IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ඩයිනෝසර් යුගයේ කුරල්ලාගේ කන හදලා

ඉතා බිහිසුණු පක්ෂියකුගේ වසර ලක්ෂ 35ක් පැරණි ෆොසිලයක් ආර්ජන්ටිනාවේ වෙරළෙන් සොයාගත් බව පර්යේෂකයෝ කියති. ඩයිනෝසර් යුගයේ ජීවත් වූ විශාල උල්වූ හොටයක් සහිත මේ පක්ෂියා ටෙර් බර්ඩ් යනුවෙන් නම්කැර ඇත. අඩු ස්වර පරාසයෙන් යුතු ශබ්ද ඇසීමටත් ගැඹුරින් ශබ්ද කිරීමටත් හැකි මොවුන්ට තිබෙන්නට ඇතැයි ද පුරා සත්ත්ව විද්‍යාඥයෝ කියති.

විනාශකාරී සත්ත්වයකු ලෙස හැඳින්විය හැකි මෙවැනි පක්ෂියකුගේ සම්පූර්ණ ඇටසැකිල්ලක ෆොසිල හමුවූ පළමු අවස්ථාව මෙයයි. පර්යේෂකයන් මේ ෆොසිලය උපයෝගී කරගෙන අභ්‍යන්තර කර්ණ ව්‍යුහය ද නැවත සකස්කර ඇත. නූතන පක්ෂීන්ට වඩා පහළින් මොවුන්ගේ ඇතුළු කණ පිහිටා තිබේ. ඒ හේතුවෙන් අඩු ස්වර පරාසයකින් යුතු ශබ්ද මගින් ඔවුන් එකිනෙකා අතර සන්නිවේදනය කරන්නට ඇතැයි ද විද්‍යාඥයන්ගේ මතයයි.

ආර්ජන්ටිනාවේ ජනප්‍රිය සංචාරක නගරයක් වන මාර්ඩෙල් ප්ලාටා වලට නුදුරුව පිහිටි එස්ටෆිටා වෙරළේ තිබි මෙම ෆොසිලය සොයාගෙන ඇත්තේ ආර්ජන්ටියානු පාෂානිභූත විද්‍යාඥයෙක්වු ෆෙඩරිතෝ ඩික්රේන්ජ් විසිනි.

Terror bird 1 Terror bird 3



අදහස් (0)

ඩයිනෝසර් යුගයේ කුරල්ලාගේ කන හදලා

මාලක Saturday, 18 April 2015 04:51 PM

ජේ වී පී එකට කියපු පක්ෂ ලකුණ.(ස)

:       0       0

දුමින්ද Wednesday, 15 April 2015 07:50 AM

ලංකාවේ දේශපාලන පක්ෂ ලකුණකට සුදුසු වගේ (අ)

:       0       0

ලංකාසිරි Tuesday, 14 April 2015 06:11 PM

මේකගෙ කණ කෙසේවෙතත් ඔලු නම් දෙපැත්තට දෙකක් තිබිලා තියෙනවා වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1879 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1509 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 529 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site