IMG-LOGO

උත්සව සමයේ ජනතා බලාපොරොත්තු ඉටුවේද?

මේ උදාවෙන්නේ වසන්ත සමයයි. වසර දෙකක් කොවිඩ් වසංගතය හේතුවෙන් වසන්ත සමය භීම සමයක් බවට පත්වී තිබිණි. ඊළඟ වසරේ වසන්තය අරගලය හමුවේ දියවී ගියේය. ඒ අර්ථයෙන් ගත්කල අපේ රටට වසන්තය උදාවන්නේ වසර 03කට පසුවය. දීර්ඝ විරාමයකට පසුව එන මෙවර වසන්ත සමය පිළිගැනීමට පොදු මහජනතාවට හැකියාවක් තිබේ ද?

අපේ රටේ වසන්ත සමයේ උපරිම තලය සටහන් වෙන්නේ උදාවන සිංහල සහ හින්දු අලු‍ත් අවුරුද්ද සමඟිනි. පාස්කු සහ රාමසාන් ආගමික උත්සව ද මේ කාලය තුළම යෙදී තිබේ. මේ සියලු‍ සංස්කෘති සහ ආගමික උත්සව සිතේ සතුටින් සැමරීමට නම් ජනතාව අතේ යහමින් මුදල් ගැවසිය යුතුය. අත්‍යාවශ්‍ය භාණ්ඩ පහසු මිලට හිඟයකින් තොරව මිලදී ගැනීමට හැකියාව තිබිය යුතුය. මේ මූලික කාරණා සපුරා ගැනීමකින් තොරව වසන්තයේ උණුසුම විඳ ගැනීමට හෝ උත්සව සමය ප්‍රීතියෙන් ගත කිරීමට හෝ ජනතාවට ඉඩ සැලසෙන්නේ නැත.

අලු‍ත් අවුරුදු සමය එළැඹෙද්දී වෙනදාට සක්‍රීය වෙන වෙළෙඳපොළේ අද පවතින තත්ත්වය පිළිබඳ විමසා බැලීමෙන් හැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීමට කිසියම් ඉඟියක් ලබාගත හැකිය. ඒ සමඟ මේ එළැඹෙන්නේ වසර 03කට පසුව එන අලු‍ත් අවුරුදු සමයක් බව මූලිකවම මතකයේ තබාගත යුතුය. එවැනි තත්ත්වයක් තිබියදීත් තවමත් රටේ ජනතාව අතේ මුදල් ගැවසෙන්නේ අඩුවෙනි. රටේ විවිධ ප්‍රදේශවලින් කොළඹ නගරයට පැමිණ ඒ ඒ ප්‍රදේශවල අලෙවිය සඳහා භාණ්ඩ රැගෙන යන වෙළෙඳුන් මෙවර එන්නේ අඩුවෙන් බවද වාර්තා වෙමින් තිබේ. මහරගම පමුණුව වෙළෙඳපොළ එම තත්ත්වය පෙන්වා දෙන උදාහරණයකි. පසුගිය දිනක අපගේ ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ ඡායාරූප විස්තරයක සඳහන්ව තිබුණේ මෙවර භාණ්ඩ මිලදී ගැනීමට පමුණුවට පැමිණෙන වෙළෙඳුන් සංඛ්‍යාව අඩකටත් වඩා අඩු බවය. එය හොඳ පෙර නිමිත්තක් නොවේ. දැන් එම තත්ත්වය වෙනස්ව ඇතැයි අපි සිතමු.

මෙසේ භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන වෙළෙඳුන් පෙන්වා දෙන්නේ රෙදිපිළි ඇතුළු අලු‍ත් අවුරුද්දට ජනතාව මිලදී ගන්නා භාණ්ඩ මිල ගණන් ඉතා අධික ලෙස ඉහළ ගොස් තිබෙන බවය. එසේම කොළඹට පැමිණ භාණ්ඩ රැගෙන ආපසු යාමට වැයවන මුදල ද ඉතා අධික බවය. මේ කාරණා බැලූ බැල්මට එතරම් වැදගත් යැයි නොපෙනෙන බව කෙනකුට කිව හැකිය. එහෙත් අලු‍ත් අවුරුද්ද සරුවීමට නම් ඉහළ යා යුතු භාණ්ඩ අලෙවියට එම තත්ත්වය ඍජුවම බලපාන බව සඳහන් කළ යුතුය. භාණ්ඩ අලෙවිය ඉහළ නොයන්නේ නම් අලු‍ත් අවුරුද්ද සරුවීමට ඉඩක් නැත.

කෙසේ වුවද සහල් මිල ගණන් සහ එළවළු මිල ගණන් අඩු මට්ටමක පැවතීම ජනතාවට යම් සහනයකි. කුකුළු මස් සහ ඇතැම් මාළු වර්ග ද මාස කිහිපයකට පෙර පැවති මිල ගණන්වලට සාපේක්ෂව පවතින්නේ අඩු මිලකි. එසේ වුවද බහුතරයක් ජනතාවගේ ආදායම් මාර්ග අඩුවීම ඔවුන්ගේ මිල දී ගැනීමේ ශක්තිය හීන කර දමා තිබේ. එසේම රෙදිපිළි ඇතුළු වෙනත් භාණ්ඩ මිල ගණන් ද පාසල් යන දූ දරුවන්ගේ පොත්පත් ඇතුළු උපකරණ ද සපත්තුද මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් තිබීම ද ජනතාවගේ වසන්තයේ සිහින බොඳකර දැමීමට හේතු වී තිබේ. එම ගැටලු‍වලට ද ඉක්මන් පිළිතුරක් නැත.

අයි.එම්.එෆ්. ණය සහනය අනුමත වී එහි පළමු වාරිකය ලැබීම කිසියම් සහනයක් රටට අත්කර දී තිබුණ ද ඒ මාර්ගයේ රට යා යුත්තේ විවිධ දුෂ්කරතා සහ බාධා මධ්‍යයේ බව යථාර්ථයයි. ඒ සමඟ යම් පමණකට රුපියල ශක්තිමත් වීම ද වාසියකි. එහෙත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් පවසන්නේ ඩොලරයේ අගය ඉක්මනින් වෙනස් වීමේ තත්ත්වය තුළ ආනයනික භාණ්ඩ මිල ගණන් අඩුවීමක් දැන්ම බලාපොරොත්තු විය නොහැකි බවය. එය පාරිභෝගිකයාගේ පැත්තෙන් අවාසියකි.

වසර 03කට පසුව වසන්තය උදාවන්නේ රට ආර්ථික අර්බුදයකට මුහුණ දී බංකොලොත් වී සිටින තත්ත්වයක් තුළ වීම මේ සියලු‍ ගැටලු‍වලට හේතුවය. රට තවදුරටත් බංකොලොත් නැති බව රජයේ ස්ථාවරය වී තිබේ. ඇඟට දැනෙනතුරු රටේ ජනතාව ඒ බව විශ්වාස කරන්නේ නැත. අඩුම තරමින් අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් අවශ්‍ය තරමට භාණ්ඩ මිල අඩුවන්නේ නම් එය ජනතාවට මහත් සහනයක් වනු ඇත.

(***)



අදහස් (0)

උත්සව සමයේ ජනතා බලාපොරොත්තු ඉටුවේද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 11763 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 287 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 207 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site