IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


ළමා නිවාස දැරියන් විකුණද්දී බලධාරීහු අහකබලා සිටියෝද?

සමාජ සාරධර්ම බරපතළ ලෙස නාය යමින් තිබෙන ශාපලත් යුගයක් වෙත අපි පැමිණ සිටින්නෙමු. නැතහොත් එම යුගය උදාවීම වේගවත් වී තිබෙන්නකි. එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම්වලින් කියැවෙන්නේ එයයි. ඒ බව පසක් කරවන අනුවේදනීය පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය.

අප පුවත්පත වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ පරිවාස දෙපාර්තමේන්තුවට අයත් මහනුවර ප්‍රදේශයේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයක පාලිකාවක එහි රඳවා සිටින දැරියන් ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් මුදල් උපයා ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු විමර්ශන ඇරැඹූ බව පොලිසිය පවසන බවය.

උඩට ගත් හුස්ම පොද යළි පහතට හෙළිය නොහැකිව ඔබ තුෂ්ණීම්භූත වන්නට ඇත. ඒ ලෙයින් කඳුළෙන් ලියැවෙන එම දැරියන්ගේ ඉරණම මෙනෙහි වීමෙනි. අපගේ දුවා දරුවන් මේ මිහිතලය මත මෙසේ අසරණ විය යුතුද? ලොවට වරදක් නොකළ අහිංසක දැරියන් ලොවෙන් මෙසේ නින්දාසහගත පිළිගැනීමට ලක්වීමට, අවමානයට බඳුන් වීමට හේතුව කුමක්ද?

දරුවන් පරිවාස භාරයට පත්වන හේතු විවිධය. මවුපියන්ගේ ආදරය, රැකවරණය නිසි පරිදි නොලැබීම, මවුපිය සෙවණේ දරුවා රැඳවීම එම දරුවාට අනාරක්ෂිතවීම ප්‍රධාන හේතු වේ. එමෙන්ම දරුවන්ගේ ක්‍රියාකාරකම් ද යම් පමණකට හේතුවකි. කවර හේතුවක් මත රැඳවුම් භාරයට පත් වුවද එතැන එම දරුවාට වඩාත් සුරක්‍ෂිතම ස්ථානය බවට පත් විය යුතුය.

මෙරටෙහි ඇති ළමා රැඳවුම් මධ්‍යස්ථාන අතර රජයට අයත්, පරිවාස දෙපාර්තමේන්තුවේ භාරකාරත්වයෙන් ක්‍රියාත්මක වන ළමා රැඳවුම් මධ්‍යස්ථාන අතිවිශාලය. මේවා පාලනය කරනු ලබන්නේ රාජ්‍ය නිලධාරීන් සහ නිලධාරිනියන් විසිනි. ඔවුහු රජයෙන් වැටුප් ලබන්නෝ වෙති. තමන් යටතේ සිටින දැරියන් ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙන්නේ එබඳු නිලධාරිනියකටය.

චෝදනාව එල්ල වන මහනුවර ප්‍රදේශයේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාවන් කිහිප දෙනකු සිටින බවත් චෝදනා එල්ල වන්නේ ඉන් එක් පාලිකාවකට බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය. එම දැරියන් 30ක් පමණ එහි රඳවා සිටින බවත් දැරියන් මුදලට අලෙවි කළ පසු එම රැඳවුම් මධ්‍යස්ථානය තුළදීම දැරියන් අපහරණයට ලක් කිරීමට අවශ්‍ය පහසුකම් සපයා ඇති බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

මෙම ශාපලත් ජාවාරම සම්බන්ධ තොරතුරු වාර්තා වන්නේ මඩාටුගම පොලිස් වසමේ පදිංචි 17 හැවිරිදි තරුණියක ඉකුත් 8 වැනිදා රාත්‍රියේ මඩාටුගම පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලක් සමගය. පැමිණිල්ල සමග විමර්ශන කටයුතු ආරම්භ කළ පොලිසිය අනාවරණය කරගත් එක් තොරතුරක් වන්නේ චූදිත පාලිකාව ඉකුත් අප්‍රේල් මාසයේ දී එහි එක් දැරිවියක පිරිමින් හය දෙනකුට මුදලට අලෙවි කර ඇති බවය.

මහ පොළොව නූහුලන අපරාධ යනු මේවාය. මෙරට ඇති ළමා රැඳවුම් මධ්‍යස්ථාන එක් අතකින් නරකාදියෙන් වෙනස් නොවන්නකි. වධකාගාරයකින් වෙනස් නොවන්නකි. ගණිකා මඩමකින් වෙනස් නොවන්නකි. තමන් යටතේ සිටින දැරියන් ලිංගික කටයුතු සඳහා මුදලට අලෙවි කළ අනුරාධපුර ප්‍රදේශයේ පාලිකාවක සම්බන්ධ පුවත මෙයට හත් අට මසකට ඉහත දී වාර්තා වූවකි. ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ නොසලකා හැරීම්, හිරිහැර ඉවසා දරාගත නොහැකිව මහ රෑ එම මධ්‍යස්ථානවලින් පලා එන දැරිවියන්ට සම්බන්ධ පුවත් ඉකුත් සමයේ බහුලව වාර්තා විය.

මනුෂ්‍යත්වයේ අසරණකම දෝතින් තුරුළු කරන් සිටින අහිංසක දැරියන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන ඕනෑම ජගතෙකුට එරෙහිව තරාතිරම බේදය නොතකා නීතිය ක්‍රියාත්මක කළ යුතුය. මන්දයත් එම දැරියන්ට යුක්තිය ඉටුවීමට අන් මගක් නොමැති හෙයිනි.

(***)



අදහස් (1)

ළමා නිවාස දැරියන් විකුණද්දී බලධාරීහු අහකබලා සිටියෝද?

Weerasingha Wednesday, 12 June 2024 07:07 AM

ළමා නිවාස කියන්නේ පුද්ගලික අංශයේ අය විසින් පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන නිවාස වලට. අවුරුදු හයට අඩු ළදරුවන් වෙනුවෙන් භාරගැනීමේ නිවාස පළාතට එකක් බැගින් තියෙනවා. රැඳවුම් නිවාස නැත්නම් රැදවුම් මධ්‍යස්ථාන කියන්නේ සාමාන්‍යයෙන් රිමාන්ඩ් බන්ධනාගාර වගේ අධිකරණය මගින් යොමුකරන දරු දැරියන්ට රැකවරණය සලසන රජයේ පාලනය යටතේ තියෙන ආයතන වර්ගයක්... කියන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 110 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1058 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site