් සැප හොඳ ඇති. (ස)

:       0       0

දුමින්ද Thursday, 23 April 2015 08:53 AM

පරිහානියේ පරිණාමය (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 424 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16818 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 649 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site