IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ගල් යුගයේ දෙමහල් නිවාස

ගල්යුගයේ මිනිසුන් ගල්ගුහාවල අවිචාරි ලෙස ජීවත් වූ බවට තිබූ විශ්වාසය බල්ගේරියාවේ කළ කැණීමකින් අභියෝගයට ලක්වූ බව පුරාවිද්‍යාඥයෝ කියති.

අදින් වසර 8000ට පමණ පෙර මනාව සංවිධානය කළ මාර්ග සහ දෙමහල් නිවාස සහිත ගම්මානයක නෂ්ඨාවශේෂ නිරිතදිග බල්ගේරියාවේ දී හමුවූ බව ද ඔවුන් පෙන්වාදෙයි.

නූතන නගර සැළසුම් මෙන් තැනූ මේ ස්ථානයේ දෙමහල් නිවාස තිබීම පුදුම සහගත දෙයක් යැයි ද පුරාවිද්‍යාඥයෝ කියති.

මෙය ඉදිකළ මිනිසුන් ගොවිතැනට හුරුවූවන් යැයි මතයකි. සමාන්තවර දිවෙන වීදි තුනකට යාබදව ඉදිකළ නිවාස අක්කර පහක් පුරා විසිරී පවතී. නිවාස සංකීර්ණයේ දිය අගලක් තිබූ අතර එය බෝට්ටු ගමනාගමනයට යොදා ගන්නට ඇත.

තවමත් කැනීම් කටයුතු සිදුකරණ මෙම බිම මුර්සාලිවෝ නගරය සමීපයේ පිහිටා ඇත. ග්‍රීසියේ දේශසීමාව හරහා බල්ගේරියාවේ අගනුවර වු සොෆියා යාකරණ ස්ට්‍රැමා අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ කටයුතු වළදී ය.

මෙම ප්‍රාග් ‍ඓතිහාසික නිවාස මතුකර ගෙන ඇත්තේ බල්ගේරියානු කෞතුකාගාර පුරාවිද්‍යාත්මක සහ  විද්‍යා ඇකඩමියේ ජාතික ආයතනයේ පුරාවිද්‍යාඥයින් පිරිසක් විසිනි. විද්වතුන් විශ්වාස කරණු ලබන්නේ හොඳින් සැලසුම් කරණ ලද නගරයක් ලෙසිනි. මෙම නිවාස යුරෝපීය ශිෂ්ඨාචාරයට ප්‍රථමව ඉදිකරන්නට ඇතැයි ද පර්යේෂකයෝ කියති.

කැණීමේ දී මැටි භාණ්ඩ මෙන්ම ආභරණ ද ගොඩනැගිලි සුන්බුන් ද හමුවී ඇත. දැනට සොයාගෙන ඇති නිවාස සංඛ්‍යාව 60කි.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ කැණීමෙන් සොයාගත් තොරතුරු විශ්ලේෂණය කිරීමේ දී නිවාස අඩි 26ක් හෙවත් මීටර අටක් පමණ උස බව ද තහවුරු කරගෙන ඇත. එමෙන් ම මේ නිවාසවල දෙපියස් වහළ තිබූ බව ද පර්යේෂකයෝ කියති.

ගොඩනැගිලි සකසා ඇත්තේ මැටි යොදා වරිච්චි ආකාරයෙනි. බිත්තිවල ඝනකම අඟල් අඩකි. එක් නිවසක් වර්ග අඩි 330 ට ආසන්නය.

මෙම ගොඩනැගිලි වරිච්චි සහ මැටි වලින් සකස් කර තිබු අතර බිත්ති වල ඝනකම අඟල් 8 ක් එනම් සෙන්ටි මිටර් 20 ක් වු අතර ප්‍රමාණයෙන් වර්ග අඩි 328 ක් විය.

මෙම ව්‍යාපෘතියේ කටයුතු මෙහෙයවන මහාචාර්ය ක්රුම් බැච්වරෝ සහ බල්ගේරියානු විද්‍යා ඇකඩමියේ සාමාජික මහාචාර්ය නිකොලොව් පවසා ඇත්තේ පුරාණ මිනිසුන් ලී රාමු සාදා පසුව මැටි ගොම සමග මිශ්‍රකර කපරාරු කර ඇති බවයි.

දෙවැනි මහළ ලෑලි යොදා සකස් කර ඇති අතර මැටි වලින් කපාරාරු කර ඇතිබවද ඔවුන් පවසා තිබේ.

 පසුව මෙම නිවාස වල ජීවත්විම සඳහා පුරාතන යුගයේ සහ මධ්‍ය යුගයේ වහලුන් යොදවා ඇති බව විශ්වාස කරයි.

නිවාසවල කොටස් පුරාවිද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුව ගලවා ඉවත්කැර ඊට යටින් ඇති කොටස් අධ්‍යයනය කිරීමට පුරාවිද්‍යාඥයෝ සැළසුම් කරති.

කැණීම් වලට සහභාගී වූ පුද්ගලයන් සංඛ්‍යාව 130කි.  ඉන් 30ක් විශේෂඥයෝය. මේ පර්යේෂණ හේතුවෙන් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවන බැවින් කැණීම් කටයුතු කඩිනම් කරණ බව ද විද්‍යාඥයෝ කියති

කැණීම් භාර  ප්‍රධාන පුරාවිද්‍යාඥයාගෙන් බල්ගේරියානු සංස්කෘතික අමාත්‍යාංශය ඉල්ලා ඇත්තේ මෙම පුරාවිද්‍යා බිම සඳහා සැළසුමක් යෝජනා කරණ ලෙස හා ඉතිරිවු කොටස් විදුරු ආවරණයකින් ආරක්ෂා කරණ ලෙසත්ය.

Neolitic 1 Neolitic 5 Neolitic 6 Neolitic 7



අදහස් (0)

ගල් යුගයේ දෙමහල් නිවාස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 424 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16816 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 649 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site