IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන්දය භාවිත කිරීමේ සුදුසුකම් ලබා සිටිති. ජනාධිපතිවරණ වියදම රුපියල් කෝටි 800ක් පමණ වනු ඇතැයි ප්‍රකාශයට පත්ව තිබේ. මෙම වියදම එළැඹගත් සිහියෙන් යුතුව හොඳින් මතක තබාගත යුතුය.

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය ඉතිහාසයේ පැවැත්වූ සෑම ජනාධිපතිවරණයකටම ඉඳුරාම වෙනස්ය. මරණය අතින් ගෙන ජනාධිපතිවරණ පැවැත්වූ ඉතිහාසයක් ද අපට තිබේ. ඡන්ද පොළට යෑම සොහොන් බිමට යෑමේ කෙටි මගක් බවට එහිදී පත් විය. එම මාරක අභියෝග මැද වුවද ජනාධිපතිවරණය පවත්වා රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගැනීමට මෙරට ජනයාට අවස්ථාව උදා විය.

ඉතිහාසයේ පැවැති ජනාධිපතිවරණවලට සාපේක්ෂව මෙම ජනාධිපතිවරණය වෙනස් වන්නේ වෙනත් අර්ථයකිනි. අප රට බංකොලොත් බව ලොව හමුවේ ප්‍රකාශ කිරීමට සිදු විය. එය නින්දා සහගත අත්දැකීමකි. එහෙත් යථාර්ථය එය විනා අන් යමක් නොවේ.

අපට අප රට බංකොලොත් යැයි ප්‍රකාශ කිරීමට සිදු වූයේ නිර්මාණය වූ ආර්ථික අර්බුදය හමුවේය. අපට විදේශ විනිමය නැති විය. එහෙයින් ඉන්ධන, ගෑස්, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර හා භාණ්ඩ ආනයනය කළ නොහැකි විය. ඉන්ධන නෞකා රට ආසන්න මුහුදේ දවස් ගණන් කරක් ගසා නැවත හැරී ගිය අවස්ථා තිබිණි.

මෙම පරිසරය තුළ දින ගණනාවක් දිවා රෑ වෙනසකින් තොරව සාපිපාසිතව ඉන්ධන හා ගෑස් පෝලිම්වලද කිරිපිටි පෝලිම්වලද නිරා දුක් විඳීමට මෙරට ජනයාට සිදු විය. කෙසේ වුවද එම තත්වය මේ වනවිට යම් පමණකට සමනය වී තිබේ.

මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ආර්ථික අර්බුදය එසේ යම් පමණකට සමනය වී ඇති පරිසරයකය. එසේ නොමැතිව ජනාධිපතිවරණය හෝ වෙනත් මැතිවරණයක් පැවැත්විය හැකි පරිදි ආර්ථික අර්බුදය සහමුලින්ම සමනය වී ඇති තත්වයක නොවේ.

එබඳු පරිසරයක රුපියල් කෝටි 800ක් මෙම ජනාධිපතිවරණයට වියදම් කිරීමට සිදු වී තිබේ. මෙම මුදල් කන්දරාව යනු ජනතාවගේ ආර්ථික තත්වය ඉහළට ඔසොවා තැබීමට වියදම් කිරීමට ඇති මුදලකි. ඉහළ ගොස් ඇති බඩු මිල පහත හෙළීමට, විදුලිය බිල, ජල බිල්පත පහළට ගැනීමට වියදම් කළ හැකි මුදලකි. එහෙත් ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු හෙයින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එය කළ යුතුවම තිබේ.

ඉහත තත්වය තුළ අප අවධාරණය කරනු ලබන්නේ ජනාධිපතිවරණය සඳහා වියදම් කරන අතිවිශාල මුදල් කන්දරාව නාස්තියක් බවට පත් නොකරන ලෙසය. එම ඉල්ලීම සියලුම දේශපාලන පක්ෂවලින් හා ප්‍රජාතන්ත්‍රවාදී අභිලාසයන්ගෙන් අනූන පොදු මහජනතාවගෙනි.

ඡන්දය සෙල්ලමක් බවට පත් කර නොගත යුතුය. අනික් අතට සාමකාමී සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්විය යුතුය. ඡන්දයට යට කළ මහ මුදල් කන්දරාව නාස්තියක් හෝ අපරාධයක් නොවන්නේ එමගින් පමණි. අපි ඒ දෙස අවධානයෙන් බලා සිටිමු.

 

(***)



අදහස් (0)

ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17591 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site