IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කළු සල්ලිකාරයන්ගේ තුවක්කුවට බිලි වූ ස්ලෝවැකියානු මාධ්‍යවේදියා

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 02

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ විමර්ශන සිදුවන මෙවැනි දේශපාලන මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ පසුගිය වසරේ පමණක් ලොව පුරා ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවයේ යෙදී 94 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බැවිණි. පසුගිය වසරේ පෙබරවාරි මස 18 වැනිදා වාර්තා වූ ස්ලෝවැකියානු පළමු මාධ්‍ය ඝාතනය ද එවැන්නකි. ඒ අනුව 27 හැවිරිදි ජැන් කුසියැක් සැලකෙන්නේ ස්ලෝවැකියානු ඉතිහාසයේ ඝාතනයට ලක් වූ පළමු ගවේශනාත්මක මාධ්‍යවේදියා ලෙසයි.  ඔහු මෙසේ ඝාතනය වන්නේ ද සිය බිරිඳ වූ 27 හැවිරිදි මාටිනා කුස්නිරෝවා සමගින්ම වීම විශේෂත්වයකි. ඊට හේතුව ද ස්ලෝවැකියානු දේශපාලඥයන්ගේ මහා බදු වංචා හෙළිදරව් කිරීමට ඔහු ගත් උත්සාහයන්ය. මෙවර සටහන තැබෙන්නේ ඔහු පිළිබඳවයි. 


1990 වසරේ මැයි මස 17 වැනිදා ස්ලෝවැකියාවේ බයිට්කා දිස්ත්‍රික්කයේ ස්ටියාව්නික් හිදී උපන් කුසියැක්, නීත්‍රාහි කොන්ස්ටන්ටින් ද පිලෝසොෆර් විශ්විද්‍යාලයෙන් ජනමාධ්‍යකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය මෙන්ම ජන සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධියක් පවා හිමි කර ගත්තෙකි. ඒ පිළිබඳ ආචාර්ය උපාධිය හදාරන සමයේ දී ඔහුට එම විශ්වවිද්‍යාලයේම ගුරුවරයකු ලෙස ද සේවය කිරීමට අවස්ථාව ලැබෙන්නේ මේ අනුවයි.


පසුව ්නඑම්කසඑහගින හි කර්තෘ මණ්ඩලයෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ කුසියැක්, :්‍යදිචදා්රිනැබදඩසබහ* පුවත්පතේ දී ප්‍රබල මාධ්‍යවේදියෙකු ලෙස හැසිරෙන්නේ සිය විෂය පථය බවට ධනපති පන්තියේ මහා පරිමාණ බදු වංචා අවධානයට ලක් කරමිනි. ඒ අනුව ගවේශනාත්මක මාධ්‍යවේදියෙකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කරන ඔහු, සිය සටන ආරම්භ කරන්නේම :ෘසරුජඑසදබ - ීදජස්ක ෘැපදජර්ජහ* පක්ෂයේ අක්‍රමිකතාවලට එරෙහිව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය බිහි කිරීමේ අදිටනිනි. 


එකල අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝට එරෙහිව සිය විමර්ශන කටයුතු මෙහෙය වූ කුසියැක්, ඊට පෙර ද යුරෝපානු සංගම් අරමුදලින් මුදල් වංචා කරන හිමිකරුවකු පිළිබඳ, නිශ්චිතව සඳහන් නොවන සමාගම් පිළිබඳව හෙළිදරව් කළේය. එහෙත් ඔහුට මරණ තර්ජන එල්ල වන්නට පටන් ගත්තේ පසුගිය වසරේ පෙබරවාරි මස 09 වැනිදා පළ කළ ආන්දෝලනාත්මක ලිපියත් සමගිනි. ඒ රාජ්‍ය බුද්ධි අංශයේ සහාය ඇතිව ව්‍යාපාරිකයකු වන මරියන් කොක්නර් විසින් :ඔඪ ඵ්රනස‘්* පෞද්ගලික රූපවාහිනි ජාලය තමාට නතු කර ගැනීමට උත්සාහ කළ බව පළමු වරට හෙළිදරව් කළේ කුසියැක් වීම හේතුවෙනි.


කුසැයික්ගේ සිය මිය යාමට පෙර ද කොක්නර්ගේ මහා පරිමාණ වැට් බදු වංචාවක් පිළිබඳ හෙළිදරව් කළ අතර කොක්නර් විසින් එම හෙළිදරව් කිරීම නවත්වා ගැනීමට අති සුඛෝපභෝගී නිවසක් ලබා දීමට ද උත්සාහ කළේය. එම උත්සාහය ද ව්‍යර්ථ වූ පසුවයි කුසියැක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල කිරීම ආරම්භ කළේ.  2017 වසරේ සැප්තැම්බර් මස ඔහු ඒ පිළිබඳ පොලිසියට ද පැමිණිලි කළ නමුදු දින 44ක් ගත වන තුරු කිසිදු පොලිස් නිලධාරියෙකු එම පැමිණිල්ල විභාග කිරීමට පවා ඉදිරිපත් නොවිණ. එහෙත් ඔවුන් ඔවුන් දෙදෙනා ඝාතනය වූ පසුව එම සිදුවීම විමර්ශනය කිරීමට පොලිසිය කුසියැක්ගේ නිවසට පැමිණියේය. මේ අනුව සිය පපුව පෙදෙසට වෙඩි පහර දෙකක් එල්ල වීමෙන් කුසියැක් මියගොස් ඇති බවත්, ඔහුගේ බිරිඳ මිය ගොස් ඇත්තේ හිසට වෙඩි වැදීමෙන් බවත් අනාවරණය විය. 

 


එම වසරේ සැප්තැම්බර් මස පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ද කුසියැක් ජීවත් වූ වෙල්කා මැකා නම් ප්‍රදේශයේ දී සිදුවූ මෙම ඝාතනයට හේතුව ඔහුගේ ගවේශනාත්මක මාධ්‍යකරණය බවයි. මේ සම්බන්ධයෙන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තිදෙනෙකු මෙම ඝාතනයට වගකිව යුතු බව තහවුරු කර ගත්තේ එලෙසිනි. එහි ප්‍රධාන සැකකරු බවට පත්වූයේ කොක්නර්ය.


ස්ලෝවැකියානු රජය දෙදරා යාමට පවා බලපෑ මෙම ඝාතන සිද්ධියට විරෝධය පළ කරමින් ස්ලෝවැකියානු ජනතාව එකල මහා පරිමාණ විරෝධතා රැළි සංවිධානය කළ අතර එහි පළමු පා ගමන පසුගිය වසරේ මාර්තු 16 වැනිදා ස්ලෝවැකියාවේ අගනගරය වූ බ්‍රැටිස්ලාවා හිදී ආරම්භ විය. ලොව නගර 17ක ගුරුවරු, කලාකරුවන්, වෘත්තිකයන්, පාසල් සංවිධාන, විශ්විද්‍යාල සිසුන්, දේශන අවලංගු කළ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, රාජ්‍ය නොවන සංවිධාන ආදී 60,000කට අධික ජන ගඟක් සහභාගි වූ මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ ඉන් දින දෙකකට පසුව අගමැති ෆිකෝට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවීමයි. 


එබැවින් 1989 වසරේ දී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිදුකළ වෙල්වට් අරගලයෙන් අනතුරුව ස්ලෝවැකියාවේ ඉරණම වෙනස් කිරීමට බලපෑ පළමු හැරවුම් ලක්ෂ්‍යය ලෙස ද මෙම ඝාතනය සැලකේ.

 

 


මාලන් විදානපතිරණ
ඡායාරූප : අන්තර්ජාලයෙනි

 



අදහස් (0)

කළු සල්ලිකාරයන්ගේ තුවක්කුවට බිලි වූ ස්ලෝවැකියානු මාධ්‍යවේදියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 656 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site